ඡායා රූ

මතකයේ රැඳෙන චාරිකාවක්

නිකුතුව 02, 2021

මතකයේ රැඳෙන චාරිකාවක්

ශ්‍රබාස්ති මල්ලික් |කර්තෘ

නිකුතුව 02, 2021


කෞතුකාගාර හුදෙක් අතීතයට තිබෙන දොරටු වීමටත් වඩා ඉමහත් සේවයක් සපයයි. ඔවුන් මතු පරම්පරාව සඳහා නිම වී ගිය යුගයේ අවශේෂයන් ආරක්ෂා කරන අතර, එය සංගීතමය, මුදල්, හමුදාමය හෝ සංස්කෘතික වුව ද, රටේ කීර්තිමත් ඉතිහාසයෙන් ක්ෂණික දසුනක් ලබා දෙයි. ජාත්‍යන්තර කෞතුකාගාර දිනය (මැයි 18) යෙදෙන අවස්ථාවේ දී, ඉන්දියාවේ වඩාත් අද්විතීය කෞතුකාගාර කිහිපයක් අපි ඔබ වෙත ගෙන එන්නෙමු

ඉන්දීය මුදල් කෞතුකාගාරයේ සංචිත බැංකුව
මුම්බායි, මහරාෂ්ට්‍ර

මෙය ඉන්දීය උපමහද්වීපයේ මුදල් පද්ධතිය ආ ගමන්මඟ නතු කර ගැනීමට ඉන්දීය සංචිත බැංකුව විසින් පිහිටුවන ලද අද්විතීය කෞතුකාගාරයකි. කාසි සහ මුදල් නෝට්ටුවල සිට විද්‍යුත් මුදල් දක්වා විවිධ වූ අන්තර් ක්‍රියාකාරී ප්‍රදර්ශන භාණ්ඩ පරාසයක් සංචාරකයන්ට දැක බලා ගත හැකි වන අතර, අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ රටෙහි සිදු ව ඇති ව්‍යවහාර මුදල්වල විකාශය වටහා ගැනීමට ඔවුනට ඉඩකඩ සලසයි. මේ සඳහා ප්‍රවේශය නොමිලේ වන අතර, කෞතුකාගාරය සඳුදා දිනවල දී වසා තැබේ.

Exhibits at the RBI Monetary Museum in Mumbai are accompanied by information about the origin and evolution of money, and its role in India’s economic history

අයිඑන්එස් කුරුසුරා සබ්මැරීන කෞතුකාගාරය
විසාකාපට්නම්, අන්ද්‍රා ප්‍රදේශ්

මෙම අද්විතීය කෞතුකාගාරය සැබෑ සබ්මැරීනයක් අභ්‍යන්තරයේ පිහිටුවා ඇත. අයිඑන්එස් කුරුසුරා සබ්මැරීනය, සෝවියට් ජාතිකයන් විසින් ඉදි කරන ලද -I-641 පන්තියේ සබ්මැරීනය 1969, දෙසැම්බර් 18 වන දින ඉන්දීය නාවික හමුදාව සමග සේවය ආරම්භ කළ අතර, 2001, පෙබරවාරි 28 වන දින නිල බලයෙන් ඉවත් කෙරිණි. කෞතුකාගාරය විසින් පුරා කෘතීන්, ඡායාරූප සහ ලිඛිත ධර්ම ග්‍රන්ථ තාරීය ප්‍රදර්ශනයක් ඔස්සේ සබ්මැරීනය විසින් දේශයට සපයන ලද සන්ධිස්ථාන, ජයග්‍රහණ සහ සේවා සටහන් කරනු ලැබේ. කෞතුකාගාරයේ සංචාරක මඟපෙන්වන්නන් වන්නේ ඉන්දීය නාවික හමුදාවේ විශ්‍රාමලත් නිලධාරීන්ය. රේඩාර් කුටිය සහ පාලන කුටිය වැනි සබ්මැරීනයේ විවිධ කොටස් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන අතර, එය සඳුදා දිනවල දී වසා තැබෙයි.

