ඉන්දීය සිනමාවේ ඇමරිකානු ගිම්හානය
නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල විසින් එහි වර්තමානයේ දී ගෙවනු ලබන 19වන අවුරුද්දේ දී, ඉන්දියානු උප මහද්වීපයෙන් කලාගාරයක් සහ විකල්ප චිත්‍රපට ස්වාධීනව සමරනු ලබමින් සිටී
දින හයකින් චිත්‍රපට තිරගත කිරීම් 32ක්! ඒ අතර, ලෝක මංගල දර්ශන හතක්, ඇමරිකා මංගල දර්ශන පහක් සහ සෙසු ඒවා නිව්යෝක් මංගල දර්ශන සහ අසාමිස්, බෙංගාලි, දෙමළ, මලයාලම්, මරාති, කන්නඩ, ලඩාඛි, පන්ජාබි සහ හර්යාන්වි නම් භාෂාවල චිත්‍රපට විය. නමුදු, නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙලේ දී තිබෙන නිති විශේෂාංග, මෙම කරුණු හේතුවෙන් ඇහි පිල්ලම් ගැසීමටවත් ඉඩ නොතැබුවේය. ඊට හේතුව වන්නේ, ඇමරිකාවේ වඩාත් පැරණිතම සහ වඩාත් ගෞරවාදරයට ලක් වූ ඉන්දියානු චිත්‍රපට උළෙල ලෙස, ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටින ජනයා ඉන්දීය උපමහාද්වීපයෙන් නිපද වූ ආකර්ශනීය චිත්‍රපට සැමරීම සඳහා නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල සුපතල වීමයි. උද්යොගිමත් කරවන කරුණ වන්නේ, මෙම චිත්‍රපටවලින් පැවසෙන කතා සැම විටම ඉන්දියාව හෝ ඉන්දියානුවන් පිළිබඳ නොවීම වුවත්, ඉන් එරටට සම්බන්ධයක් තිබීමයි! එහි 19 වන වර්ෂයේ දී, මෙම උත්සවය මඟින් භූගෝලීය සහ දේශපාලන සීමාවන් දක්වන ලද, චිත්‍රපට විප්ලවයකින් නිව්යෝක් නගරය වසඟයට පත් කරන ලදී. එමෙන්ම, ප්‍රජාව නව චින්තනයන් සහ සංවාද කරා මෙමඟින් පොළඹවන ලදී. උළෙල නිව්යෝක් නුවර මැන්හැටන්හි ග්‍රාමීය නැගෙනහිර සිනමාවන්හි පැවැත්වුණු අතර, සත්‍ය වශයෙන්ම ලෝකය පුරා වාසය කරන ඉන්දීය ප්‍රජාව, ඔවුන්ගේ හදවතට ළං කර ගත් මව්බිමේ ජීවය පෙන්වන ඉන්දියානු ඩයස්පෝරාවේ ශක්තිය සංක්ෂිප්ත කොට නිරූපණය කෙරිණි.

නොපැවසූ කතා
විවිධත්වයට අමතරව, මෙම වසරේ නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල සිරස්තල වෙත ගෙන යාමට, තවමත් ඉන්දියාවේ තිරගත කිරීමක්වත් නොකළ බ්ලොක්බස්ටර් චිත්‍රපට හතරක් දායක විය. එම චිත්‍රපට හතර වූයේ ගුරින්ඩර් චාධාගේ Blinded by the Light; රොහේනා ගේරාගේ Sir; රිතේෂ් බත්‍රාගේ Photograph සහ විකාස් ඛන්නාගේ The Last Color යන කෘති හතරයි. ඉන්දියානු සම්භවයක් ඇති ඉංග්‍රීසි චිත්‍රපට නිර්මාණකරුවෙකුගෙන් පැමිණෙන ප්‍රථමයෙන් සාකච්ඡා කෙරෙන්නේ 80 දශකයේ සිටි බ්‍රිතාන්‍ය ගැටවරයෙකු බ්‍රෘස් ස්ප්‍රින්ග්ස්ටීන් සංගීතයෙන් සහනය සොයන කතා පුවතයි. මෙම චිත්‍රපටය සෆ්රාස් මන්සූර් නම් මාධ්‍යවේදියාගේ සත්‍ය කතා පුවත ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් බව පැවසේ.
