අමාත්‍යාංශය කතා කරයි

පෙරවදන

නිකුතුව 01, 2020

පෙරවදන

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 01, 2020


ලෝකය නව දශකයක් තුළ කොඳුරද්දී, ඉන්දියාවේ ගෝලීය ප්‍රතිරූපය පසුබිමෙහි ක්‍රමික විපර්යාසයක් සමග ඉදිරියට ඇදෙන්නේ වඩාත් විසඳුමක්, මේරූ ගුණයක් සහ ප්‍රථම කොට රාජ්‍යතාන්ත්‍රික ඉදිරිපෙළක් පිළිබඳ අදහස් ප්‍රමුඛ කොට තබා ගනිමිනි. ඉන්දියාව විශාල පරිමාණයේ ප්‍රගතියක් ...

ලෝකය නව දශකයක් තුළ කොඳුරද්දී, ඉන්දියාවේ ගෝලීය ප්‍රතිරූපය පසුබිමෙහි ක්‍රමික විපර්යාසයක් සමග ඉදිරියට ඇදෙන්නේ වඩාත් විසඳුමක්, මේරූ ගුණයක් සහ ප්‍රථම කොට රාජ්‍යතාන්ත්‍රික ඉදිරිපෙළක් පිළිබඳ අදහස් ප්‍රමුඛ කොට තබා ගනිමිනි. ඉන්දියාව විශාල පරිමාණයේ ප්‍රගතියක් අත්කර ගන්නා ලද්දේ — සිය ජනතාවට ප්‍රතිලාභී වන සේ රාජ්‍ය පාලනය විද්‍යුත් තලයට ගෙන එමින්, එක්සත් ජනපද ඩොලර් ට්රිලියන පහක් දහයක් දෙසට ආර්ථිකයක් විතැන් කරමින් හෝ පුරවැසියන් හැමදෙනාටම සනීපාරක්ෂාව තහවුරු කරමිනි. නමුත් වසර ගණනාවක් ඔස්සේ, අපගේ සාම්ප්‍රදායයක්, සහ සංස්කෘතික සහ සෞන්දර්යාත්මක උරුමය අද පවා, අදාළව සහ අපගේ ජීවන විලාසය පාලනය කරමින් පැවතීගෙන එයි.

දිගු දුර පවා ඉතා කෙටි කරවමින් ඩිජිටල් පියවර වැඩියෙන් ගන්නා ලෝකයක, – වාසුධයිවා කුටුම්බකම් (ලෝකය එකම පවුලකි) – යන සංස්කෘත වාක්‍යාංශය, ඉන්දියාවේ බහුපාර්ශ්වීය රාජ්‍යතාන්ත්‍රික මූලාරම්භක පියවර සඳහා නිර්වචනීය සාධකයක් වේ. අප රයිසිනා සංවාදය දෙස බලන්නේ, ගෝලීය පාලන ගෘහනිර්මාණයකින් නිර්වචනය කිරීමේදී, කොටස්කරුවෙකු වීමට සූදානම් දේශයක් වශයෙන්, ඉන්දියාව ගෝලීය ප්‍රජාව මුහුණදෙන වඩාත්ම අභියෝගාත්මක ප්‍රශ්න සහ ඉන්දියාවට ස්ථාවර සහ උපයෝගී ආකල්පයක් සඳහා වන ව්‍යාපෘතියකට උපකාරී වන්නේ කෙසේදැයි යන්න ආමන්ත්‍රණය කිරීමට නවෝත්පාදනීය මූලාරම්භයක් ලෙස නැගී ආ බහුපාර්ශ්වික සම්මේලනයක් පිළිබඳ ආකල්පය දරා ගනිමිනි.

රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගවල නිරතවීම් කෙරෙහි කාර්යබහුල කාලසටහනක් ආරම්භ කරමින්, ඉන්දියාව සිය 71වන ජනරජ දින උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස බ්‍රසීල ජනාධිපති ජෙයා බොල්සනාරෝ මැතිතුමාට සත්කාර උපහාර දැක්වීමක් සිදු කෙරිණි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද නවදිල්ලියට පැමිණි අතර අග්‍රාමාත්‍යවරයා ලෙස සිය මුල්ම එතෙර සංචාරයට අනුගාමීව, අනෙක් අතට වියට්නාම් උපජනාධිපති ඩැන්ග් තී න්ගොක් තින් මැතිතුමා සහ පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රිබෙලෝ ඩි සෝසා මැතිතුමා ද නවදිල්ලියට පැමිණියහ. ඇත්ත වශයෙන්ම, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගේ ඉන්දියානු සංචාරය, ගුජරාත්හි අහමදාබාද් නුවර සංවිධානය කෙරුණු අතර “නමස්තේ ට්‍රම්ප්” ඉසව්වට සමගාමීව සිදුවුණු උණුසුම් පිළිගැනීම අතිශයින්ම ඵලදායක විය. නවදිල්ලියේ පැවති දීර්ඝ ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයා ඉන්දියාවට අනන්‍ය ස්මාරකයක් වන අග්‍රාහි ටාජ්මහල් මන්දිරය නැරඹීමට ද ගියේය.

අපගේ හැම ප්‍රතිපත්තියකටත් වැඩියෙන් තිරසාර සංවර්ධනය සහ දේශගුණ විපර්යාස ඉදිරියට පැමිණෙමින් තිබේ, ස්වභාවික සහ තිරසාර උටොප්පියානු සමාජයක දෛනික කටයුතු සාර්ථකව ඉටුවනු පිණිස, පළමු පියවරෙන්ම පුදුචෙරිහි ‍ඖරෝවිල් කරා සංචාරය කරමු. ඉන් අනතුරුව අපි ඉන්දියානු නගර ඔස්සේ ජල සංරක්ෂණය සඳහා නිසි අනුග්‍රහය දක්වනු වස් ඉදිකර ඇති අතිශය පෞරාණික පියගැට පෙළ සහිත ළිං නැරඹීමට යන්නෙමු.

සංක්‍රාන්තියට අපගේ වඩාත්ම සුජීවත් සාම්ප්‍රදායයන් අතරින් කිහිපයක් මීට සම්බන්ධව සිටිනු ඉන්දියාව බොහෝ පෙර දුටු සෙයකි. නිදර්ශනයක් ලෙස, අච්චු මුද්‍රණ තාක්ෂණ සරුවට කෙරෙන රාජස්ථාන් ප්‍රාන්තයේ සංගානර් සහ බාග්රු පෙදෙස් දුෂ්කර තාර් කාන්තාරයේ භූවිද්‍යාත්මක තත්ත්වවලට අනුකූලව සැලසුම් කර ඇත. රාජස්ථානයේ පිහිටන අතරේ, අපි මංගනියාර් ප්‍රජාව කරා ද පිවිසියෙමු, හෙණහඬට සමාන වූ පූර්ව උපකරණ හඬවමින් දෙවියන් සතුටු කරවීම පිළිබඳව හඳුනාගෙන ඇත. අපි ඉන් අනතුරුව, ඉන්දියාවේ විකල්ප සංගීත ක්‍රම ආදි ජන සාම්ප්‍රදායයන් වෙතින් අනුග්‍රහය ලබන ආකාරය සහ ඒවා පරිචයේ යොදවනු ලැබූ ආකාරය පරිසරය තුළින් නිර්වචනය කෙරෙන ආකාරය තේරුම් ගැනීමට, රට පුරා ගමන් කළෙමු.

අපි ඉන්පසුව, හින්දි සිනමාවේ, ප්‍රධාන ධාරාව ක්‍රීඩා ඡායාරූප කෙසේවන්නේද යන්න දෙස ඇස හැර බැලූවෙමු, අප දුටු දේ නම්, තමන්ට පමණක් නොව නමුත් මුළු රටටම ආඩම්බරයක් සහ ගෞරවයක් ගෙනෙන අත්කර ගැනීම් ක්‍රීඩා විරුවන්ගේ ප්‍රධාන විමසුම් ධාරාව ක්‍රීඩා ඡායාරූපකරණය මගින්ම සටහන් කරන්නේය යන්නයි. අවසාන වශයෙන්, ජනවාරි 30 වෙනිදාට වැටෙන මාටිර්ගේ දිනයේදී, අපි මහාත්මා ගාන්ධිජීගේ ජීවිතය සහ කාලය මතකයට නගා ගන්නා අතර අධික වේගයෙන් වෙනස්වන ගෝලීය දසුන සමග ඔහුගේ ඉගැන්වීම්වල අදාළත්වය කුමක්ද යන්න තේරුම් ගන්නෙමු.

රවීශ් කුමාර්

error: Content is protected !!