අමාත්‍යාංශය කතා කරයි

පෙරවදන

නිකුතුව 02, 2020

පෙරවදන

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 02, 2020


-

ලෝකය වටා මිලියන ගණනක් මිනිසුන් එක් අතකින් ආසාදිතව පසුවන විට, වෙනත් අතකින් නව කොරෝනා වෛරසයේ නැත්නම් කෝවිද් නයින්ටීන් රෝගයේ ව්‍යාප්තිය සමගින් ඉන්දියාවද නොසිතූ ලෙසකින් මේ අවස්ථාව පාලනය කිරීමට නන් අයුරින් උත්සාහ කළ නමුදු මේ වසංගතයේ රුදුරු බව ඒත්තු ගත්තාය. මේ අභියෝගාත්මක සමයේ, පොදු සතුරාට විරුද්ධව ජාතියම එකාවන්ව නැගී සිටි අතර ස්ථාවර ඉදිරිපෙළ ශක්තිය පෙන්වා සිටියාය. මෙම අභියෝගය පරදවා නැගී සිටින්නට ප්‍රයත්න, අදහස් සහ නවෝත්පාදන ලෙසින් මුවවැසුම් පෙරදැරි කොටගත් ඉලක්කයක වටිනාකම දැක ඒවා අනුගමනය කරන්නට පෙරට පැමිණියාය.

මේ දරුණු වසංගතය හමුවේ ඊට මුහුණදීමට එකමුතුකම ඉදිරියට තබා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ඉතා සාර්ථකව සහ නොසිතන ලෙසක රාජ්‍ය තාන්ත්‍රික පෙළගැස්මක් දරා කටයුතු කළ ආකාරය පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු. පැතිකඩ ගණනාවකින් යුක්ත රටේ ගතික ව්‍යාපාර සහ පරිසර පද්ධති එකට ගෙන මේ අර්බුදයට විසඳුම් සොයනු පිණිස ක්‍රියාකළ ආකාරය දෙස ද අපි නෙත් දල්වා බලා සිටින්නෙමු.

ඉන්දියාව පොහොසත් උරුමය, සාම්ප්‍රදාය, සහ මුහුකුරා ගිය ඥානය කරා නැවත පැමිණෙමින් සිටින අතර, අපගේ ජීවිත පරාර්ථකාමී, විනයානුකූල, සහ සමමුහුර්තකරණයේ සාරය උකහා ගනු පිණිස ඉදිරියට පිය තබන්නෙමු. ඉන්දියානු කුළුරසකාරකවල පිරුණු සුවපත් කිරීමේ බලයෙන් ඇරඹෙන මේ කතාව යෝග භාවනා සතුව තිබෙන ප්‍රතිශක්තිය නංවාලීමේ හැකියාව කරාත් අළු සෛල වර්ධනය කරන අපගේ ජීවිත සාම්ප්‍රදායික ක්‍රීඩා කරා ගෙනයාම කරාත් අතීතයේ සිට අප නියාමනය කරමින් ගෙන එන කතාවත් අපි මෙම නිකුතුවේ විශේෂාංග අතරට එක් කරන සාකර්මික රටා කරාත් ගෙනයන ස්වභාවික ප්‍රතිකර්ම සහ සරල පුරුදු කරාත් පුංචි එසවුමක් කරන්නෙමු. සරල දිවිපැවැත්මක සුපිරි ලකුණු වන “ඔබම එය කරන්න”ප්‍රතිපත්තියේ මානසික, ආධ්‍යාත්මික, සහ ශාරීරික ශක්ති මාර්ගයෙන් ප්‍රවර්ධනය කෙරෙන තත්ත්වය කරා නිසි දේ කිරීමට ඉහළ මට්ටමකින් සාක්ෂාත් කරනු හැකි මූලික යෝග තාක්ෂණ ක්‍රියා කරන ආකාරය දෙසත් ඒ සඳහා කලින් පුරුදු වී සිටීම අවශ්‍ය නොවන බව පෙන්වාදීම සඳහාත්  මූලික යෝග තාක්ෂණ දෙස බලන්නෙමු. බුමුතුරුණු නිර්මාණය කිරීමේ දේශීය කලාව මූල්‍ය වශයෙන් ශක්තිමත් කලාකරුවන් බිහිකිරීම පමණක් නොව, නමුත් ඔවුනගේ ශිල්පය ගෝලීය සැලසුමක සිතියමක් දෙස ගෙන යන දීප්තිමත් රාජස්ථාන් ප්‍රාන්තයේ අනගි තැන් කරා අපි අපගේ මූල පද්ධති කොතැනක දිව ඇත්ද යන්න නැවත සොයාගැනීම පිණිස ගමනක් කරා ගෙන යන්නෙමු.