The INS Kurusura Submarine Museum has been recognised by the Indian Navy as a War Memorial

උරුම ප්‍රවාහන කෞතුකාගාරය
තවෝරු, හර්යානා

චමත්කාරජනක උරුම ප්‍රවාහන කෞතුකාගාරයේ දී, වින්ටේජ් මොරිස් මයිනර් රථයක් පිළිගැනීමේ නිලධාරීවරයාගේ මේසය ලෙස සේවය සලසන අතර, මෝටර් පා පැදි, අත් හැඬල දොරටුවල හැඬල ලෙස භාවිත කෙරේ. ගුරුග්‍රෑම් අසල තවෝරු හි පිහිටා ඇති හර්යානා හි තිබෙන මෙම කෞතුකාගාරය තරුන් තක්රාල් නම් වාහන පිළිබඳ උද්යෝගී පුද්ගලයෙකු විසින් මෙම කෞතුකාගාරය පරිරක්ෂණය කරනු ලැබේ. වින්ටේජ් කාර්, ස්කූටර් පා පැදි, බස් රථ සහ ගොන් කරත්ත සඳහා දුම්රිය මාර්ග පුහුණුකරුවෙකුගේ සිට අශ්ව කරත්ත, පැල්කිස් (දෝලා) සහ වහළෙන් එල්ලෙන 1940 පයිපර් ජේ3සී කබ් ගුවන් යානයක් දක්වා, ප්‍රදර්ශනයට තබා ඇති රථ වාහන 2500ක් සහ ආශ්‍රිත මතකයන් සමඟින්, මෙම කෞතුකාගාරය විසින් ඔබව ඉන්දීය ප්‍රවාහනයේ උරුමය ඔස්සේ කැටුව යනු ලබයි.

One of the most attractive displays at the Heritage Transport Museum is that of a 1962 Chevrolet covered in dome mirrors suspended in the atrium

සාරෝද් ගාර්
ග්වාලියෝර්, මධ්‍ය ප්‍රදේශ්

සාරෝද් කෞතුකාගාරය ලෙස ද හැඳින්වෙන, සාරෝද් ගාර් කෞතුගාරය ඉන්දීය සම්භාව්‍ය සංගීතයේ වඩාත් අද්විතීය පුද්ගලයන්ගේ සංගීත භාණ්ඩ කිහිපයක් ප්‍රදර්ශනය කරයි. කීර්තිමත් සාරෝද් කලාගුරු උස්තාද් හාෆිස් අලි කාන්ගේ සාරෝද් සිට පුරාවෘත්තගත කලාකරුවෙකු වන උස්තාද් බදේ ගුලාම් අලි කාන්ට අයත් සුර්මදාල් හෝ ස්වර්ණමදාල් (වීණාවේ ඉන්දීය අනුවාදයක්) දක්වා, මෙම කෞතුකාගාරය ඉන්දියාවේ සාරවත් කලාත්මක උරුමයෙහි නිධන් ආකාරයකි. සංගීත අවස්ථා සහ සජීවි ඉදිරිපත් කිරීම් නිතිපතා මෙහි සංවිධානය කෙරේ. මෙම කෞතුකාගාරය ඉරිදා දිනවල දී වසා තැබේ.

The museum is housed in the ancestral home of noted sarod master and Padma Vibhushan recipient Ustad Amjad Ali Khan, who is also the son of Ustad Haafiz Ali Khan

