ආම්දවාද් හි රස ගංගාව
ඉන්දියාවේ ප්‍රථම යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම නගරය සහ ගුජරාට් ප්‍රාන්තය, සංචාරකයන් සඳහා දිව්‍ය ලෝකයකි. එහි උත්කර්ෂවත් නටඹුන්, විචිත්‍රවත් වෙළෙඳපොළවල් සහ පාරිසරික සූපශාස්ත්‍ර දර්ශනය සමඟ, ඉන් අමතක නොවන අත්දැකීමක් ගෙන එයි
දුරක සිට ගලා බසින සබර්මති ගඟ කැලතෙන ශබ්දය මට ඇසේ. මා හට ඉහළින්, වැසි වැටීමේ පොරොන්දුව සමඟ හමා යන මද නල ඔස්සේ, ඉහළ අත්තක පක්ෂීන් දෙදෙනෙකු ගී ගයයි. අහමදාබාද්හි සබර්මති ආශ්‍රමයේ සාමකාමී හරිත පැහැ බිමේ සිටගෙන සිටින මා, කිසිදාක මෙලෙස ශාන්තියක නිමග්න වී නොමැත. මෙහිදී මා නගරයේ අමිහිරි හඬ හෝ මගේ මුළු තැන්ගෙයෙහි මා හැඳී වැඩී අනුගතව සිටින නොඉවසිලිමත් ක්‍රියාකාරකම් පිරී පවතින වාතයකින් වට නොවී සිටියි. ඒ වෙනුවට, මම මහත්මා ගාන්ධිතුමන්ගේ ජීවිතය, කාලය සහ දර්ශනයන් ගොනු කොට ඇති කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ ඔස්සේ ඇවිද යමි. ඔහුගේ නිහතමානී වාසස්ථානය මෙහි නිර්මල ලෙස සංරක්ෂණය කොට ඇති අතර, ඔහු විශ්වාස කළ පරමාදර්ශවලින් බිඳක් මා හට මින් ලබා දෙයි. ගංඟාවේ දකුණු ශාඛාවට වන්නට පිහිටා ඇති ආශ්‍රමයේ හෝරා කිහිපයක් ගත කිරීම පහසු කටයුත්තකි. 1917 සිට 1930 දක්වා, ඉන්දියාවේ නිදහස සඳහා සිදු කළ සටන අතරතුර දී, මෙම ආශ්‍රමය ගාන්ධිතුමන්ගේ මූලස්ථානය ලෙස සේවය සැපයුවේය. මා සංචාරය කළ සබර්මතී ආශ්‍රමය, අහමදාබාද් හෝ දේශීය වශයෙන් අම්දාවාද් ලෙස හැඳින්වෙන ප්‍රථම සන්ධිස්ථානවලින් එකක් වේ. මා ඉන් පිටත් වන විට දිවා ආහාරයට ද කාලය එළඹී තිබුණි. ඉන්දියාවේ තිබෙන නගර, ඒවායේ ආහාරවලින් හඳුනා ගත හැකිය. ඉට්ලි, තෝසෙ සහ ආප්ප මඟින් දකුණු ඉන්දියාව ද, පිරවූ පරාටා, මතාර් පානීර් සහ චෝලි කුල්චි මඟින් උතුරු ඉන්දියාව ද ලෙස හඳුනා ගත හැකිය. ඔබට මෙම සියලු ගාස්තුවලින් හොඳම ආහාරවල රස බැලීමට රටේ ඕනෑම ප්‍රදේශයකින් හැකි වන අතර, අහමදාබාද් යනු මේ සියල්ලක්ම සහ තවත් බොහෝ දෑ ප්‍රණීත සහ හොඳම අයුරින් රස විඳිය හැකි එක් නගරයකි. මුඛයෙහි දිය වෙන ඩොක්ලාස්වල සිට රස නහර පිනා යන ගුජරාටි කාදි, සිරප් වැනි ජලේබිස් දක්වා, රුචිකත්වයන් සඳහා මා පොර බඳිමි.