පසුගිය වර්ෂයේ දී කෑන්ස් චිත්‍රපට උළෙලේ දී තිර ගත වූ ගේරාගේ Sir චිත්‍රපටය, නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටය සහ හොඳම නිළියට (ටිලොටමා ශෝම්) හිමි සම්මාන දිනා ගත්තේය. කණවැණ්දුම් වූ ගෘහස්ත කම්කරුවකු වන රත්නාගේ කතා පුවත මින් ග්‍රහණය කොට ඇත. බොලිවුඩ් චිත්‍රපට නිර්මාණකරු (The Lunchbox චිත්‍රපටයේ අධ්‍යක්ෂ) රිතේෂ් බත්‍රාගේ නව යුගයේ ආදර අන්දරය වන, නවාසුඩින් සිද්දික් සහ සාන්‍යා මල්හෝත්‍රා යන සිනමා තරු රඟන Photograph චිත්‍රපටය නිර්මාණය වෙනුවෙන් ඔහුට උළෙලේ දී හොඳම අධ්‍යක්ෂවරයාට පිදෙන ත්‍යාගය හිමි විය. මුම්බායි හි වෙසෙන වීදී ඡායාරූපකරුවෙකු, ඔහුගේ මිත්තණිය විසින් ඔහුට විවාහ වන ලෙස පීඩනයට පත් කරනු ලැබීම හේතුවෙන්, පාසල් ශිෂ්‍යාවකගෙන් උදව් ලබා ගැනීමේ කතා පුවත, මෙම චිත්‍රපටයට පාදක වෙයි. සත්කාරක ඛන්නාගේ මංගල කෘතිය, විකාස් ඛන්නා නම් සුප්‍රකට සූපවේදියා විසින් නිර්මාණය කළ Last Color (අවසන් පැහැය) නම් මංගල චිත්‍රපටය, 2012 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුව වන ව්රින්ඩාවන්හි හෝලි උත්සවයන්හිදී කණවැන්දුම් කාන්තාවන් හට සෙල්ලම් කිරීමට අවසර ලබා දීම මත පදනම් වූවක් වූ අතර, චිත්‍රපට උළෙල ප්‍රීති ඝෝෂා මධ්‍යයේ සමාප්තිය කරා ගෙන ඒමට එය දායක විය. බෙංගාලි, ඇසෑමීස්, මරාති, දෙමළ සහ වෙනත් භාෂාවලින් හැදුණුුු ප්‍රාදේශීය චිත්‍රපට 19ක් ද මෙම යසස්ප්‍රභාවට පාත්‍ර විණි.

අසීම් ච්චබ්‍රා නම් චිත්‍රපට උළෙල අධ්‍යක්ෂවරයාට අනුව, ලධාකි කාශ්මීර ළමා චිත්‍රපට ඇතුළු ඉන්දියාවේ ප්‍රාදේශීය සිනමාවේ ශක්තිමත් නියෝජනයක් උළෙලේ තිබුණි. “ඉන්දියාවෙන් විශ්මය සහගත නව චිත්‍රපට සමූහයක් බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වන්නෙමු. මෙම සුවිශේෂී මාතෘකා තෝරා ගැනීම මඟින් චිත්‍රපට කතා පුවත් පැවසීමේ විචිත්‍රත්වය, ශක්තිය සහ කීර්තිය ප්‍රදර්ශනය වේ.” යැයි ඔහු පැවසුවේය. ”ඉන්දු ඇමරිකානු කලා සභාවේ (IAAC) උප සභාපති රාකේෂ් කවුල් විසින් නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල සංවිධානය කිරීමේ ආයතනය ලෙස එය අනුමත කරමින් “ප්‍රාදේශීය සිනමාව මඟින් ඉන්දියාවේ නියම සාරය ගෙන එන අතර, නිව්යෝක්හි සිටින ප්‍රේක්ෂක ජනයාට ඉන්දියාවේ විභූතිමත්බව දැක ගැනීමට චිත්‍රපට උළෙල ඔස්සේ අවස්ථාව සැලසිණි.”යැයි පැවසූයේය.
