ප්‍රගතිය

සාර්ථකත්වය ගලා එන විට

නිකුතුව 06, 2020

සාර්ථකත්වය ගලා එන විට

වදන් පෙළ මනෝජ් සහූ විසිනි |කර්තෘ

නිකුතුව 06, 2020


අපේක්ෂා සහගත ජාල් ජීවන් මෙහෙවර විසින් රටෙහි වෙසෙන සෑම ග්‍රාමීය පවුලකටම බීමට සුදුසු ජලය සපයා දෙනු ලබමින් ජනතාවගේ ජීවිත පරිවර්තනය කරමින් සිටියි.

2019 වර්ෂයේ අගෝස්තු 15 වන දින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඔහුගේ නිදහස් දින ආමන්ත්‍රණයේ දී නිවේදනය කළ පරිදි, ජාල් ජීවන් මෙහෙවර යනු, එක්සත් ජාතීන්ගේ තිරසාරාත්මක සංවර්ධන ඉලක්ක – 6  යටතේ නියම කර ගන්නා ලද කාල රේඛාවන්ට ද බොහෝ පෙර, එනම් 2024 වර්ෂය වන විට රටේ සෑම ග්‍රාමීය නිවාසයකටම කාර්යාත්මක ගෘහස්ත ජල කරාම සබඳතාවක් සැපයීම අරමුණු කර ගත්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙහෙවර ස්වරූපයේ වැඩසටහනකි. ඉන්දියාවෙහි ගම්මාන තුළ වෙසෙන බිලියන 1ක් පමණ වූ ජනතාවගේ  ජීවත්වීමේ පහසුවවඩා වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක බව ඉහළ නැංවීම පිණිස මෙම මෙහෙවර උපක්‍රමයකි.

ප්‍රයෝජනවත් සේවය මෙහි ආදර්ශ වැකියයි

මෙම අපේක්ෂා සහගත වැඩසටහනෙහි අවධාරිතය වන්නේ හුදෙක් යටිතලපහසුකම් නිර්මාණයට වඩා, ග්‍රාමීය ප්‍රදේශවල සෑම නිවාසයකටම ජල සැපයුම් සේවය වැඩි දියුණු කිරීමයි.  එබැවින්, මනෝ විහිතයේ වෙනසක් පිළිබඳව මෙන්ම, ජල සැපයුම් ක්ෂේත්‍රය තුළප්‍රයෝජනවත් සේවය නම් වූ මනෝ විහිතියක්ගෙන ඒමට අවධාරිතයක් තිබේ. මෙම මෙහෙවර මඟින් ග්‍රාමීය නිවාසවලට ක්‍රමවත් සහ දිගුකාලීන පදනම යන පදනම් ද්විත්ත්වය මත පානය කිරීමට සුදුසු ජලය සැපයීම අරමුණු කෙරේමෙහෙවරෙහි අරමුණ සැම ස්ථානයක්ම ආවරණය කිරීම වන හෙයින්, “සාධාරණත්වය සහ ආවරණශීලීත්වයයන මූලධර්ම මත අවධාරණය තැබේ, එනම්, ගමෙහි ජීවත් වන සෑම පවුලක් හටම කාර්යාත්මක ජල කරාම සබඳතාවක් හිමි වන අතර, “කිසිවෙකු මඟ නොහරිනු ලැබේ  2019 අගෝස්තු මස මෙම නිවේදනය කරන කාලවකවානුවේ දීමිලියන 190ක් වූ ග්‍රාමීය නිවාස අතරින්, නිවාස මිලියන 32කට පමණක් (සියයට 17ක්) ජල කරාම සබඳතා සතු විය.

රාජස්තානයේ ගමක වාසය කරන කාන්තාවන් ජලය රැගත් කළයන් ඔවුන්ගේ හිස මත තබා ගෙන යමින්

ප්‍රජා සහභාගීත්වය

ක්‍රමික ක්‍රියාකාරීත්වයක් සඳහා මෙම ජල සැපයුම් යෝජනා ක්‍රමය සැලසුම් කිරීම සහ සහතික කරන ලද සේවා සැපයුමක් සඳහා නඩත්තු කටයුතු කිරීම සමඟ ඇරඹෙන මෙම ඉල්ලුම මඟින් මෙහෙය වන වැඩසටහනෙහි අත්‍යාවශ්‍ය කොටස වන්නේප්‍රජා සහභාගීත්වයයි”. සෑම ගම්මානයක්ම ජලයෙන් සුරක්ෂිතබවට පත් කිරීම සඳහා එක් ඒකකයක් වශයෙන් ගණනය කරනු ලැබේ. ප්‍රාදේශීය පානීය ජල මූලාශ්‍ර ශක්තිමත් කිරීම පිණිස සෑම ගම්මානයක්ම උදෙසා ග්‍රාමීය ක්‍රියාකාරී සැලැස්මක් සකස් කෙරෙනු ලැබේ. ග්‍රාමීය ප්‍රජාවට ගැටලු සහ අභියෝග සොයා ගැනීමට හැකි වනු ඇතැයි මෙන්ම, රජය විසින් විවිධ ක්‍රියාකාරකම් සඳහා සපයනු ලබන සම්පත් සම්බන්ධ කර ගනිමින් එම ගැටලුවලට පිළියම් සොයනු ඇතැයි ද මින් අපේක්ෂා කෙරේ. එක් පසකින්, පානීය ජලය සඳහා සැලසුම්කරණය, පශුසම්පත් ජෛවගහණය සඳහා අවශ්‍යතාවන් ද සලකා බලනු ලැබේ. ග්‍රාමීය ආර්ථිකයේ රෝද කැරකැවීමෙහිලා පශුසම්පතෙහි වැදගත්කම සලකා බලන කල, ගම්මාන තුළ ගව පට්ටි සඳහා සත්වා ආහාර දැමූ ඔරු ඉදි කිරීමට ප්‍රතිපාදනය කොට ඇත.

