සංස්කෘතිය සහ ජීවන විලාසය

ඉන්දීය කතන්දර පුරාණයේ ප්‍රතිරාව

නිකුතුව 06, 2020

ඉන්දීය කතන්දර පුරාණයේ ප්‍රතිරාව

නලිනි රාමචන්ද්‍රන් |කර්තෘ

නිකුතුව 06, 2020


ඉන්දියාවේ කතාන්දර සාම්ප්‍රදා එරටෙහි සංස්කෘතිය සේම නානාප්‍රකාර වේ. නලිනි රාමචන්ද්‍රන් විසින් අධික සමාජීය අදාළතාවක් පමණක් නොව, එනමුත් දේශයේ උරුමය කල් පවත්වා ගැනීමේ ක්‍රමවේද ලෙස මෙන්ම, ඒවා ඊළඟ පරම්පරාවට බාර කරනු පිණිස, ඉන්දියාවේ සාම්ප්‍රදායික කතා පැවසීමේ ක්‍රමවේද කිහිපයක් ගවේෂණය කරන්නීය

තනාජි (තන්හාජි) මලුසාරේ නම් මරාතා හමුදාවේ යුධ සේනාපතිවරයා හට චාත්‍රපති ශිවාජිගේ පාලන සමයේ දී කොන්දානා බලකොටුව ආපසු ජයග්‍රහණය කර ගැනීමේ කර්තව්‍ය පැවරී තිබුණි. සටනක ප්‍රතිඵලයේ පූර්ව සංඥාවක් ලබා ගැනීම සඳහා සේනාපතිවරයා විසින් භාවිත කරන ලද, යෙශ්වාන් නමැති සුරතල් නියාමකයෙකු වන කටුස්සේකුගේ නළලත ජාතිහිංගුල්‍ය පිළිබඳ ඔහුට දැනුණි. යෙශ්වන්ත්ගේ පාදයේ සිට ඔහුගේ නළල දක්වා ස්පර්ශ කිරීමෙන් අනතුරුව, ඔහු උරගයාගේ කවන්ධය වටා ලණුවක් ගැට ගැසුවේය. තන්හාජි මෙය සලකුණක් ලෙස වටහා ගත් අතර, “මම බලකොටු 27ක් දිනා තිබෙනවා! එක වරකදී හෝ නියාමක කටුස්සා ආපසු හැරිලා නැහැ! එනමුත් මම සැබෑ මරාතාවෙක්, එබැවින් මා මරණයට බිය නැහැ!” යැයි පැවසුවේය. එලෙස පවසමින්, තහන්ජි ප්‍රාකාර තරණය කිරීම අඛණ්ඩව කරගෙන ගියේයමෙම කථාංගය නිල වාර්තාවල සඳහන් වී ඇති හෝ සඳහන් වී නොමැති වන්නට පුළුවන් වුවත්, මෙය සියවස් ගණනාවක් පැරණි, ශිවාජි රාජ්‍ය පාලන සමය අතරතුර දියුණු වූ,මරාති ජන කාව්‍ය පරිදි කවි කතාවක ස්වරූපයක් ගත් පෝවාඩා හි සඳහන් වේපෝවාඩා යනු ඓතිහාසික සිද්ධීන් සහ පෞරුෂයන් මතකයට නංවන, එමෙන්ම ඉතිහාසකරුවන් මෙන් ක්‍රියා කරන, ඉන්දීය කතා කීමේ ක්‍රමවේද කිහිපය අතරින් එකකි. එනමුත්, ඔවුන් ඉදිරිපත් කරනුයේ වඩා අඩුතර වශයෙන් දන්නා විස්තරය. එබැවින්, එම ඉතිහාසය ඉස්මතු කරමින් සිදු කෙරෙන කතා කීම වැනි දෑ නානාප්‍රකාර වේ.

හින්දු දෙවියෙකු වන හනුමාන දෙවියන් වහන්සේ ලෙස හැඳ පැළඳගත් බහුරුපිය නම් කලා ශිල්පියෙකු

දැනුම ගබඩාව

භාෂාවට අමතරව, විද්‍යාත්මක සංකල්ප වුවත්, ජීවත් වීමේ ක්‍රමයන් වුවත්, කතා කීම මඟින් සම්ප්‍රදායික දැනුම ඉදිරියට රැගෙනවිත් තිබේ. තමිල්නාඩුවෙන් මතු වන කෝලම් (පූජනීය බිම් මෝස්තරය) යන කලාශිල්පය ගණිතමය ගණනය කිරීම් සහ ජ්‍යාමිතික සංකල්පයන් මත පදනම් වේ. අරුණාචල් ප්‍රාදේශ්හි කෘෂිකාර්මික ජනගීත මඟින් ධාන්‍යවල මූලාරම්භය, ජූම් වගාකරණයෙහි ක්‍රියාවලිය (භූමිය පුළුස්සා දමා පළමුව එළි කොට, වගාවන් වර්ධනය කිරීමේ ක්‍රියාවලිය) පිළිබඳ කතා ආඛ්‍යානය කෙරේ.

