ඉන්දියාවේ ඉදිරිදර්ශනය
ඉන්දියාව විසින් එරටෙහි 72 වන ජනරජ දිනය ජාතින ධජය දිග හරිමින් සහ නව දිල්ලියෙහි අද්විතීය රාජ්පාත් අසල සංකේතාත්මක ගරුගම්භීර පෙළපාලිය පැවැත් වීම සමඟින් සමරන ලදී. මෙම වර්ෂයෙහි සැමරුම් “ප්‍රථමයන්” පෙළක් සමඟ වඩාත් විශේෂ අයුරින් සිදු කෙරිණි. ඉන්දියාවේ ප්‍රථම කාන්තා ප්‍රහාරක ගුවන් නියමුවරියගේ සහ අන්දමන් සහ නිකොබාර් දූපත්වල සේවයේ යොදවා ඇති පිරිස් සමග සිට රාෆාල් ප්‍රහාරක ජෙට් යානාවල පියාසර කිරීමක් ද, ලඬාක් හි අලුතින් ස්ථාපනය කරන ලද දේශයේ යූනියන් ටෙරිටරි (සමූහ දේශසීමාවේ) චිත්රාභිනයක් ද දක්වා මෙය විශේෂාංග ගතව තිබිණි.
ඉන්දියාවේ දෘෂ්ටිකෝණයන්ගේ මෙම සංස්කරණය තුළ, 2021 මාර්තු 26 වන දිනට අසල්වැසි දේශය එහි 50 වන නිදහස් දිනය සැමරීමට සූදානම් වීමත් සමඟ, බංග්ලාදේශය සමඟ ඉන්දියාවට තිබෙන ඓතිහාසික සබඳතාව පිළිබඳ අපි ගැඹුරින් සොයා බලමු. 2020 දෙසැම්බර් මස පැවති මාර්ගගත හමුවක් අතරතුර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා සහ සිය බංග්ලාදේශ සඟයා වන ශෙයික් හසීනා වඩා ගැඹුරු සබඳතාවක දැක්ම අනුගමනය කිරීමට ඔවුන්ගේ කැපවීම සහ දේශ සීමා ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වෙනත් මං මාවත් මෙන්ම, දේශයන් ද්විත්ත්වය අතර බහු – විධ සබඳතාවක් උදෙසා පහසුකම් සැලසීම යළි යළිත් අවධාරණය කළහ. වසරක් දිගු ‘ස්වර්ණමය විජයග්‍රහණය’ නම් අනුස්මරණ අවස්ථාවක් ලෙස සමරනු ලබන, 1971 වර්ෂයේ දී ඉන්දියාව පාකිස්තානයට එරෙහිව පැවති යුද්ධයෙන් ලබා ගත් ජයග්‍රහණය ද මෙම වර්ෂය සනිටුහන් කරයි.
අගමැති මෝඩි මැතිතුමාගේ නායකත්වය යටතේ, දේශගුණික විපර්යාසයට එරෙහිව ඉන්දියාව විසින් “ලොවට දයාද කරන ලද ත්‍යාගයක්” යැයි අගමැතිතුමන් විසින් ආචාර කරන ලද ජාත්‍යන්තර සූර්ය බල මිත්රසම්මුතියෙහි සාර්ථකත්වය විසින් සහය දක්වන ලද කරුණක් ලෙස,ඉන්දියාව ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළ කරළියෙහි කේන්ද්‍රස්ථානය හිමි කර ගෙන ඇත. ෆොසිල ඉන්ධන මත අන්තරාදායක ලෙස යැපීම අවම කිරීමේ මෙම ගිවිසුම් පදනම් කොට ගත් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවලින් සාමාජිකත්වයට ආරාධනා කරනු ලැබීමෙන් සර්වව්යාප්තීකරණය දක්වා ගමන් කොට ඇත. විශේෂයෙන්ම වසංගතය හමුවේ සංවිධානය විසින් සෞඛ්‍යාරක්ෂණ අංශය තුළ සූර්යබල ශක්තිය යෙදවීමට කැප වූ කර්තව්‍යයක් වන, අයිඑස්ඒ කෙයාර්ස් පිහිටුවා ඇත්තේ කෙසේද යන්න සමඟ, අයිඑස්ඒ හි අදාළත්වය ඉහළ යාම සම්බන්ධව අපි ගැඹුරින් සොයා බලමු.
