ශ්වේත කතරේ වර්ණ
ගුජරාටයේ කුච් දිස්ත්‍රික්කයෙහි ලවණමය වඟුරුබිම් හි පවත්වනු ලබන වාර්ෂික රන් උත්සවය, ප්‍රාන්තයෙහි දේශීය කලාව සහ කලා කෞශල්‍යය, ඉවුම් පිහුම් කලාව, ජන සම්ප්‍රදායයන් සහ සාම්ප්‍රදායක ජීවන මාර්ග යනාදිය දර්ශනීය ආකාරයෙන් විදහා දක්වයි
කුච් දිස්ත්‍රික්කයේ රාන් හි කෙළවරට වන්නට පිහිටි කුඩා ගම්මානයක් වන ඩෝඩෝ කූඩාරම් නගරයේ හාත්පස පෙනෙන දසුනක්

කූඩාරම් නගරයට යාබද වාර්ෂික උත්සවය සැමරීමට සංවිධානය කරනු ලබන, දීප්තිමත් මේලාව (පිංකම් පොළක්) අමුත්තන් හට ගුජරාටයේ ළෙලෙන සංස්කෘතිය, දේශීය අරුමෝසම් කලාවන්, ඉවුම් පිහුම් කලාව සහ දෑතින් වියන ලද රෙදිපිළි සාම්ප්‍රදායවල ක්ෂණික දර්ශනයක් ලබා දෙයි.

දේශීය කතුන් ඩෝඩෝ ගම්මානයෙහි පිහිටි අතුපැලකට නැවුම් මඩ තට්ටුවක් ආලේප කරමින්. සමස්ත ගුජරාටි අත්දැකීමේ කොටසක් ලෙස, සංචාරකයන්ට බුන්ගා හෝ භුන්ගා යනුවෙන් හැඳින්වෙන මෙම සාම්ප්‍රදායික අතුපැලවල් තුළ නවාතැන් ගැනීමට ඉඩ ලබා දෙයි

මෙම බුන්ගා අතුපැළවල් දීප්තිමත් වර්ණවලින් සායම් කොට ඇති අතර, ඒවායෙහි වහළ උණ පතුරු, වියළි තණ කඹ සහ වියළි තණ යනාදියෙන් ඉදිකොට ඇත

ගුජරාටයේ ජන සාම්ප්‍රදායයන් රාන් උත්සවයෙහි සුවිශේෂී අවස්ථාවන් වේ. ප්‍රාන්තය පුරා විසිර සිටින කලා ශිල්පීහු ඔවුන්ගේ සාරවත් සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් ප්‍රදර්ශනය කිරීමට මෙම උත්සවයට සහභාගී වෙති.

බුන්ගා අතුපැළවල අභ්‍යන්තරය අලංකාර සැරසිලිවලින් සහ සුවපහසුදායක අසුන් ගැනීමේ සකස් කිරීම් මඟින් මනරම් ස්වරූපයක් ගනියි. මෙම අතුපැළවල් ගිම්හාන කාලයේදී සිසිල්ව පවතින අතර, එහි ප්‍රතිලෝමය සිදුවේ

රණහංසයන්ගේ කුඩා ප්‍රතිමා මගින් රාන් උත්සවයේ 2015-16 සංස්කරණයේ වෙළෙඳපොළ ප්‍රදේශය සඳහා පැමිණෙන සංචාරකයන් පිළිගන්නා ලදී. ප්‍රාන්තයෙහි පක්ෂියා වන, විශාලතර රණහංසයා අගෝස්තු මස, කුච්හි අතිමහත් රාන් උත්සවයේ දැකිය හැකි පක්ෂි වර්ගයකි.

චක්ඩා යනු කුච් සහ සෞරාශ්ත්‍ර යන ගම්මානවල ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ප්‍රචලිත, රෝද තුනේ වාහනයකි. මෙම වාහනයක නැඟී යාම මෙම උත්සවයෙහි මඟ නොහැර ගත යුතු අත්දැකීමකි

ගුජරාටයේ වාර්ෂික ජාත්‍යන්තර සරුංගල් උත්සවය ද රාන් උත්සවය සමඟ සමගාමීව පැවැත්වේ; කුච් දිස්ත්‍රික්කයේ රන් යනු සරුංගල් උත්සවය පවත්වනු ලබන ස්ථානවලින් එකකි. සංචාරය පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා, gujarattourism.com යන වෙබ් අඩවියට පිවිසෙන්න
