සංචාරය

රෝද දෙකේ කතන්දරේ

නිකුතුව 02, 2020

රෝද දෙකේ කතන්දරේ

පියා බහදුර් |කර්තෘ

නිකුතුව 02, 2020


අපගේ සුවිසල් රටේ දිගු කලක සිට පවත්වා ගෙන ආ විස්තරවල එහි සැබෑ විචිත්රනවත් වර්ණ හෙළි වේ. පියා බහාදුර් උදාසීන රැකියාවක සිට ත්රා සජනක රැකියාවක් දක්වා ඇගේ ගමන් මඟ වගු ගත කර පෙන්වන අතර, යතුරුපැදි ධාවනය ඕනෑම රටක් හෝ තමන් ව ගැඹුරින් ගවේෂණය කිරීමේ හොඳම මඟ වන්නේ කෙසේද යන්න ද පහදා දෙන්නීය

අප අද ගන්නා ඕනෑම තීරණයක් ඒ සඳහා ලෝකයෙන් අපිට සාමාන්‍ය නැග්මක් ලබා දේ යැයි සිතන ලද සිතුවිල්ලෙහි පදනම් වූ ඒවා ය. ඒ මත අපේ තීරණවලින් ඇති වන බලපෑම සහ අපගේ සිහිනුවණ පිළිබඳ සලකා බැලීමට අපට මතක් වන්නේ කලාතුරකිනි. විශේෂයෙන්ම ආසියාවේ වඩාත් දර්ශනීය ගමනාන්ත කිහිපයක් ඔස්සේ සංචාරය කිරීමෙන් අනතුරුව මට දැනුම් තේරුම් ගියේ පෙරළා මා හටත්, මගේ තීරණය පිළිබඳවත් මට වඩා සුවදායීබවක් මගේම තෘප්තියෙන් සැමවිටම මට ලබා දෙනු ඇති බවයි. එබැවින්, හයිදරාබාද් සිට වියට්නාමය දක්වා (සහ ආපසු) සිදු කරන යතුරුපැදි ගවේෂණයට සහභාගී වූ කාන්තාවන් සතරදෙනා ගෙන් එකක් අයෙකු වීමේ වරම හිමි කර ගනිමින්,ඇය සිදු කළ ගමන සැබෑවක් නොවේ යැයි හැඟුණි. ගුවන් තොටුපළකට ගොඩ බැස, අපගේ අසල්වැසියන් වෙත සංචාරය කොට, මාර්ගෝපදේශ සපයන ලද සංචාරයක නිරත වීම සැකයකින් තොරවම උද්යෝගශීලී වූ අතර, එනමුත්, නගර සහ ගම්බද ප්‍රදේශවල ධාවනය කිරීම මහත් අභියෝගකාරී කාර්යයක් වුණි. 400 cc එන්ජින් ධාරිතාවක් ඇති යතුරුපැදි යොදා ගනිමින් ඔබට පහළින් ඇති මාර්ගය කපා ගෙන ධාවනය කරමින්, අලුතින් ඉදි කරන ලද ඉන්දියා- මියන්මාර- තායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගයේ කි.මී 17000ක් ආවරණය කිරීම ජීවිතකාලය පුරාවට ත්‍රාසජනක අත්දැකීමක් බැව් පෙනී ගියේය.

