අමාත්‍යාංශය කතා කරයි

ඉන්දියාවේ ඉදිරිදර්ශනය

නිකුතුව 03, 2021

ඉන්දියාවේ ඉදිරිදර්ශනය

ඉන්දියාවේ ඉදිරිදර්ශනය |කර්තෘ

නිකුතුව 03, 2021


.

ඉන්දියාව සිය 75 වන නිදහස් සමරුවට (2022 අගෝස්තු 15) සූදානම් වෙද්දී, ඉන්දීය රජය සති 75ක විශාල සැමරුම් මාලාවක් පැවැත්වීමට ලෑස්ති වෙයි, “අසාධි කා අම්රිත් මහෝත්සව්“ සමරුව නිදහස් අරගලයේ යෝධයන් හට ගෞරවය පුද කිරීමට සහ දේශය වඩාත් ශක්තිමත් සහ සමෘද්ධිමත් කිරීම සඳහා අනුග්‍රහය ලබාදුන් විරුවන්ගේ ගුණ සිහිපත් කිරීමට “ආත්මනිර්භාර් භාරත්“ (ඉන්දියාවේ ස්වයං විශ්වාසය) ව්‍යාපාරය මගින් බල ගන්වනු ලැබීමෙන්  පෙරට ඇදෙයි. ඉන්දියා දර්ශන මෙම නිකුතුවෙහි අපි අසාධි කා අම්රිත් මහෝත්සව් සැමරුම් මාලාවේ තේමාව සහ විවිධ පරමාර්ථ දෙස බලන්නෙමු.

වසංගත කාලයේ ඉන්දියාවේ තිරසාර ගෝලීය සහයෝගිතාව ඉලක්ක කරමින්, අපි ඉන්දියා – යුරෝපීය සංගම් සමුළුවෙන් ලද හැකි මූලික අත්කර ගැනීම් දෙසට නෙත් යොමා සොයා බලන්නෙමු. යුරෝපීය සංගමය ඉන්දියාව සමග සත්කාරකත්වය සපයන EU+27  ආකෘතිය ඒ ආකාරයේ පළමු උත්සාහය ලෙස ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ අවිශද නිමේෂයක් ලෙස සලකුණු වී ගිය ඇසිල්ලක අතථ්‍ය සමුළුව පැවැත්විණි. රැස්වීමේ දී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා සියලු සාමාජික රටවල් 27 හි නායකයන් සමග අන්තර්ක්‍රියා කෙරෙහි යොමු     විය, ඒ අතර යුරෝපීය සංගමයේ සහ යුරෝපීය කොමිසමෙහි සභාපතිවරු ද සිටියහ.

අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා 2021 මැයි මාසයේ පැවති අතථ්‍ය සමුළුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් මැතිතුමා හමුවිය, ද්වීපාර්ශ්වික සම්බන්ධතා වෙනුවෙන් ඓතිහාසික මාර්ගයකට පිළිපන්නෝය. අගමැතිවරුන් දෙදෙන විද්‍යාව, අධ්‍යාපනය, පර්යේෂණ සහ නවෝත්පාදනය යන සතරාකාර හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා හවුල් කැපවීම නැවත නැවත පිරික්සා බැලූහ. මෙම හමුවෙහි කැපීපෙනුනු එක් අංගයක් වන්නේ කේම්බ්‍රීජ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍ර සෙනෙකා සහ ඉන්දියානු මස්තු ආයතනය එක්ව, “එක්සත් රාජධානියේ දී සංවර්ධනය කළ“ “ඉන්දියාවෙහි නිපදවන ලද“ සහ “ගෝලීයව බෙදාහරින ලද“ කෝවිඩ් – 19 එන්නත සාර්ථකවූ සහයෝගිතාවක ප්‍රතිඵලයක් ලෙස උපුටා දැක්විණි.

