රාජ්‍යෝපාය තනි බැල්මකින්

නව සම්මුතීන් පිහිටුවමින්

නිකුතුව 04, 2019

නව සම්මුතීන් පිහිටුවමින්

Vinayak Surya Swami |කර්තෘ

නිකුතුව 04, 2019


..

ඒසියාන් ඉන්දීය අමාත්‍යාංශ හමුවේ කැපීපෙනෙන අවස්ථා

තායිලන්තයේ විදෙස් ඇමති දොන් ප්‍රමුද්විනායි සමඟ ඉන්දියාවේ විදෙස් කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශන්කර් විසින් ඒසියාන් ඉන්දීය අමාත්‍යාංශ හමුවේ උප සභාපතීත්වය දරන ලදී. PoA (ක්‍රියාකාරී සැලැස්ම), හමුව අතරතුර, 2016 – 2020 සඳහා ක්‍රියාකාරී සැලසුම්) ක්‍රියාත්මක කිරීම අවධානයට ලක් වුණුු අතර, නව වසර වන විට නව ක්‍රියාකාරී සැලසුමක් සාදා අවසන් කළ යුතුය.

ඉන්දුපැසිෆික් කලාපය පිළිබඳ ඉන්දියාවේ දෘෂ්ටිකෝණය සහ ඒසියාන් අතර එක්රැස් වීම ඇතුළත් කරමින්, කලාපීය සහ ගෝලීය ගැටළු ද සාකච්ඡා කෙරිණි. තවද, ඉන්දියානු මියන්මාර තායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ග සහ කලාදාන් බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිය ඔස්සේ ඒසියාන් සාමාජික රටවල් සහ ඉන්දියාව අතර සබඳතාව පුළුල් කිරීමට මෙම හමුව මං පාදන ලදී.

බ්‍රික්ස් අමාත්‍යාංශ හමු

නිව්යෝක් නුවර සැප්තැම්බර් 26වන දින පවත්වන ලද 74 වන උන්ගා සැසියේ උන්ගා74 අතුරු කටයුත්තක් ලෙස පැවති බ්‍රික්ස් අමාත්‍යාංශ හමුවට ඉන්දියාවේ විදෙස් කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශන්කර් සහභාගී වූයේය. 2020 දී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් හමුව සඳහා සභාපති ධූරය හෙබවීමට සිටින රුසියානු සම්මේලනය විසින් තම ධාරිතාවෙන් රැස්වීමේ සභාපති ධූරය උසුලන ලදී. අවස්ථාවට සුභ පතන ලද අමාත්‍යවරුන් එක්සත් ජාතීන් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය යළි තහවුරු කළ අතර, බ්‍රික්ස් ආයතනයේ නියමයන් ක්‍රියාත්මක කරමින්, එය වඩාත් සඵලදායී සහ කාර්යක්ෂම කිරීම සඳහා තිරසාර ප්‍රයත්නයන් සිදු කිරීමට එකඟ වූහ.

සැප්තැම්බර් 26 වන දින, උන්ගා සමුළුවේ අතුරු කටයුත්තක් ලෙස, බ්‍රික්ස් විදෙස් ඇමතිවරුන්ගේ හමුවේ සිටින ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශන්කර්

උන්ගා74 හිදී නිකුත් කරන ලද නියෝග තුළ අභ්‍යන්තර බ්‍රික්ස් ක්‍රියාකාරකම් මත මෙන්ම, දේශපාලනික, ආර්ථික, මූල්‍ය සහ තිරසාර සංවර්ධන අවස්ථා කෙරෙහි ක්‍රියා කිරීමට ද අමාත්‍යවරු එකඟ වූහ.

අගෝස්තු 29 වන දින, පෝලන්තයේ වාසොව් හි අගමැති මාටියුස් මොරාවිස්කි සමඟ කතාබස් කරන ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශන්කර්

ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍යවරයා, සැප්තැම්බර් 25වන දින නිව්යෝක් හි පැවති උන්ගා සමුළුවේ අතුරු කටයුත්තක් ලෙස, ඉතාලියේ විදෙස් ඇමති ලුයිගි ඩි මායෝ හමුවෙයි

ඉන්දියානු විදෙස් කටයුතු අමාත්‍යවරයා උන්ගා හිදී, කසකස්තාන් විදෙස් ඇමති, මුක්තාර් තිලියුබර්ඩි සමඟ

සැප්තැම්බර් 6 වන දින, සිංගප්පූරුවේ පැවති HT නායකත්ව සමුළුවේ දී, තම දේශනය සිදු කරන ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍ය එස්. ජයිශන්කර්;

සැප්තැම්බර් 23 වන දින, නිව්යෝක් නුවර පැවති 74 වන උන්ගා සැසියෙහි අතුරු කටයුත්තක් ලෙස, කෝට් ඩි අයිවෝර්හි විදෙස් කටයුතු අමාත්‍ය, මාසෙල් ආමොන්ටැනෝ හමුවන විදෙස් කටයුතු අමාත්‍යවරයා;

සැප්තැම්බර් 03 වන දින, මාලේහි දී, මාලදිවයින් විදෙස් ඇමති, අබ්දුල්ලා ශාහිඩ් හමුවන ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍ය, ආචාර්ය ජයිශන්කර්

අගෝස්තු 01 වන දින, තායිලන්තයේ බැංකොක් නුවර දී, එරට විදෙස් කටයුතු ඇමති, ඩොන් ප්‍රමුද්විනායි හමුවන ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යවරයා

Vinayak Surya Swami

විනයාක් සූරිය ස්වාමි දිල්ලියේ වෙසෙන මාධ්‍යවේදියෙකි. ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ඉන්දීය නාවික හමුදාවේ ආධුනික නැව් තැනුම්කරුවෙකු ලෙස සේවය කර ඇත. නව යොවුන් වියේ සිටම අර්ධකාලීන ලේඛකයෙකු වූ ඔහු ලිවීම හා සංචාරය කිරීම සඳහා වූ දක්ෂතාවය ලුහුබැඳීම සඳහා පුවත්පත් කලාවට යොමු විය.
error: Content is protected !!