පළමු පියවර

ඒ වන තුරු, විවෘත අධිවේගී මාර්ගයක දින කිහිපයක් පුරා ධාවනය කිරීමේ වටිනාකම මා හට මා ලබා දී තිබුණේ මට අවශ්‍ය දුරකට පමණි.  මවක් ලෙස, සේවිකාවක ලෙස සහ භාර්යාවක ලෙස ගත කළ දිගු වර්ෂ ගණනාව හේතුවෙන්, මගේ අවදානම භාර ගත හැකි ආත්මය ඉන් වෙළාගොස් තිබුණි. මගේ මේ සීමා කිරීම් සහ තහංචි හදිසියේම මගේ දියණිය වන අදිති මාගෙන් සංචාරයක් සඳහා සූදානම් නොවන්නේ ඇයි දැයි අසන තුරු කල් පැවතිණි. ඇය සෙල්ලක්කාරී ලෙස ඇගේ ඇහිබැමි මා දෙස කරකවමින් හෙලූ බැල්මෙන් පැවසුණේ “දියුණු වෙන්න නැත්නම් ගෙදර යන්න” වගේ පණිවිඩයකි. මම මුල සිටම දැන සිටියා මගේ පළමු පියවර ඉතාමත් අසීරුතම පියවර වන බවට. සරලවම එය ඉතා ප්‍රකට පිම්මක්. දිනක් අපි ධාවනයක යෙදෙන විට, බටහිර මියැන්මාරයේ අරකන් කඳු වැටියත් සමඟ තිබෙන ඉපැරණි, අඳුරු වනයේ එක් ගසක් යට අපි සැඳෑවක නැවතුණු වෙලාවේ දී, මගේ දියණිය පැවසූ වදන්වල සම්පූර්ණ අර්ථය මට සති කිහිපයකින් පසුව මනසට නැගුණි. ගෙදර දී මෙවැනි වේලාවක නම්, මා මේසය මත රාත්‍රී ආහාරය තැබීමට සූදානම් කරමින් සිටිනු ඇත. එනමුත්, මේ සිත්ළඟන්නා රටේ මම මේ ගවේෂණයේ කොටස්කරුවෙකු වීමට තීරණය කළ දිනය පිළිබඳ මම සිතුවෙමි. සමාජීය නීතිරීති, සිතින් මවා ගත් යුතුකම් හෝ වගකීම්, වයස සහ ශරීර සුවතාව සම්බන්ධව නොහැකියාවන්, විභාග කාල නියමයන් වූව ද, වඩාත් ද්‍රෝහී ලෙස තමන් ගැන පමණක් සිතීමට පෙනී සිටින්නට සිත තුළ වූ බිය ආදී ඕනෑම හේතුවකින් සීමා නොවී සිටීමට එදින මම සිතා ගත්තෙමි.

කතුවරිය (ඈත දකුණින් සිටින) සහ මිතුරු පාපැදිකරුවන් වන ජායි භාරති, ශිල්පා බාලක්‍රිෂ්ණන් සහ ඒ. එස්. ඩී ශාන්ති (වම – දකුණ) වියට්නාම අග නගරය වන හැනොයි හි ඉන්දීය තානාපති කාර්යාලයට පැමිණීමත් සමඟ.

චාරිකාව අරඹමින්

අපේ ගමන අත්දැකීමක් විය. ජීවිතයේ පළමු වතාවට මට මගේ ගමනාන්තය පිළිබඳ ගැටලු නොතිබුණි. සෑම කිලෝමීටරයක් ම පසු කර යත්ම, මා හට දැඩි වින්ඳනයක් ලබා ගැනීමට හැකි වූ අතර, සම්පූර්ණයෙන් ගමනෙහි ආසන්න වශයෙන් කි.මී 17000ක් පමණ ආවරණය කිරීමට තිබෙනු දැක මම දැඩි සතුටට පත් වූයෙමි. අප අපගේ චාරිකාව ඇරඹුණු හයිදරාබාද් සිට කි.මී 2,800ක් ඈතින් සිටින විට සහ ඉන්දීය දේශ සීමාවේ කුඩා මුරපොළක සිට කි.මී 300ක් ඈතින් සිටින විට, මියන්මාරය සඳහා පිවිසුම වන මොරේ හි “ඉන්දෝ!ඉන්දියා!” යනුවෙන් නද දෙන හඬ අපට ඇසුණි. පිරිමි සහ ගැහැණු ළමුන් කණ්ඩායමක් අපට ඔල්වරසන් දෙමින්, අත වනමින් සිටියෝය. අපිත් පෙරළා ඔවුනට අත වැනුවෙමු. එතැන් සිට, අප

මියන්මාරයේ ඉරාවැඩි ගඟ මත තිබෙන හබල් ඔරුව. කර්තෘවරියට ඇගේ චාරිකාවේ මෙය අමතක නොවන දසුනකි