පාටිෂන් කෞතුකාගාරය
අම්රිට්සාර්, පන්ජාබ්

1947 හි බෙදා වෙන් කිරීම මානව වර්ගයා දන්නා විශාලතම සංක්‍රමණය අත්දැකීම සිදු වීමට හේතු වූවා පමණක් නොව, මිලියන 150කට අධික ජනතාවට ද බලපෑම් එල්ල කළේය. අම්රිස්තාර් හි ඓතිහාසික ටවුන් හෝල් ගොඩනැඟිල්ලෙහි ඉදි කර ඇති පාටිෂන් කෞතුකාගාරය බෙදා වෙන් කිරීමට තුඩු දුන් අවස්ථා වන ඡායාරූප, මතක, නිල ලේඛන සහ සිතුවම් ඔස්සේ මෙන්ම, ඉන් අනතුරුව හටගත් ප්‍රතිඵල පෙළ ගස්වයි. කෞතුකාගාරයේ උසස්ම දෙය වන්නේ සුජීවත්ව සිටින්නන්ගේ පවුල් විසින් පරිත්‍යාග කොට ඇති ධර්ම ග්‍රන්ථයි. සඳුදා දිනවල දී වසා තැබෙන මෙම කෞතුකාගාරය වාචික ඉතිහාසය, ලේඛන සහ බෙදා වෙන් කිරීම හා සම්බන්ධ දේවල් ඇතුළු තවත් කාර්යබද්ධ දේ එක්රැස් කිරීමට යත්න දරයි.

The barbed-wire tree called Tree of Hope is the piece de resistance of the Partition Museum’s Gallery of Hope (the last gallery). Visitors are encouraged to pen down messages of love, peace and harmony on leaf-shaped papers and hang them on the branches of the tree

කිරාන් නදාර් කලා කෞතුකාගාරය
නව දිල්ලිය

කිරාන් නඩාර් කලා කෞතුකාගාරය ඉන්දියාවේ ප්‍රථම පෞද්ගලික කලා කෞතුකාරවලින් එකක් වේ. එය 2010 වසරේ දී දොරටු විවර කළ විට, සංචාරකයන්ට සුප්‍රකට කලාශූරී ජාමිනි රෝයිගේ (1887-1972) සහ ප්‍රකට 20 වැනි සියවසේ මූර්ති ශිල්පියෙකු වන අනිෂ් කපූර්ගේ කලා නිර්මාණ එක් වහළක් යට රස විඳිය හැකි, රටෙහි තිබෙන කලා කේන්ද්‍ර/කෞතුකාගාර අතළොස්ස අතර පැවතිණි. මෙම කෞතුකාගාරයේ ප්‍රධාන සිතුවම් එකතුව මගින් නිදහසෙන් පසු දශකවලට අයත් වන කලා නිර්මාණ ඇතුළු 20 වන සියවසේ ඉන්දීය චිත්‍රශිල්පීන්ගේ විශිෂ්ට කලා නිර්මාණ ඉස්මතු කෙරෙන අතර, එමගින් තුරුණු සමකාලීනයන්ගේ විවිධ වූ කලා කෞශල්‍යයන් සමඟ ද සමානව එක්ව ක්‍රියා කෙරේ. එමගින් කලා ලොව සිටින වඩාත් හොඳ බලපෑමක් එල්ල කළ හැකි හඬ පෞරුෂයයන් කිහිපයක් සමඟ ක්‍රියාකාරී කතා බස් හා සාකච්ඡා ද සංවිධානය කෙරේ.

One of Kiran Nadar Museum of Art’s treasured art pieces is an installation titled 8’x 12’′ (2009) by late Indian artist Hema Upadhyay. It is an interactive piece created using maquettes of tin houses made from aluminium sheets, car scraps, enamel paint, tarpaulin, pieces of metal, and other objects collected from Dharavi in Mumbai

