නර්තනය

යුගයුග ඔස්සේ නර්තනය

නිකුතුව 05, 2019

යුගයුග ඔස්සේ නර්තනය

Vinayak Surya Swami |කර්තෘ

නිකුතුව 05, 2019


මැලේසියානු සුප්‍රකට නර්තනවේදී රම්ලි ඊබ්‍රාහීම් හට නර්තනය යනු ක්‍රමයෙන් වෙනස් වන ක්‍රියාවලියකි. බැලේ නර්තන වැනි සමකාලීන නර්තන ස්වරූපවලින් පුහුණු වීම, සම්මානලාභී පද්මා ශ්‍රීගේ සම්භාව්‍ය ඉන්දියානු ස්වරූපවල සමකාලීන පෙරළීම්වලින් සම්ප්‍රදායන්හි නූතනත්වයට කදිම නිදසුන් සපයයි

සම්ප්‍රදායන් අදාළ අනුවර්තනයන් සහ වැඩි දියුණු කිරීම් ඔස්සේ හැදෑරීමට, පුහුණු වීමට සහ අනාගතය සඳහා රැක ගැනීමට ක්‍රියා කළ යුතුය. විශේෂයෙන්ම ඉන්දියාවේ, අවශ්‍යතාව පැන නැඟුණු විට අවධානය යොමු කළ හැකි සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර සහ කලා ස්වරූප ස්ථර ගණනාවක් ඇත. ලොව පුරා වෙසෙන වෘත්තිමය නර්තන ශිල්පීන් සහ චින්තකයන් ඉන්දියානු සාම්ප්‍රදායික ශිල්පක්‍රමවලින් දිරිමත් වී ඒවා පුරුදු පුහුණු කිරීමට යොමු වීමට මෙය හේතුවක් වන්නට ඇත. ගෝලීය වේදිකා තලයේ දී, ඉන්දියාවේ සංස්කෘතික වත්පොහොසත්කම, කාලයත් සමඟ පමණක් වර්ධනය වී ඇති කලාත්මක උරුමයක් සහ සදාකල් නිතැතින් වෙනස් වන සුලු සම්ප්‍රදායන් සමඟ නිරන්තරයෙන් සහසම්බන්ධ වී ඇත.

එවැනි එක් කලාශිල්පියෙකු වන්නේ, පුරාණ ඉන්දියානු පාඨ ඇසුරින් රංගධරයන් සහ සංගීතඥයන් මිත්‍යා කතාවක් ඉදිරිපත් කරන, රංග කලා ප්‍රභේදයක් වන ඔඩිසි සඳහා 2018 වර්ෂයේ දී තම දායකත්වය ලබා දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද ධාතුක් රම්ලි ඊබ්‍රාහීම් යන මැලේසියානු ජාතික රංගධරයාය. වර්තමානයේ සාර්වභෞමික ප්‍රේක්ෂක ජනතාවගේ සිත් ගන්නා පරිදි නිෂ්පාදන සමඟ පරීක්ෂණ සිදු කරමින්, සමකාලීන සංවේදීතා එකිනෙකට එක් කරමින්, පසුගිය දශක තුන පුරාවට කැප වී ක්‍රියා කළ ඔඩිසි රංගධරයෙකු සහ නර්තන රචකයෙකු වන ඊබ්‍රාහීම් විසින් නර්තන ස්වරූපයේ සීමාවන් පුළුල් කොට ඇත. එමෙන්ම, බැලේ නර්තන සඳහා ද පුහුණුව ලත් ශිල්පියෙකු වන ඊබ්‍රාහීම්ගේ සමකාලීන ගවේෂණයන් හේතුවෙන් ඔඩිසි වර්තමානයේ ගෝලීය වේදිකාවට ද වඩාත් සුදුසු රංග කලාවක් බවට පත් වීමට දායක වී ඇත.

ආදි කාලයේ නූතනවාදීහු

රුක්මණී දේවි භරත නාට්‍යයෙහි ඇය දක්වන ලද දස්කම්වලට විවිධ වෙනස්කම් සිදු කරමින්, සංගීත සහායනය, ගීත තෝරා ගැනීම, ඇඳුම් පැළඳුම් සහ වේදිකා රංගනයට ඇය විශේෂ අවධානයක් යොමු කළාය.
ම්‍රිනාලිනී සරාභායිසුප්‍රකට ඉන්දීය සම්භාව්‍ය නර්තන ශිල්පිනියක සහ ප්‍රථම සමකාලීන නර්තන රචකවරුන්ගෙන් එක් අයෙකු වන, සරාභායි සම්භාව්‍ය නර්තන ස්වරූප සමඟ සිදු කළ පරීක්ෂණ සඳහා පතළ ය. ඇය භරන නාට්‍ය, මෝහිනාට්ටම්, කුච්චිපුඩි සහ කතකළී නර්තනයන් සඳහා පුහුණුලත් කාන්තාවකි.
කුමුදිනී ලකියා ඇගේ නර්තන රචනා ක්‍රියාකාරකම් විසින් සාම්ප්‍රදායික ශිල්පී ක්‍රම මෙන්ම, නූතන තේමාවන්හි සංකලනයක් ළඟා කර ගැනීමට යත්න දරන ලදී.