පිටල් (පිත්තල) බඳුන්වල තබා පිළිගන්වන ලද සාම්ප්‍රදායික සහ පරිපූර්ණ ගුජරාටි තාලියක් සඳහා මම සූදානම් වූවෙමි. ආහාර පිළිගැන්වීමට ප්‍රථම දෑත් සෝදා ගැනිම සඳහා මා හට කුඩා පාත්‍රයක් පිළි ගැන්වූ අතර, ඊට ජලය වක් කිරීමට ලෝහමය කලයක් ද ලබා දුන්නේය. එය අතීතයේ සිට පැමිණෙන චාරිත්‍රයකි. කෙමෙන්, කෙමෙන් මගේ දීසිය අච්චාරු එකතුවක් සහ දානියා (කොත්තමල්ලි), පුන්දිනා (මින්ට්) චට්නි සහ ගරාජ් මිරාච් අච්චාර් (කැරට් සහ මිරිස් අච්චාරුව) වැනි දේශීය තෝරා ගත හැකි වට්ටෝරුවලින් පිරෙන්නට විණි. ඒවා දීසිය මත තබන ලද ශාක පත්‍රයක් මතට පිළිගැන්වේ. එම ශාක පත්‍රය එලනු ලබන්නේ අච්චාරුවේ තිබෙන කට්ට (ඇඹුල්) ස්වභාවය බඳුනේ ඇති පිත්තල ලෝහය සමඟ ප්‍රතික්‍රියා කිරීම වැළැක්වීමට බව වේටර්වරයා විස්තර කරයි. ඉන්පසු, ප්‍රධාන ආහාර වෑංජන ලෙස රින්ගානා බටාටා නු ශාක් (අල සමඟ පිසින ලද වම්බොටු), චොරා නු ශාක් ( සුවඳවත් කළු පැහැති බෝංචි හොදි), ගුජරාටි කට්ටි මිති ඩාල් (පැණි රසැති සහ ඇඹුල් රසැති පරිප්පු සුප්), උන්ඩියු (නිවිති තලපයක් සමඟ සකසන ලද මිශ්‍ර එළවළු), බින්දි සම්බාරියා (බණ්ඩක්කා වෑංජනය), ගුජරාටි කාදි (යෝගට් සහ කඩල පිටි සමඟ සකසන ලද පැණි රසැති සිහින් වෑංජනය), බත් සහ කිච්ඩි (ප්‍රධාන වශයෙන් බත් සහ සුණු සහල් අඩංගු වන ඉන්දියානු දීසියකි) සමඟ බජ්රි ලෙස පාන් වර්ග කිහිපයක එකතුවක් සහ මකයි නො රොට්ලො (බජ්රා මෙනේරි සහ ඉරිඟු පිටිවලින් සාදන ලද රොටි හෝ පැතලි ලාන්) සහ පුරාන් පොලි (පැණි රසැති පාන්) පිළි ගැන්වේ. මා විසින් ආහාරයට ගන්නා සෑම කටක්ම භුක්ති විඳින ලද අතර, ඒ අතරින් පතර සැම විටම නිවැරදිව ගුජරාටි තාලියක් ආහාරයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ සූප ශාස්ත්‍රමය උපදෙස් මට ලැබුණි. නිදසුනක් ලෙස, හල්වා පාත්‍රය ආහාරය සමඟ ගත යුතු අතර, අතුරුපස ලෙස නොගත යුතුය! විවිධ වෙනස්කම්වලින් යුත් මිශ්‍රණ සහ රසයන් සමඟ, එය මාගේ කුතුහලය විවිධ මට්ටම්වලට ඔසවා තැබුවේය.

කුසගින්න සපිරුණි. මම අඩලාජ් වැව් වෙත ගියෙමි. භා පියගැටපෙළ පාන්වලින් අතුරා තිබෙනු හැටි නගර මධ්‍යයේ සිට ආසන්න වශයෙන් කි.මී 18ක් දුරින්, අඩලාජ් නම් සුන්දර ගමෙහි පිහිටි මෙම සුවිසල් 15 වන සියවසට අයත් පස් මහල් අෂ්ටාස්‍ර වැව් (පියගැට පෙළ) මගේ හුස්ම මදකට නැවතුවේය. මෙම වැව් එක ඉදිකර ඇත්තේ සංස්කෘතික හා උපයෝගීතා අවකාශයක් ලෙස පමණක් නොව, එහි බිත්තිවල කැටයම් කරන ලද දේවතාවන්ගේ රූපවලට යාච්ඤා කරමින්, දිනපතා පැමිණෙන ගැමියන් හට අධ්‍යාත්මික රැකවරණයක් ලෙසත් සේවය කිරිමක් වශයෙනි. එමෙන්ම එය ඇතුළතින් ද මනරම්ය. වටපිටාවේ කිසිදු භක්තිකයෙකු මා නොදකින නමුත්, දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් බොහොමයක් මා හට මුණ ගැසුණි. ඉන්දු–ඉස්ලාමීය බලපෑම් ගැන පුරසාරම් දොඩවන එහි සංකීර්ණ ගෘහ නිර්මාණ ශිල්පය ගැන මා මවිතයට පත් වී ඇති අතර, හින්දු හා ජෛන සංකේතවාදයට බාධාවකින් තොරව සම්මිශ්‍රණය වන සංකීර්ණ ඉස්ලාමීය පුෂ්ප රටා වල සුසංයෝගී නාට්‍යය පුළුල් දෘෂ්ටි කෝණයෙන් නිරීක්ෂණය කරමි. සිටියෙමි. මම මේ නගරයට ආයුබෝවන් කීමට පෙර, ආකර්ශෂණීය ස්ථානයෙන් මට හැකි පමණ දෑ රැගෙන, නැවත නගරය කරා යන්නෙමි.
