ඉවුම් පිහුම්

සම්ප්‍රදායයන්ගෙන් පිරුණු තලියක්

නිකුතුව 06, 2020

සම්ප්‍රදායයන්ගෙන් පිරුණු තලියක්

තෝමස් සකරියස් |කර්තෘ

නිකුතුව 06, 2020


ඕනෑම සැමරුමක් මෙන්, නත්තල ද ආහාරවලින් තොරව අසම්පූර්ණ වේ, තවද ඉන්දියාවේ සම්ප්‍රදායයන් කෙරෙහි දේශීය රසයක් මුසු වේ. තෝමස් සකරියස් නම් සුප්‍රසිද්ධ අරක්කැමියා රට පුරා විසිරී තිබෙන, බොහෝ දෙනෙකු අල්ප වශයෙන් දන්නා, එනමුත්, කාලයත් සමඟ ගෞරවාදරයට පත් ආහාර වට්ටෝරු කිහිපයක් ඔස්සේ අපව රැගෙන යනු ඇත

ක්‍රිස්තියානි ප්‍රජාව වසරෙහි වැඩිම වශයෙන් බලාපොරොත්තු සහගතව බලා සිටින ලිත්සටහන් අතරින් එකක් වන්නේ නත්තලය. විවිධ පෙදෙස්වල වසන පවුලේ සාමාජිකයන් එකිනෙක‍ා හමුවීම, මධ්‍යම රාත්‍රියේ පූජාවලට සහභාගී වීම සහ ආදර සංග්‍රහ භුක්තිවිඳින දිනය එදාය. නත්තල් දින අපරභාගයේ දී සූදානම් කෙරෙන රාත්‍රී ආහාර මේසය සාම්ප්‍රදායික වශයෙන් මස් මාංශ සහ එළවළුවලින් සාදන ලද ප්‍රණීත ආහාර වර්ග එකතුවකින් පිරී යයි. මේවා බොහෝ විට වසරේ වෙනත් කාලවකවානුවක දී පිළියෙල කරනුයේ කලාතුරකින් විය හැකිය. එමෙන්ම, සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවේ කුල්මත් කිරීම් හැරුණු කොට, ඉන්දියාවේ නත්තල් සැමරුම්වල ද වෙනසක් නොමැත. මා ක්‍රිස්තියානි නිවසක හැදී වැඩුණු කේරළයෙහි දී, මගේ අත්තම්මා (අම්මම්මා) මාස ගණනාවක් සඳහා ප්‍රවේශමෙන් ඇගේ සිසිල්, අඳුරු අට්ටාලයෙහි තැන්පත් කරන ලද, නිවසේ සෑදූ අන්නාසි හෝ මිදි වයින් උගුරක් අපගේ පානයට එක් කරනු ඇත. මතකයෙන් ඈත් කළ නොහැකි තවත් ප්‍රණීත ආහාරයක් වන්නේ අත්තම්මාගේ ලොවිච්චිය නම් වූ, අල, ළූණු සහ ළපටි පොල්වලින් සාදනු ලබන ගැඹුරු කොළ පැහැති පොල් කිරි වෑංජනය යි. රතු මිරිස් සහ සුදු ළුෑණු සමඟ මුසු කොට බදින ලද කූර්කා (චීන අර්තාපල් යනුවෙන් ද හැඳින්වෙන) වැනි ඍතුමය එළවළු මස් මාංශ සමඟ සමබල ආහාරයක් එතැනට එක් කෙරිණි. සැම තැනකම පවතින ඇගේ නත්තල් සිරිය ප්ලම් කේක් ගෙඩිය සඳහා සැපයුමෙන් අදහස් වූයේ පසු දින උදෑසන ආහාරයට ද, තේ වේලාවට ද, එමෙන්ම පසුදින රාත්‍රී ආහාරයට ගන්නා අතුරුපසට ද එම කේක් ගෙඩියෙන් ලෑටි ගාමින් අපට කේක් කෑමට ගත හැකි බවයි.

ප්‍රණීත රම් බෝල යනු නත්තල් සමයේ දී භුක්ති විඳිනු ලබන සාම්ප්‍රදායික පැණි රසැති ආහාර පිළිගැන්වීමකි.

ආසන්න වශයෙන් වසර 2000 කට පෙර ක්‍රිස්තියානි ආගමෙහි ඉන්දීය මූලාරම්භය සිදු වූ දා පටන්, රට පුරා පවතින විවිධ ප්‍රදේශවල ඔවුන්ගේම සම්ප්‍රදායයන් විකාශනය වී ඇත. ක්‍රිස්තියානි ආගමිකයන් ඉන්දීය ජනගහණයෙන් සියයට 2.3ක් පමණක් නියෝජනය කළ ද, විශේෂයෙන්ම, ගෝව, කේරළය, තමිල්නාඩුව සහ නාගලන්තය, මේගාලයා සහ මිසෝරාම් වැනි ප්‍රාන්ත වල ප්‍රමුඛ ක්‍රිස්තියානි ප්‍රජාවන් කිහිපයක් පැතිරී පවතීප්‍රත්‍යක්ෂ ලෙස, මෙම ස්ථානවල ආහාර ආශ්‍රිත සම්ප්‍රදායයන් ක්‍රිස්තියානි ආගම එම ප්‍රදේශයේ පැතිර පවතින්නේ කෙසේද යන්න මඟින් හැඩගැස්වී ඇත. නිදසුනක් ලෙස, වර්තමානයේ ජෙරුසලම ලෙස හැඳින්වෙන ස්ථානයෙන් පැමිණි ප්‍රේරිත තෝමස්තුමා හට ක්‍රි. 52 දී කේරළයට එම ආගම හඳුන්වා දීම වෙනුවෙන් ප්‍රණාමය හිමි වන්නේය. මින් අදහස් වන්නේ, 16 වන සියවසෙහි පෘතුගීසීන් විසින් යටත්විජිතකරණයට ලක් කරන ලද ගෝවේ ක්‍රිස්තියානුවන්ගේ ආහාර පිසීමේ සිරිත් විරිත්වලට වඩා කේරළයේ සූපශාස්ත්‍ර විධි වෙනස් විය හැකි බවයි.