ශැන්හයි සහයෝගීතා සංවිධාන ප්‍රාන්ත ප්‍රධානීන්ගේ සභා සමුළුවේ දී කලාපීය සාමය, ආරක්ෂාව සහ සශ්‍රීකත්වය කෙරෙහි දේශයේ ස්ථීරසාර විශ්වාසය අගමැති මෝඩි මැතිතුමා විසින් පුන පුනා ප්‍රකාශ කිරීම දෙස ද අපි අවධානය යොමු කරමු. අගමැති මෝඩි මැතිතුමා වැදගත් සාකච්ඡා සභාවෙහි ඔහුගේ දේශනයේ දී, ගෝලීය වසංගතයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පත් වෙමින් සිටින ලෝකයට ප්‍රතිසංස්කෘත බහුපාර්ශ්විකත්වයකින් සංග්‍රහ කිරීමට තිබෙන අවශ්‍යතාව අවධාරණය කළේය.
2024 වර්ෂය වන විට සෑම ග්‍රාමීය නිවාසයකට ම කාර්යාත්මක ගෘහස්ත ජල කරාම සබඳතාවක් සැපයීම අරමුණු කර ගත්, අපේක්ෂා සහගත ජාල් ජීවන් මෙහෙවර නම් වූ රජයේ ප්‍රධාන වැඩසටහන්වලින් එකක් තවදුරටත් අපි ප්‍රදර්ශනය කරන්නෙමු. තවද අවධාරිතයෙහි තිබෙන කර්තව්‍යයක් වන, මෑතක දී ලබා ගත් තවත් ජයග්‍රහණයක් වන්නේ, හිමාලයෙහි පිහිටි ලොව දිගුම සහ උසින් ඉහළම පිහිටන උමං මාර්ගය වන, අතල් උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමයි. හිමාචල් ප්‍රදේශ්හි දේශ සීමාමය ප්‍රාන්තයක් වන ලහාවුල් – ස්පිටි නිම්නය තුළට දිවෙන දර්ශනීය මනාලි නගරය යා කරමින් ඉදි කරන ලද මෙම ඉංජිනේරු ප්‍රාතිහාර්යයෙහි උපක්රමික වැදගත්කම අපි විශ්ලේෂණය කර බලමු.
ඉන්දියාව විසින් ලොව පුරා වෙසෙන ජනයා දිරිමත් කරනු ලබන්නේ කෙසේද යන්නට ජීවමාන නිදසුනක් තුළ, මහත්මා ගාන්ධිතුමන්ගේ නිදහස් අරගලයේ සංකේතය වන කාදි ව්‍යාප්ත කරන මෙක්සිකෝවේ දේශීය සපෝටෙක් ප්‍රජාව පිළිබඳ වැඩිදුරටත් දැන ගන්න. උතුරු ඇමරිකානු රාජ්‍යයේ ව්‍යාපාරය පිටුපස සිටින මිනිසා වන, මාර්ක් බ්‍රවුන් මහත්මා ගාන්ධිතුමන්ගේ ස්වයං – විශ්වාසය හා සබැඳි දර්ශනයන් සමඟ ඔහු සිදු කළ පරීක්ෂණ විස්තර කරයි. එමෙන්ම, පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන අංශයෙහි, විශේෂයෙන්ම බෙංගාලි චිත්‍රපට සහ වේදිකා විෂයෙහි ඉන්දීය සිනමාව නම් වූ නිර්මාණය තුළ නොමැකිය හැකි හිස්බවක් තබා ගිය, පුරාවෘත්තයක් බඳු රංගන ශිල්පී සෞමිත්‍රා චැටර්ජිගේ හදිසි අභාවය හේතුවෙන් අපි ඔහුට අපගේ ප්‍රණාමය පුද කර සිටින්නෙමු.
අනුරාග්ශ්රිවස්තාවා