සංචාරය

ගැමි දිවියෙන් බිඳක්

නිකුතුව 06, 2020

ගැමි දිවියෙන් බිඳක්



ලෝකය කෝවිඩ් - 19 වසංගතයත් සමඟ ප්‍රකෘති තත්ත්වයට පත් වෙමින් පත්වන කලක, ග්‍රාමීය සංචාරක ක්ෂේත්‍රය මත ඉහළ යන අවධාරිතයක් සමඟ, එය සංචාරයේ නියමයන් වෙනස් කරමින් සිටියි. රජයේ සහයද ඇතිව, මෙම ප්‍රවණතාව මඟින් සංස්කෘතිය සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පමණක් නොව, ගම්මාන සඳහා මූල්‍ය සහය ලබා දීම ද තහවුරු කෙරේ

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරාණාසි අසල ලාම්හි ගම්මානයේ, කෝවිඩ් – 19ට පසු යළිත් ජාත්‍යන්තරික සංචාරකයන් පිළිගැනීම ආරම්භ කිරීමේ සැලසුම්වලට මුල පුරමින් සිටී. සුප්‍රකට හින්දු කතුවරියක වන මනුෂි ප්‍රේම්චන්ද්ගේ උපන් ස්ථානය වශයෙන් දේශීය සංචාරකයන් අතර ප්‍රකට ලාම්හි යනු ඉතා උසස් ඉන්දීය ගම්මානයකි. එහි මන්දගාමී සහ ප්‍රාථමික ජීවන රටාව, නගරයේ කාර්යබහුල වේගයට හාත්පසින්ම වෙනස් වීම මඟින් උත්තර් ප්‍රදේශ් හි ප්‍රවර්ධනයට ලක් වෙමින් පවතින ග්‍රාමීය සංචාරක ප්‍රදේශයේ කොටසක් බවට ලම්හි ගම්මානය පත් කරමින්, ඉන්දීය ගැමි දිවියේ ශාන්ත ලීලාව භුක්ති විඳීමට අවස්ථාවක් සංචාරකයන් හට පිරි නැමෙයි. මෙම කුඩා ගම්මානය සංචාරක ගමනාන්තයක් ලෙස වඩාත් ආකර්ශනීය බවකට පත් කරන්නේ සාරනාත් බෞද්ධ වන්දනා මධ්‍යස්ථානය සහ වරණාසි වැනි සුප්‍රකට ගමනාන්තයන් වෙත එම ගම්මානය ඉතා සමීපව පිහිටා තිබීමයි. පශ්චාත් වසංගත කාලයේදී වාරාණාසි තුළ සහ අවට ග්‍රාමීය සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට දැවැන්ත සැලැස්මක් මත ක්‍රියා කිරීමට ඉන්දීය රජයේ සංචාරක දෙපාර්තුමේන්තුව ක්‍රියා කරමින් සිටින්නේ කෙසේද යන වග මාධ්‍යයට විස්තර කරමින් උත්තර ප්‍රදේශ්හි ප්‍රාදේශීය සංචාරක ක්ෂේත්‍ර නිලධාරීවරයා වන කීර්තිමන් ශ්‍රීවස්තවා පැවසූයේ, “සංචාරකයන්ට බෝට්ටු මඟින් ගංගා නදියේ ඉවුරු මතින් මෙම ග්‍රාමීය ගමනාන්ත කරා පැමිණිය හැකි විකල්පය ලබා දෙනු ඇති,” බවයි. මෙම මූලිකත්වයේ කොටසක් ලෙස, සංචාරකයන් හට අවට ශාන්ත පරිසරය දැක බලා ගැනීමට සංචාරයක් ලබා දෙනු ඇති අතර, කයිතිහි ගැමි දිවිය දැක බලා ගැනීමට නැතහොත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හදා වඩා ගනු ලැබූ ජයාපුර් ගම්මානයට යාමටත් ඉඩප්‍රස්තාව සලසා දෙනු ඇත.