ක්ලික් ආර්ට් කෞතුකාගාරය
චෙන්නායි, තමිල් නාඩු

ඉන්දියාවේ ප්‍රථම ත්‍රිමාන අන්තර් ක්‍රියාකාරී “සූක්ෂ්ම කලා“ කෞතුකාගාරය බවට හිමිකම් පාන, ක්ලික් ආර්ට් කෞතුකාගාරය යම් කිසි කෝණයකින් බලන කල තෙවන මානයේ දෘෂ්ටි මායාවක් සමඟ රඟන, දෙවන මාන ඡායාරූප හෙවත් සූක්ෂ්ම කලාව හෝ දෘෂ්ටීය කලාව යැයි දක්ෂ ලෙස හඳුන්වනු ලබන, ඒවා ප්‍රදර්ශනය කරන අන්තර් ක්‍රියාකාරී අවකාශයකි. තවද, වෙනත් කෞතුකාගාරයන් මෙන් නොව, මෙහි දී සංචාරකයන්ට ප්‍රදර්ශන භාණ්ඩ ස්පර්ශ කිරීමටත්, ඒවා සමඟ ඡායාරූපවලට පෙනී සිටීමටත් අවසරය හිමි වේ. කලාකරුවෙකු වන ඒ පී ශ්‍රීතාර් විසින් සංරක්ෂණය කරනු ලබන, ක්‍රියාකාරී ප්‍රදර්ශන භාණ්ඩ 24ක් පමණ මෙම කෞතුකාගාරය සතු වේ. මෙම කෞතුකාගාරයේ සංචාරය, දෘෂ්ටි මායාවන්හි උපරිම බලපෑමක් සඳහා අයෙකු තමන්ව සහ කැමරාව ස්ථාන ගත කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධව ඉතා ඉක්මන් පාඩමකින් ඇරඹෙයි.

අනෝකි හස්ත මුද්‍රණ කෞතුකාගාරය
ජායිපූර්, රාජස්තාන්

විචිත්‍රවත් ලෙස නැවත පිහිටුවන ලද ඓතිහාසික අමේර් පැලස් ෆෝට් අසල චන්වාර් පල්කිවොන් කි හාවේලි හි අභ්‍යන්තරයේ පිහිටුවා ඇති මෙම අද්විතීය කෞතුකාගාරය හස්ත අච්චු මුද්‍රණය සඳහා වෙන් කොට තිබේ. රාජස්තානයේ සන්ගානේර් රෙදිපිළි නගරයේ අච්චු මුද්‍රණ විකාසය, ආශ්‍රිත ඡායාරූප, උපකරණ සහ ආශ්‍රිත වස්තූන් නිරූපණය කරන අච්චු මුද්‍රිත රෙදිපිළිවල විවිධ වූ තෝරා ගැනීම් මෙම ප්‍රදර්ශිත දෑ මගින් විඳහා පෙන්වයි. සාම්ප්‍රදායික දාබු හෝ මඩවලට ප්‍රතිවිරෝධී මුද්‍රණය සහ කැටයම් නෙළීමේ උපකරණ සහිත ලී සහ පිත්තල අච්චු වැනි ස්වභාවික සහ රසායනික ක්‍රියාවලි පරාසයක් මෙම කෞතුකාගාරයේ ස්ථීර එකතුවෙහි ඉස්මතු කිරීම්වල ඇතළත් වේ. කෙසේවෙතත්, මෙහි ප්‍රධාන ආකර්ෂණය වන්නේ 1960 වසරවල මුල් භාගයේ පටන් වර්තමානය දක්වා කාලවකවානුවෙහි ඇඳුම් සහ නිවාස ගෘහ උපකරණවල සාරවත් සුරක්ෂිතාගාරයක් ලෙස ක්‍රියා කරන සංරක්ෂණය කිරීමේ අංශයයි.

The Chanwar Palkiwon ki Haveli, which houses the Anokhi Museum of Hand Printing, has earned a UNESCO award for ‘Cultural Heritage Conservation’ in 2000

ශ්‍රබාස්ති මල්ලික්

ජන සන්නිවේදන ඉන්දියානු ආයතනයේ උපාධිදාරිනියක වන ඇය මයිසිටිලින්ක්ස් නම් භුබානේශ්වර් පදනම් වූ සාරාංශ පුවත්පතෙහි මෙන්ම, ද පයනීයර් පුවත්පතේ ද සේවය කොට ඇත. ඇය සංගීතය වින්දනය කරන අතර, ග්‍රන්ථලෝලියෙකි. එමෙන්ම, ඇගේ ගමන් බිමන්, සංගීතය සහ ඇය තුළ කුතුහලයක් ඇති කරන ඕනෑම විෂයයක් ගැන ලිවීමට ඈ ප්‍රිය කරන්නීය.
error: Content is protected !!