 ඔඩිෂාහි භුබනේස්වර් අවට ප්‍රදේශයේ පොදු ජල සැපයුම් ටැංකියක් අසල එක් රොක්ව සිටින ගම්වාසීහු

දකුණ

රැකියා උත්පාදනය කිරීම

සෑම ගම්මානයක ම ජල සැපයුම් යටිතලපහසුකම් නඩත්තු කිරීම සහ දිගු කාලීන සේවා සැපයීම සඳහා පෙදරේරු වැඩ, ඊයම් වැඩ, සවි කිරීම්, විදුලිය ආශ්‍රිත වැඩ සඳහා පුහුණු මිනිස් බලය අවශ්‍ය වේ. රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම, දේශීය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට හැකි වන පරිදි, සෑම ගම්මානයක ම ජල සැපයුම් නඩත්තු කටයුතු සහ පවත්වා ගෙන යාම සඳහා පුහුණු මානව සම්පත්වලින් යුත් බලකායක් නිර්මාණය කොට, එම ගම්වාසීන් හට ස්වයංවිශ්වාසී භාවයක් ඇති කිරීමට මෙම ජාල් ජීවන් මෙහෙවර අපේක්ෂා කරයිමෙම වැඩහටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ, සිමෙන්ති, ගඩොල්, නළ, කපාට, ජල/බලශක්ති කාර්යක්ෂම පොම්ප, සූර්යශක්ති පොම්ප, කුඩා කරාම සහ ගෘහාශ්‍රිත ජල කරාම සම්බන්ධතා සඳහා ඇති කැමැත්ත, ජල සම්භාරයක් මාරු කිරීමේ සහ බෙදාහැරීමේ ජාලය, පිළියම් කිරීමේ යන්ත්‍රාගාර සහ අපවිත්‍ර ජලය පිරිපහදු කොට යළි භාවිත කිරීම වැනි විවිධ දෑ සඳහා පවතින ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය කාර්මික ශිල්පීයත්වය සහ නිෂ්පාදන කර්මාන්ත උදෙසා ඉල්ලුම මෙහෙයවනු ඇත. මේ සියලු කර්තව්‍යයන් මඟින් ස්වයංවිශ්වාසී ඉන්දියාවක් හෝආත්මානිර්භාර් භාරත්හි පරමාර්ථ වැඩිදියුණු කර ගැනීමට මං සැලසෙනු ඇත. ඉන්දියාවේ ගම්මාන තුළ වෙසෙන සියලු නිවාසවලට නළ ජලය සැපයීමෙන් ජලය පොම්ප කිරීමට / ඉසිලීමට බලශක්තිය සඳහා ග්‍රාමීය ආර්ථිකය දක්වන ඉල්ලුම වඩා  ඉහළ යනු ඇත. විශේෂයෙන්ම නියඟයට ලක් වන ප්‍රදේශවල පිහිටා ඇති නිසරු/ වගා කළ නොහැකි ඉඩම් මෙම කර්තව්‍යය සඳහා අතිරේක බලශක්තිය  සැපයීමට අවශ්‍ය සූර්යබල පැනල සවි කිරීමෙන් සූර්ය බලශක්තියට නළ එළීම සඳහා භාවිත කිරීමට අපේක්ෂා කෙරේ. පසුගිය මාස 15 වේදී, කෝවිඩ් – 19 වසංගතය ද නොතකමින්, වර්තමානයේ දී මිලියන 27ක පමණ නිවාසවලට ජල කරාම සම්බන්ධතා සපයා දී තිබෙන අතර, මිලියන 59ක් පමණ (සියයට 31ක්) නිවාස කරාම ජලය ලබමින් සිටියි. වර්ෂයක කාලයක් තුළදී දිස්ත්‍රික්ක 16 ක සෑම නිවාසයක්ම මෙන්ම, ගම්මාන 56000කට සුරක්ෂිත ජල සැපයුම ලැබීම ඇරඹී ඇත.

ලඬාක් හි ලෙහ් දිස්ත්‍රික්කයේ නුබ්‍රා ටේසිල් ගම්මානයෙහි හන්ඩර් ප්‍රදේශයේ සූර්යබල පැනල භාවිතය ගනිමින්

වදන් පෙළ මනෝජ් සහූ විසිනි

මනෝජ් සහූ යනු ඉන්දීය රජයේ ජාල් ශක්ති අමාත්‍යාංශයෙහි පානීය ජලය සහ සනීපාරක්ෂාව නම් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජාල් ජීවන් මෙහෙවරෙහි අධ්‍යක්ෂකවරයායි
error: Content is protected !!