මියැන්මාරයට, ලාඕසය,කාම්බෝජය සහ වියට්නාමයට ගිය විට, එම වාක්‍ය කණ්ඩය කියා කෑ ගසන අයුරු කිහිප වරක් අපට ඇසුණි. සතුටු නාද සහ ඔල්වරසන් හඬ සමඟ සැමවිටම ඔවුන්ගේ සිනහව දක්නට ලැබුණු අතර, මාපට ඇඟිල්ල දිගු කිරීමේ ලකුණක් සහ අපගේ ධාවන ජැකට්ටු මත මුද්‍රිතව තිබූ ත්‍රෛවර්ණ වෙත ඇඟිලි දිගු කරමින් සතුටින් ඒවා පෙන්නුම් කිරීමත් වැඩි වශයෙන් දක්නට ලැබුණි. ඉරාවඩි සහ මෙකොන්  ගංඟ පසු කරමින් යන විට අපගේ බෙදාගත් උරුමයේ නොවරදින සලකුණු අපි දුටුවෙමු. වියට්නාමය තුළට වන්නට වූ චම්පා පෙළපතේ මයි සන් (මගේ පුත්‍රයා) නම් වූ ස්මාරකවලදී අපට එය හැඟුණි. අපි එය භගාන් හි පැරණි බෞද්ධ භූමි භාගවල අපි එය දුටුවෙමු. නිවසේ සිට බොහෝ ඈතින් සිටිමින්, අග්නිදිග ආසියාවේ මධ්‍යයේ තිබෙන පුරාණ හින්දු දේවස්ථාන දුටු මා අපගේ මුතුන් මිත්තන්ගේ නිර්භීතබව දැක අතිශය පුදුමයට පත් වූ අතර, නිර්භීත වූ ද, ත්‍රාසජනක මිනිසුන්ගෙන් පැවතී ගෙන එන සාඩම්බර වංශයකට අප ද අයිති වන බැව් යළි සිහියට නැගුණි.

වඩා යහපත් හෙට දවසක්

වියට්නාම ජාතික පුවත්පතක් අපගේ චාරිකාව පිළිබඳ ලිපියක් පළ කිරීමෙන් අනතුරුව, නගරයට මදක් දුරක සිටි අප හමු වීමට දේශීය යතුරුපැදි සංගමයක් පැමිණි අතර, ඔවුහු අපව හෝ චි මින් නගරය වෙත රැගෙන ගියහ. කෙසේවෙතත්, අප එකිනෙකාගේ භාෂාවල එක් වචනයක් හෝ කතා නොකළ නමුත්, සුහදත්වයේ අඩුවක් නොවුණි.  හුරුපුරුදු වුවද, එහෙත් විදේශීය භූමියක මිතුරන් සේ ධාවනයේ යෙදෙන විට, මා හට ඉමහත් විශ්වාසයක් හැඟුණි. මිනිසුන් සහ සම්ප්‍රදායන් පුරා තිබෙන හිස්තැන් වසා දමමින්, ඔවුන් අතර තිබෙන දුර කෙටි කිරීම සඳහා අරමුණු කරන ලද බහුපාර්ශ්වික කර්තව්‍යයන් පිළිබඳ අසන්නට ලැබීම සහ කියවන්නට ලැබීම සැම විටම සතුටකි. එනමුත්, අන්‍යොන්‍ය අවබෝධයෙන් සහ මෛත්‍රියෙන් සපිරුණු අවකාශයක, පදාර්ථ සමඟ හරඹයක යෙදී, අලුත් මිනිසුන් හමුවෙමින්, කතා හුවමාරු කර ගනිමින්, වඩා හොඳ හෙට දිනක් සඳහා සංස්කෘතියන් එකිනෙකට යා කරන මෙවැනි චාරිකා පිළිබඳ මා වටහා ගත්තේ මෙම මාර්ග ඔස්සේ මා ඇදෙන විට, ඉදිරියේ දිස් වන ක්ෂිතිජය මාගේ දෙනෙත් යොමා සිටින මොහොතක, පසෙකින් මගේ රෝදයට යටින් තිබෙන තෙත් වූ මාර්ගයක දී ය.

හිමාලයානු තාවකාලික නැවතුම

ඇඩ්‍රිනලයින් නොහොත් ත්‍රාසජනකබවින් සපිරි චාරිකාවක ඔබ රැගෙන යන, හිමාලය කලාපයට ඔබ්බෙන් වූ හිමාලය තුළට ම කැටුව යන එවැනි චාරිකා, බොහෝ විට වඩාත් අසීරුතම චාරිකාවලින් වඩාත් අගනා ප්‍රතිඵල ලබා දෙනබව සනාථ කරයි. විවිධ නිම්න පහකට නොඅඩු ප්‍රමාණයක් ඔස්සේ පහු කරමින්, ඉන්දියාවේ වඩාත් අසීරුතම මාර්ගවලින් කිහිපයක යතුරුපැදියකින් සංචාරය කළ හැක්කේ දුර්වල හදක් ඇති පුද්ගලයන්ට නොව, අභියෝග දැරිය හැකි ශක්තිමත් පුද්ගලයන්ට පමණි. සංචාරයේ යාමට උත්සාහ කළ යුතු කදිම කාලය වන්නේ ජූලි – අගෝස්තු කාල පරාසයයි.