අවධාරිතව

පසුගිය වසර කිහිපය මුළුල්ලේ සංචාරක කර්මාන්තය අද්විතීය සහ විවේකී අත්දැකීම් භුක්ති විඳීමේ වැදගත්කම මත ගෝලීය වශයෙන් අවධාරණය තබමින් සිට ඇති අතර, වසංගත කාලය අතරතුර දී, ගවේෂණය නොකරන ලද ස්ථාන ගවේෂණය කිරීමට සහ හැකි තාක් සොබාදහමට සමීපව සිටීම යන කාරණා කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇත. ඉන්දියාවෙහි ද, දේශයේ කෘෂිකාර්මික දිවියේ නිධානයන් සංචාරකයන් හට හෙළිදරව් කෙරෙමින් පවතින අතර, රාජ්‍ය සංචාරක දෙපාර්තුමේන්තු ඒ කටයුත්ත කරා ගත සිත යොදමින් සිටියි. පසුගිය වර්ෂයේ ලෝක සංචාරක දිනයේ (සැප්තැම්බර් 27) සංචාරක ක්ෂේත්‍රය සහ ග්‍රාමීය සංවර්ධනය නම් වූ තේමාවෙන් ඔවුන්ගේ ප්‍රයත්නයන් පැසසීමට ලක් වුණි. රාජස්තානයේ ප්‍රාන්ත රජය විසින් ග්‍රාමීය ප්‍රදේශ තුළ නව අවස්ථා උත්පාදනය කිරීමට අද්විතීය අත්දැකීම් සමඟ සංචාරකයන් ආකර්ශණය කර ගැනීම සඳහා නව්‍යකරණ සංචාරක වැඩසටහන් නිර්මාණය කරා ක්‍රියා කරමින් සිටියි. බිහාරයේ සහ කේරළයේ ද නව සංචාරක ප්‍රදේශ සංවර්ධනය කෙරමෙින් පවතින අතර, දේශයේ ගම්බිම් කරා සංචාරක ව්‍යාපාරය රැගෙන යාමේ රජයේ වෑයමෙහි කොටසක් ලෙස, මෙම ප්‍රාන්ත දෙකෙහි ව්‍යාපෘතීන් දෙකක් සඳහා ඉන්දීය රජයේ සංචාරක අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත. මෙම ව්‍යාපෘති මඟින් බිහාරයේ භිතිහර්වා, චන්ද්‍රහියා සහ තුර්කවුලියා ගම්මාන පෙදෙස්වල මෙන්ම, කේරළයේ මාලානාද් මලබාර්හි එතෙර මෙතෙර යාත්‍රා කිරීම සංවර්ධනය කෙරෙහි ද අවධාරිතය තැබෙනු ඇත.

ග්‍රාමීය සංචාරක ක්ෂේත්‍රයෙහි සංචාරකයන් වෛද්‍ය සහය සහ ඉගැන්වීම යනාදී ස්වෙච්ඡා කාර්යයන්හි නිරතව

සංචාරක ව්‍යාපාරය සහ සේවා නියුක්තිය

ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය නැතහොත් සංචාරකයන් ගම්මාන වෙත සංචාරය කිරීමට දිරිමත් කිරීම මඟින් සංචාරයෙකුගේ අත්දැකීම් පෝෂණය කිරීම පමණක් නොව, එනමුත් දේශීය ආර්ථිකය ද වඩා වර්ධනය කෙරේ. සංචාරකයෝ ගම්මානයකට පැමිණි කල, ඔවුන් ආහාර සඳහා, නවාතැන් ගැනීම සඳහා සහ දේශීය අත්කම් නිර්මාණ හා සිහිකටයුතු දෑ මිලට ගැනීමට වියපැහැදම් කරති. දේශීය කම්කරුවන් සහ අත්වැඩ නිර්මාණයේ නියැළෙන පුද්ගලයන් හට ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නව සහ ඍජු ගැනුම්කරුවන් ලැබීම පමණක් නොව, එනමුත් ඔවුන්ගේ පාරිභෝගිකයන්ගෙන්  එසැණින් ප්‍රතිපෝෂණය ද හිමි වේ. ඇතැම් අවස්ථාවලදී, ජාත්‍යන්තර සංචාරකයන් ගම්මානවලට පැමිණෙන විට, දේශීය අත්කම් නිර්මාණ ශිල්පීන්ට ඔවුන්ගේ කාර්යයෙහි යෙදීමට සහය ලැබෙමින්, එම සංචාරකයන්ගෙන් මෝස්තර ඉල්ලුම් ලැබීමට ඔවුන් නිරාවරණය වේ. කෙසේවෙතත්, වඩාත් විශාලතම බලපෑම දැක ගත හැකි වනුයේ හෝටල්වල සහ නිවාසවල නැවතී සිටීම ඉහළ යාමෙනි. ග්‍රාමීය සංචාරක ව්‍යාපාරයේ පිබිදීමත් සමඟ, දේශයේ දුෂ්කර ගම්මානවල වෙසෙන නිවාස හිමියන්ට පවා නිවාසවල සංචාරක නවාතැන් පහසුකම් ලබා දීමට දිරිමත් කිරීමක් ලැබී ඇති අතර, ඒ අනුව ඔවුන් විසින් සංචාරකයන් හට දේශීය සාම්ප්‍රදායයන්, සංස්කෘතිය සහ ඉවුම් පිහුම් කලාව අත්විඳීමට ඉඩ ලබා දීමෙන්, සංචාරක අනුග්‍රාහකත්වය දරන ඔවුන්ගේ ආදායම වර්ධනය කර ගැනීමට හැකියාව හිමි වේ. දැනුම හුවමාරු කර ගැනීම ඔස්සේ නාගරික සහ ග්‍රාමීය පොකට්ටු අතර සහජීවි සබඳතාවක් ගොඩ නැඟීමට සංචාරක ක්ෂේත්‍රය උපකාරී වේ. නාගරික ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයන් හට ග්‍රාමීය සමූහයන් වෙත සංචාරය කොට, ඔවුන්ගේ සංස්කෘතිය සහ උරුදය අත්දැක ගැනීම සඳහා, පෙරළා ඒ වෙනුවෙන් දේශිය ප්‍රජාවට ඔවුන්ගේ දැනුම, තාක්ෂණය සහ සම්පත් බෙදා දිය හැකිය.