“නර්තනය සමඟ මගේ ගමන ආරම්භ වුණේ බැලේ නැටුම් ශිෂ්‍යයෙකු ලෙසයි. මම මේ චලනයේ බලය සොයා ගන්නා විට, මම ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු විද්‍යාව හදාරමිනු යි සිටියේ. ඉතිං මම මේක මගේ දෛවය ලෙස හඹා ගියා. මම සිඩ්නි නර්තන ඇකඩමියට සහභාගී වුණා. ඒ නමුත්, මම ආසියානු ශිෂ්ටාචාරය, ඔවුන්ගේ ඉතිහාසය සහ පුරාණ මිත්‍යා කතා සම්බන්ධයෙන් දැඩි වශයෙන් උනන්දු වුණා. මේ ඔස්සේ මම ඉන්දියාව සහ එහි සම්ප්‍රදායන් කෙරෙහි යොමු වුණා.”

මැලේසියාවේ සූත්‍රා නර්තන ඇකඩමියේ සිටින ඊබ්‍රාහීම් සහ ඔහුගේ ශිෂ්‍යයන්

කැපීපෙනෙන නර්තන ශිල්පියෙකු වන ආද්යාර් කේ ලක්ෂ්මන් යටතේ භරත නාට්‍යය හැදෑරීමට ගිය ඊබ්‍රාහීම්ගේ නිර්මාණශීලී දස්කම්, ඔහු දැවැන්ත බැලේ නර්තන කණ්ඩායමක කොටසක් ව සිටිය දී ඔහු ට පිළිබිඹු කිරීමට නොහැකි වූ ඒවා විය. බැලේ වගේම බටහිර නූතන නර්තනය පිළිබඳ දර්ශනය මා හට මඟපෙන් වූ, බලපෑම් ඇති කළ උපකාරී නර්තන ශිල්ප විය. ” මේ සියල්ල මගේ දිනෙන් දින වැඩෙන බටහිර සමකාලීන සහ සම්භාව්‍ය සංගීතය ඇඟයීම කෙරෙහි මෙන්ම, සමකාලීන ජීවමාන කලා ප්‍රකාශයන් ලෙස දර්ශනවාදය, මිත්‍යා හා රංග කලා ස්වරූපවලට මා යොමු වීමට සමගාමී ව සිදු වුණා.”එනමුත්, ඊබ්‍රාහීම් ඔහුගේ සෙවීම අඛණ්ඩව සිදු කළ අතර, අවසානයේ දී ඔඩිසි සඳහා ඔහුගේ ඇති මහත් ළැඳිකම ඔහු හඳුනා ගත්තේ ය. “ඉන්දියානු සම්භාව්‍ය නර්තන ස්වරූප හැදෑරීම සහ ඒවා ඉදිරිපත් කිරීම අභියෝගාත්මක කාර්යයක් බවත්, ඊට ජීවිතයේ දිගුකාලීන කැපවීමක් සිදු කළ යුතු බවත් මා දැන ගෙන සිටියා. මා ඉන්දීය පුරවැසියෙකුවත් නොවන බැවින්, මට තවත් වෙහෙස වී වැඩ කිරීමට සිදු වුණා.” යැයි ඊබ්‍රාහීම් තවදුරටත් පැවසුවේය.

මුම්බායි හි වොර්ලි පාසලේ දරුවන් සඳහා වැඩමුළුවක් පවත්වන ඊබ්‍රාහීම්.

ඔඩිසි ගුරු දෙබා ප්‍රසාද් දාස් නමැති ලෝකයට ඔඩිසි හඳුන්වා දීම සඳහා සමීපව කටයුතු කළ විශිටතමයකු අනුගමනය කිරීමට ඊබ්‍රාහීම් විසින් තෝරා ගන්නා ලදී. “අපි දැනගෙන හිටියේ නෑ ඉතිහාසය නිර්මාණය වෙමින් පවතින්නේ කියලා. අපි හුදෙක්ම කළේ අපි වැඩියෙන්ම ආශා කළ දේ. අපේ නියමිත දෛවය කරා අපිව රැගෙන යන අවස්ථා සමඟ අපි නිරත වෙමින් සිටියේ. මං අනුමාන කරන්නේ අපි හුදෙක්ම අපිට වැඩි ඕනෑකමින් කරන්න අවශ්‍ය වුණ දේ කරන ගමන් හිටියේ.” යැයි ඊබ්‍රාහීම් පැවසීය.