සිත්බඳින තාර්

යතුරු පැදියක නිරන්තර තෙරපීමක් සමඟ හැරෙන්නට, රාජස්තානයේ ප්‍රතාපවත් භූමිය ගවේෂණය කිරීමට වෙනත් වඩා හොඳ ක්‍රමයක් නැත. ඔබ නිවී සැනසිල්ලේ ප්‍රාන්තය පුරා සංචාරයේ නොයෙදෙන්නේ නම්, ඔබට ප්‍රාන්තයේ තිබෙන ගැමි සුන්දරත්වය මඟ හැරෙනු ඇත. ඉතා අධික ග්‍රීෂ්ම උණුසුම හේතුවෙන්, මෙම සංචාරය නොවැම්බර්- පෙබරවාරි යන ශීත ඍතුවේ දී සැලසුම් කිරිම කදිම වේ.

ඊසානදිග ප්‍රීතිය

ඔබ මෙම සංචාරය නිවැරදිව සැලසුම් කරන්නේ නම්, මෙම ප්‍රදේශයෙන් ලබා දිය හැකි සියලු විචිත්‍රවත් දසුන් ඔබට ඉන් ආවරණය කර ගත හැකිය. ඇසෑම් හි වනගත තැනිතලාවල සිට මේගාලයේ මූල පාලම් දක්වා, එමෙන්ම, අවසානයේ අරුණාචල් ප්‍රදේශ්හි ඉහළ කඳුකර කපොළු දක්වා, මෙම චාරිකාව ඒ සියලු අත්දැකීම් ලබා දෙන බවට පොරොන්දු වේ. ජූලි-ඔක්තෝබර් මාසවල දී මෙම චාරිකාව යාමට සැලසුම් කිරීම කදිම ය.

දකුණේ හුදෙකලාව

දකුණු ඉන්දියාවේ වඩාත් ප්‍රචලිත සති අන්ත චාරිකාවලින් එකක් වන බෙංගල්ආරු සිට මිසුරු දක්වා ධාවනයේ යෙදීම ඌටි සහ කොඩෙයිකනාල් දක්වා දීර්ඝ කළ හැකි චාරිකාවකි. ග්‍රාමීය දකුණු ඉන්දියාවේ සාරය වන, ග්‍රාමීය පරිසරයටම තම සුන්දරත්වය සඟවා ගෙන සිටින සුන්දර ගම්මාන ඔස්සේ මෙම චාරිකාව ඔබව රැගෙන යනු ඇත.

කි.මී 1360ක් දිග ඉන්දියා-මියන්මාර- තායිලන්ත ත්‍රෛපාර්ශ්වික අධිවේගී මාර්ගය ඉන්දියාව, මියන්මාරය සහ තායිලන්තය යන රටවලට සම්බන්ධව සිදූකළ කර්තව්‍යයකි. එය මනිපූර්හි මොරේ නුවර සිට මියැන්මාරය ඔස්සේ තායිලන්තයේ මේසොට් නුවර දක්වා දිව යයි. එය කලාපයේ වඩාත් අභියෝගකාරීම මාර්ග චාරිකාව ලෙස ද පැන නැඟී ඇත. සම්පූර්ණ පරිපථයක් සමඟ අයි එම් ටී අධිවේගී මාර්ගය ලාඕසය සහ කාම්බෝජය ඔස්සේ වියට්නාමය දක්වා ඇදී යයි.

පියා බහදුර්

පියා බහදුර් යනු හයිදරාබාද් සිට නැගෙනහිර ඉන්දීය වෙරළ තීරය ඔස්සේ මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජය සහ වියට්නාමය ඔස්සේ ගමන් කරමින් සිදු කළ ඇගේ යතුරුපැදි චාරිකාව පදනම් කොට ගනිමින් මෙකොන්ග් වෙතට මඟ යන කෘතිය ලියූ කතුවරියයි. එමෙන්ම, ආත්ම විශ්වාසයෙන් යුත් සංචාරකයෙතු වීමට රැකියාවක් කරන මවක් ලෙස ඇයට සීමා මායිම් මැඩපවත්වා ගනිමින් පැමිණි ජීවන චාරිකාව ද මෙහි ඇතුළත් වේ.
error: Content is protected !!