ශාක සහ සත්ව විශේෂ දහස් ගණනකට නිවහන වන, ඉන්දියාව තුළ ස්වභාවික පාරාදීසයකට අඩු කිසිවක් නැති තරම්ය. අපි හරිහැටි නොදන්නා ජාතික උද්‍යාන සහ සංරක්ෂිත අඩවි කරා පිවිසෙන විට ඇතිවන දිග සහ ගැඹුරු හුස්මක සේයාව දර්ශනය කරන බිම්කඩවල් කරා ඔබව රැගෙන යන්නෙමු.

මෙම නිකුතුව තුළ, අපි ඉන්දීය කාන්තාවට ද ආචාර කරමු. “බාහිරයට වීදුරු බිත්තියක හැඩය ‍පෙන්වන” නිවසක වැඩ කරන අතරතුර සාම්ප්‍රදායික භූමිකාවක අනලස් වන පරිපූර්ණ සමතුලිතාව නිර්මාණය කළේ ඇය බැවිනි. යතුරුපැදි ධාවක කාන්තාවන් හතර දෙනෙකු ගැන වික්‍රමාන්විත කතාව මෙහි දැකිය හැකි තවත් අංගයකි. ජාතීන්ගේ හදවත දිනා ගනිමින් අළුතින් විවෘත කළ ත්‍රෛපාර්ශ්වික අධිවේග මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට මියන්මාරය හරහා තායිලන්තය දක්වාත්, පැදගිය අපූර්වත්වය කියවීමට පුළුවන. ඉන්දියානු සංස්කෘතිය ප්‍රාන්ත දේශසීමා හරහා යන විට කතුවරියක් ද මානව විද්‍යාඥවරියක් ද වන සුධා මූර්ති විසින් ඉදිරියට ගෙන යන ඇය ඉන්දීය දේශසීමා සංස්කෘතික සීමා අතික්‍රාන්ත කරන අයුරු සහ සිතින් පසුබා නමුත් ඉදිරිපෙළට ගෙන ආ හැකි සංචාරකයාගේ බලය කුමක්ද යන්න පහදා දෙයි.

මේ නිකුතුවේ දී, අපි ජනප්‍රිය පෞරුෂයන් කීප දෙනෙකුට ආචාරය පිරිනමන අළුත් කොටසක් හඳුන්වා දී ඇතුළත් කර ඇත්තෙමු. ඔවුන්ගේ මානව දර්ශනයේ අදහස් සහ මහන්සි වී වැඩ කිරීම, සලකුණක් තබා ඇති හැටි ඔබට විවර කරන්නෙමු. අපි මහාස්වේතා දේවී නම් නමක් දැරූ කතුවරියක් ද සමාජ ක්‍රියාකාරිණියක් ද වන බටහිර බෙංගාලයේ කත ගැන කියා ආරම්භ කරමු, ඉන්දියාව පුරාවට විසිර ඇති විවිධ ගෝත්‍ර ජනයාගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් කිරීමට ප්‍රයත්න දැරුවාය. ඉන්දියාව ඇය හඳුනා ගත්තේ ඒ අයුරිණි.

අනුරාග් ශ්‍රීවාත්සවා

error: Content is protected !!