සවස් වරුවේ තේ සහ සුලු ආහාර ඉල්ලා සිටි විට අහමදාබාද්හි සිටින ඔබට වාෂ්ප චයායිවල සුගන්ධය (කිරි වලින් සාදන ලද පැණිරස තේ), දල් පැකෝරා තෙලින් බදින වීදි වෙළෙන්දන් (පරිප්පු තලපවලින් සාදන ලද ෆ්‍රිටර්ස්) සහ තවත් රස නහර පිනා යන සංග්‍රහයන්ගෙන් ඇරයුම් ලැබේ. මම නගරයේ විශේෂතා හේතුවෙන් එය තෝරා ගනිමි – චයි, මස්කා බන් (බටර් ඔඩල්ස් සමග බදින ලද සිනිඳු බනිස්) සහ ඩල්වාඩා (පරිප්පු පේස්ට් ෆ්‍රයිටර්). මා වැන්නවුන්, මා වැනි ගුජරාටි ආහාර සඳහා ගිජු පුද්ගලයන්ගේ රස නහරවලට සංග්‍රහ කළ යුත්තේ කෙසේද යන්න අහමදාබාද් හොඳින් දනිමි. ඇත්ත වශයෙන්ම, මම මෙම ආහාර කලාවට කොතරම් ඇලුම් කරනවාද යත්, පුළුස්සන ලද කැරට්, අච්චාරු දමන ලද ගෝවා මල් සහ මිරිස් ඩිප් කළ ටෝෆු අයෝලි භාවිතා කරමින් මම වීගන් කක්රාවල (සාම්ප්‍රදායික ගුජරාටි ක්‍රැකර් වැනි තිරිඟු පිටි සහ තෙල් වලින් සාදන ලද සුලු කෑමක්) මගේම වර්ගයේ නිර්මාණයක් සිදු කළෙමි., මගේ වැඩ සමඟ හුරුපුරුදු ඕනෑම අයෙකු, හතු සහ පානීර් (වටකුරු චීස්) වැනි අමුද්‍රව්‍ය අභිබවා යන ශාකමය ආහාර පිළියෙල කිරීමට ඇලුම් කරන බව දනී.මා ඔහුවලින් ඉදුරු කොට ඇති ආහාර දේශීය ආහාරවලට කිසියම් වෙනසක් සිදු කොට, ඒවා මගේම

කර ගැනීමට මම කැමැත්තෙමි. කෙසේවෙතත්, ගුජරාටි ආහාර පැණිරස, ලුණු හා කුළුබඩු රසයන්ගෙන් පරිපූර්ණ සමතුලිත සංයෝගයක් බව නැවත නැවතත් අදහස් කරන ඩොක්ලා, හෑන්ඩ්වෝ, බටර්, ෆෆ්ඩා, සෙව් උසාල්, ඩෙබ්රා, තෙප්ලා, මොහාන් තල් වැනි ප්‍රමුඛ ගුජරාටි ප්‍රණීත ආහාර මම රස විඳිමි.

සාප්පු සවාරියක් නොගොස් අහමදාබාද් වෙත සංචාරයක් සිදු කිරීම අසම්පූර්ණ වන අතර, පුරාණ ගැට ගැසීමේ සහ සායම් කිරීමේ ශිල්පීය ක්‍රම උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද විශ්මයජනක බණ්ඩානි රෙදිපිළි කිහිපයක් මිල දී නොගෙන සිටීමට මට නොහැකි විය. එය මෙම ප්‍රාන්තයට ආවේණික වන බව සහ දියුණු ඉන්දියානු රෙදිපිළි කර්මාන්තයේ සුවිශේෂී ස්ථානයක් මෙයට හිමි වන බව අමුතුවෙන් කිව යුතු නැත. එහි දර්ශන, ශබ්ද සහ සුවඳ සැලකිල්ලට ගනිමින්, මට නගරය වටා සැරිසැරීමට අවශ්‍ය තරමටම, මගේ වික්‍රමය එම ක්‍රියාකාරකම්වලින් කෙටි වේ. නමුත් මම මගේ ආපසු පැමිණීම පිළිබඳ මනසින් සටහනක් ඇති කරන තුරු මම පිටත් නොවෙමි.