හිමාචල් ප්‍රාදේශ්හි ප්‍රධාන අමාත්‍යවරයා වන වීර්බද්‍රා සින්ග් (දකුණු කෙළවර) විසින් 2016, ඔක්තෝබර් 18 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත චම්බා රූමාල් නිර්මාණයක් පිළිගන්වමින්

විශ්වාසයේ වාහනය

යුග ගණනාවක් පුරාවට, කතා කීම ජනයා හට බෙදා ගත් විශ්වාස සහ ආගමික ඉගැන්වීම් පිළිබඳ ඉගෙන ගැනීමට උපකාරී වී තිබේ. මූර්ති කලාව සහ විහාරස්ථානවල නිර්මිත කැටයම්, දේවස්ථානවල ජනෙල් වීදුරු මත කොට ඇති සිතුවම් මෙන්ම, දෑතින් කරන ලද ජෛන සිතුවම් ඊට නිදසුන් කිහිපයකිනිදසුනක් ලෙස, තන්ගා කලාව දෙස බලන්න. ඉන් ලඬාක්, හිමාචල් ප්‍රාදේශ්, සිකිම් සහ අරුණාචල් ප්‍රාදේශ් යන ප්‍රාන්තයන් තුළ ප්‍රකට ටිබෙට් ජාතික බෞද්ධ පිළිවෙතක් වන අතර, ශාක්‍යමුණි බුදුරදුන් සහ පද්මසම්භාව, මාර්ප, මිලාරේප සහ වෙනත් ගුරු පඬිවරයන්ගේ ජීවිතවලින් කතා මෙන්ම ඉගැන්වීම් සිතුවම්කරණය සහ ඇප්ලික් නම් ඇලවුම් ක්‍රමයකින් සිදු කරන නිර්මාණ ඔස්සේ පිළිබිඹු කෙරේ.

සමාජ අදාළත්වය

හුදෙක් ආගමික විශ්වාසයන් පමණක් නොව, එනමුත්, කතාන්දර මඟින් ද සමාජීය වශයෙන් අදාළ පණිවුඩ බෙදා දීමට උපකාර කෙරේ. රාජස්තානයේ බහුරුපියාස් (බෙහෙරුපියාස්) දේවකතාගත කවි සංකල්පනාත්මක, ඓතිහාසික සහ දෛනික චරිතවල පෞරුෂයන් ගෙන, මෙම අරමුණ උදෙසා ඒවා රඟ දැක්වීම සහ හාස්‍ය රසය මීට භාවිත කරයිකතා කීමේ සම්ප්‍රදායයන්, ජනසන්නිවේදනය උදෙසා විශිෂ්ට උපකරණයක් වන සේ ම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය සහ පාරිසරික සංරක්ෂණය වැනි විවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ අවධානය ඉහළ නැංවීමේ සඵලදායී මඟක් ද වේ.  ප්‍රජාවන්ගේ අනන්‍යතාව, විශේෂයෙන්ම කතා පවසන්නන්ගේ අනන්‍යතාව ඔවුන් අනුගමනය කරනා කතා පැවසීමේ සම්ප්‍රදායයන්ගෙන් පැමිණෙන අතර, එය පෙරළා ඔවුන්ගේ ප්‍රාථමික රැකියාව සමඟ සමීප වශයෙන් සම්බන්ධ වේ. මෙම කරුණ තෙලඟනාවේ චෙරියාල් නම් වූ ලේඛ්‍ය සිතුවමෙන් සංක්ෂිප්තව දක්වයි. සේයා රෝපකට සමාන වූ ආඛ්‍යාන ආකෘතිකයක සිතුවම් කරන ලද, චෙරියාල් ලේඛ්‍ය සිතුවම් මඟින් ඉන්දීය දේවකථා සාහිත්‍යය, පුරාණ සහ හින්දු වීර කාව්‍යවලින් පැමිණෙන කතා වස්තු නිරූපණය කෙරේ. චෙරියාල් ලේඛ්‍ය සිතුවම්කරණය උදෙසා 2007 වර්ෂයේ දී භූගෝලීය දර්ශකය හිමි වුණි.