මම හැමවිටකම පාහේ, සමකාලීන කලා නියෝජනය අනාගතය සහ සමකාලීන බව සාධනය කරන කලාව ස්වභාවික ක්‍රියාවලියේ කොටසක් ලෙස පැමිණෙනු ඇතැයි, එය නර්තන ආකෘතියේ විකාසනයක් ලෙස ක්‍රියාවට නැගෙනු දකින බව මට හැඟෙයි.

රම්ලි ඊබ්‍රාහිම් කලා අධ්‍යක්ෂ, සූත්‍රා පදනම

බැලේ නර්තනය සම්බන්ධව ඔහුගේ පසුබිම, නව නිර්මාණශීලී කඩඉමක් කරා ඔහුගේ පෙරළීම් තුළ සාර්ථකත්වය කරා යාමට මැලේසියානු නෘත්‍ය ශිල්පියාට හැකියාව ලබා දුණි. “බොහෝ ‘සම්ප්‍රදායික’ කල‍ාශිල්පීහු සහ නර්තන ශිල්පීහු ඔවුන්ගේ පරිසරය සමඟ ඔවුන් එක විටම සමකාලිකයන් ලෙස සලකති. ඔවුන් තම වාතාවරණයට සමකාලීන නිර්මාණ බිහි කරන බව ඔවුහු විශ්වාස කරති. රුක්මිණි දේවි, ම්‍රිනාලිනී සරාභායි හා කුමුදිනී ලකීහා යනු සම්ප්‍රදායේ ඉඩහසර තුළ ක්‍රියා කළ, සම්ප්‍රදායේ ධනාත්මක අභිවෘද්ධිය සඳහා දායකත්වය සැපයූ, ඉන්දියානු සම්භාව්‍ය නර්තනයන්හි නව්‍යකරුවන් ය. ” විශේෂයෙන්ම, මගේ සම්ප්‍රදායික වැඩ ඉදිරිපත් කිරීම සඳහා මා ගත් පිවිසුම අනුව, මේ ආකාරයෙන් මා ද නූතනවේදියෙකි.”

Iඉබ්‍රාහිම් බොහෝ විට ඉන්දියානු නර්තන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතුකරයි. මෙන්න ඔහු ‘ඔඩිසි මුදුනේනළුවන් සමඟ දක්නට ලැබේ, එය මැලේසියානු සූත්‍රනැටුම් සමාගම සහ බුවනේශ්වරය පදනම් කරගත් රුද්‍රක්ෂ්‍යා පදනම අතරසහයෝගිතාව ප්‍රදර්ශනය කළ නිෂ්පාදනයකි, සුප්‍රසිද්ධ ඔඩිසිස්ට් සහ නර්තන ශිල්පී ගුරුබිචිත්‍රානන්ද ස්වයින් විසින් ආරම්භ කරන ලදී.

තාවකාලික චක්ෂු කාලීන ව්‍යාපාරය

සුත්‍රා පදනම

ඊබ්‍රාහීම් විසින් සූත්‍රා නර්තන රංග භූමිය අරඹනු ලබන විට, ඒ 1983 වර්ෂය විය. මැලේසියාවේ ක්වාලා ලාම්පූර් නගරයට එය උරුම වශයෙන් පවරා දෙමින්, ඔහු ඉන්දියාවේ පමණක් නොව, වෙනත් නර්තන මධ්‍යස්ථානවල පවා දළුලා වැඩෙන නිර්මාණශීලීත්වයට සම්බන්ධ විය යුතු පරිදි රංග කලාව සඳහා මධ්‍යස්ථානයක් පිහිටු විය යුතු බවත්,ලොව පුරා තිබෙන සම්ප්‍රදායන් ශීඝ්‍රයෙන් පරිණාමය වන බවත් වටහා ගෙන ඉදිරියට ගියේය.