2020 දී, කෝවිඩ් – 19 වසංගතය පැතිරීයාම පටන් ගත් අවධියේ සිට, අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා ජාතිය අමතන අවස්ථාවක “ඛාදා“, ශාක ඖෂධ සහ කුළුබඩු යොදා සකස් කරන ප්‍රතිශක්තිය නැවත ගෙනෙන ආයූර්වේද පානයක් පරිභෝජනය කිරීම දිරිමත් කරන ලදී.  ආයූර්වේදය යන්නෙහි තේරුම “ජීවිතයේ විද්‍යාව“ යන්නයි. එහි සුවදිවියේ පෞරාණික පද්ධතියක ප්‍රතිලාභ ගවේෂණය කර මෙම පැරණි පරිචය ඉදිරියට ගෙන යාමට කටයුතු කළෙමු.

අග්‍රාමාත්‍ය මෝඩි මැතිතුමා සිය මාසික “මාන් කී බාත්“රේඩියෝ ඇමතුමේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ ලකුණු 10000 සීමාවට ළඟා වූ පළමු ඉන්දියානු කාන්තාව වන මිතාලි රාජ් වෙත සුබපැතුම් එක් කළේය. අපි ඇයගේ සාර්ථකත්වය සමරන අතර මෑතකදී පැවැත්වුණු ලෝක පිරිමි සහ කාන්තා බොක්සිං ශූරතා තරඟාවලියේ දී රන් පදක්කම් හතක් දිනාදුන් ඉන්දියානු කෙල්ලන්ට ද මෙහි ඉඩක් වෙන් කරමු.  මීමැසි පාලනය තවත් එක් අගමැතිවරයාගේ අවධානය දිනා ගත් අංශයක් වෙමින් ගුවන් විදුලි ජාතිය ඇමතීමෙහි දී අසන්නට හැකිවිය. අපි මීමැසි පාලනයේ වානිජ ශක්‍යතාව ගවේෂණය කරන අතර රජයෙන් ලැබිය යුතු දිරිමත් කිරීම ලබාදෙමින් ඉන්දියානු ගොවියන්ගේ ආදායම් ඉපැයීමට තවත් අතිරේක ප්‍රභවයක් බවට ක්‍රමිකව පත්වෙමින් තිබෙන අයුරු දකිමු.

අපේ සේයා රූ අංශයෙහි විශේෂාංගය, ඔබට අන්තර්ජාතික යෝග දිනය – 2021 (ජුනි 21 දා පැවතිණි) ලෝකය පුරා සැමරුණු ආකාරය ගෙන හැර දක්වන්නෙමු. එමෙන්ම, අපි මෝසම් වැසි සමයේ ඉන්දියාව පුරා විසිරී ඇති දියඇලි සම්පතෙහි අලංකාරය හඹා යන්නෙමු.

මෙම නිකුතුවේ චරිතාපදාන කොටසේ දී, අපි ආචාර්ය වික්‍රම් සරභායි – ඉන්දියානු අභ්‍යවකාශ වැඩ සටහනෙහි පියා ගැන මතකයක් සටහන් කරන්නෙමු. අපි ඔහුට ගෞරවය පුද කරන්නේ, ඔහුගේ කිසිවකට සමාන්තර නොවන දායකත්වය වෙනුවෙනි. එතුමා, රටේ විද්‍යා අධ්‍යාපනය ප්‍රචාරණයේ දී, මෙන්ම රටේ විවිධ ආයතන සහ විද්‍යා කේන්ද්‍ර ගණනාවක් ස්ථාපනය කොට ඇත. ඊට ඉන්දියාවේ පළමු රොකට් දියත්කාරක ස්ථානය වන තුම්බා සමක රොකට් දියත්කාරක ස්ථානය (TERLS) ද, ඇතුළත් වේ. ඉන්දීය සම්භාව්‍ය මලල ක්‍රීඩා තරුවක් වන වාර හතරකදී ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් හිමිකර ගත් මිල්කා සිං ගැන සටහනක් තබන අතර ඇයගේ අකල් වියෝව රටේ ක්‍රීඩා ප්‍රජාවට පිරිමැසිය නොහැකි පාඩුවක් වේ. අපි, එමෙන්ම, මෑතකදී වියෝ වූ ඉන්දීය සිනමාවේ සම්මානනීය චරිතයක් වන දිලිප් කුමාර් ගැන විස්තරයක් සපයන්නෙමු. දාදාසහේබ් ඵල්කේ සම්මානය දිනූ මේ ඉන්දීය නළුවා මතු පරම්පරාවලට විශාල අනුග්‍රහයක් වනු ඇත.

error: Content is protected !!