(ඉහළ වමේ සිට දක්ෂිණාවර්තව): තමිල් නාඩුවෙන් පැමිණෙන ඉන්දීය සාම්ප්‍රදායික කෝලම් අපරිමිතතාව පිළිබඳ හින්දු සංකල්ප නිරූපණය කිරීමක් යැයි විශ්වාස කෙරේ. (හින්දු සර්ව දේව ගණයෙහි දේව කතා, ඔඩිෂාහි රගුරජපූර් ගම්මානයෙන් පැවත එන කතා කීමේ සම්ප්‍රදායක් වන පට්ටචිත්‍රාහි සියුම් ලෙස නිරූපණය කෙරේ; කුම්මට්ටික්කලි නම් කේරළයේ වෙස් මුහුණු හැඳ පැළඳ සිදු කරන නර්තනය ශිව දෙවියන්ගේ භූතාස් (ආත්ම) නම් නර්තනය යැයි විශ්වාස කෙරේ; බෞද්ධ ජීවන චක්‍රය හෝ භවචක්‍රය නිරූපණය කරන උද්දීප්ත වූ තන්ග සිතුවමක්

සොබාදහමේ ආරක්ෂකයා

තෙයියම් යන කේරළයේ පූජනීය උපවනයක් තුළ සිදු කෙරෙන පූජාවිධිමය රැඟුම්පෑම ස්වභාවික වන්දනාමාන කිරීම සමඟ ගැඹුරින් මුල් බැසගෙන ඇත. තෙයියම් ස්වරූප 400ක් පමණ තිබෙන අතර, ඒ සෑම එකකදීම රඟ දක්වන්නන් ගසක හෝ වනයක ජීවය, කොටි හෝ උරග දෙවියෙකු නැතහොත් වෙනත් ප්‍රාදේශීය දේවත්වයක් විද්‍යමාන කරමින් පෙනී සිටියි. ඉන්දියාවේ ඉපැරණිතම කලා ස්වරූප අතරින් එකක් ලෙස සැලකෙන තෙයියම් රඟ දැක්වීම් මඟින් පැරණි ගෝත්‍රික දෙවියන් සහ වීරවරයන්ගේ කතා පැවසෙයි. බොහෝ සම්ප්‍රදායයන්හි පදනම සැකසෙනුයේ සොබාදහම මඟිනි. පරිසරය සංරක්ෂණය කිරීම මඟින් මෙම පොහොසත් දේශීය සම්ප්‍රදායද  විශාල ප්‍රමාණයකට නොකඩවා පවත්වා ගෙන යාම තහවුරු කෙරෙනුයේ එබැවිනි.

මඟපෙන්වන ආලෝකය

මෙම සියලු ක්‍රමවේදයන් මඟින් මිනිසුන් අතීතයට සම්බන්ධ කිරීම පමණක් නොව, අනාගතයට ද අපට මඟ පෙන්වා දීම සිදු කෙරේ. ලේඛන ස්වරූපයෙන් හමු නොවන, ඉන්දීය ඉතිහාසයේ බොහෝ පැතිකඩයන් ඒවා මඟින් ජීවයට ගෙන එයි.  කෙසේවෙතත්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක් මෙම සාම්ප්‍රදාය කල් පවත්වා ගැනීම උදෙසා ක්‍රියා කරමින් සිටී. එසේම, දැන් අගමැතිවරයාගේ දිරි ගැන්වීමත් සමඟ, අනාගතයේ දී පැමිණෙන්නට සිටින පරම්පරා උදෙසාද දේශයේ උරුමය ඉදිරියට රැගෙන යාමටත්, විනෝදාස්වාදය සැපයීම සහ අධ්‍යාපනය ලබා දීමත්, කතා කීම මඟින් අපේක්ෂා සහගත ලෙස නොකඩවා සිදු කෙරෙනු ඇතආත්මයක් තිබෙනුයේ කොතැනද, එහි කතා පුවතක් ඇත. ඉන්දියාවේ ශක්තිමත් කතා කීමේ සම්ප්‍රදාය පැවතී ඇත.  හිතෝපදේශ සහ පංචතන්ත්‍ර සාම්ප්‍රදායක් පැවති දේශයක පුරවැසියන් වීම පිළිබඳ අපි ආඩම්බර වන්නෙමු. මෙම කතාවන් තුළ, නුවණෙහි වදන් පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු පිණිස සත්ත්වයන්ගේ සහ පක්ෂීන්ගේ මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කෙරිණි. අප සියලුදෙනාම අපගේ දේශයේ කතා කීමේ කලාව ශක්තිමත් කිරීමට සියලු ප්‍රයත්නයන් දරමු.

නලිනි රාමචන්ද්‍රන්

නලිනි රාමචන්ද්‍රන් යනු ඇගේ නමට ග්‍රන්ථ හතරක් තිබෙනා කතුවරියකි. විශේෂයෙන්ම කතා කීමේ කලාව වැනි ඉන්දීය සම්ප්‍රදායයන් කෙරෙහි ඈ දැඩි උනන්දුවක් දක්වන්නීය. ඇය සංස්කෘතිය සහ ජීවන රටාව පිළිබඳ සංස්කාරකවරයාගේ ධාරිතාවෙන් විවිධ මාධ්‍ය ආයතනවල සහ සඟරාවල සේවය කොට ඇත
error: Content is protected !!