මෙහි අප දකින්නේ රාජස්තානයේ දුෂ්කර ගම්මානයක් වන සබල්පුරෙහි ජනවාර්ගික ඇඳුම් සහ ආභරණ සාධාරණිකරණය කරන කාන්තාවකි.

සංස්කෘතික අදාළතාව

ඉන්දියාවේ ග්‍රාමීය සමාජ සංස්කෘතික විවිධත්වයෙන් සහ නන්විධ උරුමයෙන් අනූන වේ.  මෙම ප්‍රජාවල ඔවුන්ගේ ජීවිකාව සඳහා කෘෂිකර්මය මත බොහෝ සෙයින් යැපෙන අතර, ඔවුන්ගේ සංස්කෘතික උරුමය ප්‍රාග්ධනීකරණය කිරීමට ඔවුනට හැකියාව නොමැති බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක සිට පැවත එන ඉපැරණි චාරිත්‍ර, කලාවන් සහ අත්කම් නිර්මාණ අභාවයට පත් වෙයි. වර්තමාන ලෝකයෙහි, මෙම සැඟ වී ගොස් තිබෙන සංස්කෘතික වත්කම් පිළිබඳ සංචාරකයන්ට තිබෙන දැනුවත්බාවය හිඟ වීම හේතුවෙන් මේවා ඉගෙනීමට නොහැකිව සිටින, එහෙත් එයට වුවමනාවක් දක්වන බොහෝ සංචාරකයන් සිටීම යන කාරණය තුළ මෙම ග්‍රාමීය සංචාරක ව්‍යාපාරයෙහි අදාළතාව පවතියි. යළිත් සංචාරකයන්ගේ පැමිණිමත් සමඟ, මෙම වත්කම් මූල්‍යමය වශයෙන් ස්වයංපෝෂිත මෙන්ම, ස්වයංතිරසාරාත්මකබවට පත් විය හැකියි. කලබලකාරී නගර සහ ජනප්‍රිය සංචාරක ස්ථානවලින් එපිට පිහිටි ගම්මානවලට, සංචාරකයන් උදෙසා සාමයේ සහ සුවතාවේ අභයභූමි බවට පත් විය හැකිය. ඉන්දියාවෙහි, දේශිය ජනයාගේ සහයෝගයෙන් එක්ව පැමිණෙන තිරසාරාත්මක සහ ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය උදෙසා මාවත් ගණනාවක් සමඟ, වගකීම් සහිත ග්‍රාමීය සංචාරය අප දැන් පවසන නව සාමාන්‍යය බවට පත් වනු ඇති බව විශ්වාස කෙරෙයි.

වදන් පෙළ කුමාර් අනුභාව් ගෙනි

කුමාර් අනුභාව් යනු ඉන්දියාව පුරා ග්‍රාමීය සමාජ සමඟ කටයුතු කරන සහතිකලත් කඳු නඟින්නෙකු සහ වෘත්තිකයෙකි. ඔහු නොට් ඔන් මැප් නමැති, ඉන්දියාවේ ග්‍රාමීය ආර්ථිකය තුළ සංස්කෘතිකමය උරුමය කල් පවත්වා ගැනීමේ සහ ප්‍රවර්ධනය කිරීම උදෙසා ක්‍රියා කරන සංචාරය කේන්ද්‍ර කොට ගත් කර්තව්‍යයයේ නිර්මාතෘවරයා මෙන්ම, ප්‍රධාන විධායක නිලධාරීවරයා වේ.
error: Content is protected !!