නිර්මාපකයෝ
මෙම චිත්‍රපට උළෙල නිව්යෝක් වාසී අරූන් ශිව්ඩාසිනී විසින් සමාරම්භ කළ අතර, ඔහු පසු ගිය වසරේ දී විශ්‍රාම ගැනීමට ප්‍රථම මෙම උළෙල වසර 20ක් පුරා සාර්ථකව පැවැත් වූයේය. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වර්තමානයේ දී මෙම උළෙල නව හවුල්කාරීත්ව සමඟ මීළඟ මට්ටමට රැගෙන යති. ඉන්දු ඇමරිකානු කලා සභාවේ සන්නාම තානාපති ලෙස පත් කරන ලද සුප්‍රකට සූපවේදී විකාස් ඛන්නා සමඟ අභිනවයෙන් සරෝද් අම්ජාඩ් අලි කාන් ද එක් වූයේය. “මගේ චිත්‍රපටය සංකේතකරණය පිළිබඳවයි, සිත්කාවදින සබඳතා අතර භ්‍රමණය වන, සිනමා තරු නීනා ගුප්තා රඟන, ඛන්නාගේ චිත්‍රපටය පිළිබඳ ඔහු පැවසුයේ, “මගේ චිත්‍රපටය සංකේතන, සමාජ තහංචි සහ වඩාත් වැදගත් වශයෙන්, සමාජය විසින් සැඬොලුන් යැයි සලකන පුද්ගලයන් පිළිබඳවයි. මට සැමවිටම මේ කතාව පැවසීමට අවශ්‍ය වූව ද, එය පැවසීම සඳහා සුදුසු නිවැරදි ප්‍රේක්ෂක පිරිසක් අවශ්‍ය වුණි. ”මෙම උළෙල මට වඩාත් සුදුසුම අවස්ථාව සලසා දුන්නේය.” යනුවෙනි. නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය වූ, වඩාත් සාකච්ඡාවට බඳුන් වූ වාර්තාමය චිත්‍රපටයක් වූයේ සුප්‍රකට කොණ්ඩා මෝස්තර ශිල්පිනී සප්නා භාවානිගේ Sindhustan නම්, සින්දි සංස්කෘතිය පිළිබඳ සාකච්ඡා කෙරෙන චිත්‍රපටයයි. ”ඇගේ චිත්‍රපටය සහ නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල පිළිබඳ කතාබස් කරමින් භාවානි පැවසූයේ, “ මගේ මංගල චිත්‍රපටයේ ලෝක මංගල දර්ශනය සඳහා නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල අනර්ඝ තිරයක් විය. ප්‍රේක්ෂක පිරිස ඉතා උද්යෝගීමත් සහ සහයෝගී පිරිසක් වූ අතර, තිරගත කිරීම ඉතා දර්ශනීය විය.” යනුවෙනි.

කෙසේවෙතත්, මෙම උළෙල විකල්ප චිත්‍රපට මත පමණක් අවධාරණය යොමු නොකරයි. ”මෙම චිත්‍රපට උළෙලේ ඇති චිත්‍රපට පෙළෙහි එක් චිත්‍රපටයක් වන, KD නිපද වූ මදුමිතා පවසන්නේ, “ චිත්‍රපටයක් විසින් චිත්‍රපට උළෙලක වට කිහිපයක් ප්‍රදර්ශනය වූ පසු, එය කුඩා ප්‍රේක්ෂක ගණයක් සඳහා පමණක් නිර්මාණය කර ඇති බව, සාමාන්‍යයෙන් ඉන්දියානු ප්‍රේක්ෂක ජනයා විසින් වැරදි ලෙස අවබෝධ කර ගනු ලබයි. මීට විරුද්ධ වශයෙන්, චිත්‍රපට උළෙලවල් සාමාන්‍යයෙන් දෙවර්ගයේම චිත්‍රපට මිශ්‍ර කිරීම සහ ගැළපීම කරනු ලබයි.” යනුවෙනි.
ඉන්දියාවේ දැවැන්ත හින්දි චිත්‍රපට කර්මාන්තය වන බොලිවුඩය වාර්ෂිකව දැවැන්ත අයවැයකින් යුත් චිත්‍රපට සිය ගණනක් නිකුත් කිරිම පිළිබඳ පුරසාරම් බස් දොඩන අතර, වඩාත් සීමිත තත්ත්වයන් යටතේ අසමසම කතාවලට පණ පෙවීම සඳහා චිත්‍රපට නිෂ්පාදකවරු වෙහෙස නොතකා රට පුරා වැඩ කරති. “නිව්යෝක් ඉන්දියානු චිත්‍රපට උළෙල වැනි උත්සවයන් මෙවැනි නිර්මාණශීලී චින්තකයන්ට ජාත්‍යන්තර වේදිකාවක් තනා දෙන අතර, උඵෙලේ අධ්‍යක්ෂ අසීම් ච්චබ්‍රා සාරාංශ කළ පරිදි, “ මෙම චිත්‍රපට උළෙලේ අරමුණ වන්නේ ගෝලීය ප්‍රේක්ෂක ගණයා වෙත හෝ නිව්යෝක් වෙත කිසිවිටකත් ළඟා නොවීමට හැකියාවක් නොමැති චිත්‍රපට ප්‍රවර්ධනය කිරීමයි. සෑම පවසන ලද කතාවක්ම ඇසීමට සැලැස්වීමට අපි උත්සාහ කරන්නෙමු.”