දෛවය සමඟ නර්තනය

2018 වර්ෂයේ දී, රම්ලිගේ ප්‍රයත්නයන් සීමා ඉක්මවා ගිය අතර, ඔහු උසස්තම සිවිල් පුරවැසියෙකු හට පිරිනැමෙන ගෞරව සම්මානයක් වන, පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවේය. එම සම්මානය දිනෙන් දින ඉහළ ගිය ජාත්‍යන්තර සම්මාන ලැයිස්තුවට එක් වූ තවත් එක් සම්මානයක් පමණකි. රංග කලාව සම්බන්ධව ඉන්දියාවේ මුඛ්‍යතම අධිකාරිය වන සංගීත් නාටක් ඇකඩමිය විසින් ද, රටවල් ද්විත්ත්වයෙහිම නර්තනයන්හි දළ පිටපත් පෙරළීමට උපකාරී වූ ඔඩිසි සඳහා දායකත්වයන් දක්වන ලද, ඊබ්‍රාහීම්ගේ ප්‍රයත්නයන් හඳුනා ගන්නා ලදී.

බැලේ නර්තනය සහ ඔඩිසි මිශ්‍ර කරමින් සිදු කළ ඊබ්‍රාහීම්ගේ රංගනයන් දර්ශනීය දසුනකි. සුප්‍රසිද්ධ නර්තන ශිල්පියා මැලේසියාවේ ඔඩිසිහි ඔහුගේ සමකාලීන නර්තන පෙරළියන් අතරතුර.

නර්තන ශිල්පියා සමකාලීන ඉදිරිපත් කිරීමේ ශෛලීන් සමඟ ඔඩිසි හි සංවේදනයන් සහසම්බන්ධ කරන බැවින් සහ ලෝක ව්‍යාප්ත ප්‍රේක්ෂක පිරිසක් සඳහා නෘත්‍ය නිෂ්පාදන ප්‍රතිනිර්මාණය කරන බැවින්, ඔහුගේ අඛණ්ඩ දිරිමත් බව සඳහා තුඩු දුන් ප්‍රභවය කුමක්දැයි අපි ඇසුවෙමු. සැමදා ඔහුගේ දෑස්වල දැල්වෙන දීප්තිය සහ නිරායාසයකින් යුත් සරලත්වය සමඟ, 66 හැවිරිදි කලා ශිල්පියා පැවසූයේ, “ එය මා හට හොවා දැක්විය හැකි කරුණක් නොවෙයි. නමුත්, එය මා ඉදිරියට යාමට පොළොඹ වන මටත් වඩා විශාල බලවේගයක්.” යනුවෙනි. පැයේ අවශ්‍යතා මෙන්ම, අනෙක් පුද්ගලයන්ගේ අවශ්‍යතා සැමවිටම වඩා වැදගත් තැනක් උසුළයි. කෙසේවෙතත්, මා වැඩියෙන් අන් අයට උපකාර කරන තරමට, ජීවිතයෙන් මට ලැබෙන ශුභපල ද වැඩි බව මා වටහා ගෙන ඇත. ”මගේ කෝප්පය පිරී ඉතිරී යයි. ඉතින් ඒ ගැන කියනවා නම්..” යනුවෙනි.

රාෂ්ට්‍රපති භවන්හි සිවිල් ආයෝජන උත්සවය අතරතුර, ධාතුක් රම්ලි ඊබ්‍රාහීම් හට පද්ම ශ්‍රී සම්මානය පිරිනමන ජනපති රාම් නාත් ගෝවින්ද්.

කලා ශිල්පීන් රට පුරා තිබෙන සාම්ප්‍රදායික පාසල්වලට ඒකාබද්ධ වීමේ සවිඥානික තීරණයත් සමඟ, නර්තනය කලා ස්වරූපයක් ලෙස වර්ධනය සහ පැතිර පවතිමින් තිබිමේ වියහැකියාව ඉහළ ය. සෑම නව නර්තන ශිල්පියෙකු ම කලා ස්වරූපයට නව නව්‍යකරණ ලබා දෙයි. නිදසුනක් ලෙස, එහි සාම්ප්‍රදායික රටාවලට හානි සිදු නොකරමින්, සෑම නර්තන ස්වරූපයක් ම හා සබැඳි පුරාණ අගයන් සුරකිමින් විවිධ නර්තන ශෛලීන් සංයෝජනය කිරීම.

Vinayak Surya Swami

විනයාක් සූරිය ස්වාමි දිල්ලියේ වෙසෙන මාධ්‍යවේදියෙකි. ඔහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර ඉන්දීය නාවික හමුදාවේ ආධුනික නැව් තැනුම්කරුවෙකු ලෙස සේවය කර ඇත. නව යොවුන් වියේ සිටම අර්ධකාලීන ලේඛකයෙකු වූ ඔහු ලිවීම හා සංචාරය කිරීම සඳහා වූ දක්ෂතාවය ලුහුබැඳීම සඳහා පුවත්පත් කලාවට යොමු විය.
error: Content is protected !!