පුදුච්ඡේරි හිදී, ඇනීටා ද කනාගා සහ ඇගේ මව වන පුෂ්පා චෙස් පුෂ්පා නම් කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර, එහි දී ප්‍රංශ බලපෑමක් ලත්, පුදුච්ඡේරි ආහාර කලාවට අවධාරණය තබා, ඒ අනුව නිවසේදීම පිළියෙල කරන ලද ආහාර පමණක් කලින් වෙන්කරවා ගැනීමකින් රස විඳිය හැකිය. “උත්සවශ්‍රීය සුබ ආරම්භයක් සැල කිරීමට යාච්ඥාවක් හඬනගා කියන අතරතුර, පළමුව සාදන්නේ කෙසෙල්වලින් පැණි රස වඩ,” යැයි ද කනාගා විස්තර කරයි.

 බොලින්හොස් ඩි ලිමාවෝ හෝ ලෙමන් කප් කේක් යනු ප්‍රියතම ගෝවට හුරු නත්තල් ආහාර පිළිගැන්වීමකි

නිවසේ දී පරිභෝජනය කිරීමට ප්‍රථම, නෛ මුරුක්කු, ගී බෝල, ලඩ්ඩු සහ ආදරසම් (සීනි සිරප් තුළ ගිල්වන ලද, ගැඹුරු තෙලෙහි බදින ලද අතුරුපසක්) වැනි වෙනත් ආහාර පිළිගැන්වීම් සමූහයන් සාම්ප්‍රදායික වශයෙන් අසල්වාසීන් හට සහ නෑදෑයන් හට බෙදා හැරේ. නත්තල් දින, ආහාර වට්ටෝරුව විවිකම් කේක්, පුදුච්ඡේරි ආරට සාදන ලද නත්තල් ප්ලම් කේක් ගෙඩිය සහ හාල්පිටි, පොල්කිරි සහ සීනිවලින් සාදන ලද අතුරුපසක් වැනි ආහාරයකින් හැඩගැන්වෙයි. විනාකිරි, ඔලිව් තෙල්, ලුණු සහ නැවුම් ලෙස අඹරන ලද කළු ගම්මිරිස් තවරා සාදන ලද තම්බා ගත් බිත්තර, කැරට්, බීට්රූට්, තක්කාලි සහ බෝංචි මිශ්‍ර සරල සලාදය ද චාරිත්‍රානුකූල වේ. කෙසේවෙතත්, බලපෑමක් දක්වන ආහාරය වන්නේ, පැණි රසැති තක්කාලි චට්නි, සාම්ප්‍රදායික ළූණු චට්නි සහ වම්බටු සියඹලා චට්නි සමඟ පිළිගැන්වෙන සුවඳවත් මස් බිරියානි බතයි.

කාලය නොවැම්බර් අගට යාමත් සමග ඇරඹෙන රතු මස් සහිත ආහාර බඳුන් විශේෂයෙන්ම රස විඳින, නත්තල් උත්සවශ්‍රීය විචිත්‍රවත්ව නියමාකාරයෙන් ඇරඹේ. ලිපෝකිනෙලා එචා නම් ප්‍රාන්තයේ දේශීය ගෝත්‍රයක පෙන්වා දෙන්නේ,  “වඩාත් විශේෂ නත්තල් ආහාර බඳුන වන්නේ පොන්ග්සෙන්බවයි. පදගත අර්ථයෙන් පරිවර්තනය කළ විට ඉන් අදහස් වන්නේඋණ බටයක් තුළ පිසීම යන්නයි”, මෙය සාදනුයේ කුහරයක් සහිත උණ බට කඳක් තුළ ඉඟුරු, සුදු ළූණු සහ නැවුම් උණ අංකුර සමඟ, කොටු හැඩැතිව කපා ගන්නා ලද මස් පිසීමෙනි.” නාගලන්තයේ තවත් විශේෂත්වයක් වන්නේ දේශීය ඇලෙනසුලු රතු සහලින් සකසන ඇලෙනසුලු සහල් විස්කෝතුය.

ගෝව පෙදෙසි සුවිශේෂී සම්ප්‍රදායයන් සහ නත්තල හා ආශ්‍රිත ආහාර ඇතැම්විට රටෙහි වෙනත් ප්‍රදේශවලට වඩා ජනප්‍රියතාවක් උසුලයි. එනමුත් සීනිවලින් ඔප දැමූ කැරලි හැඩැති, කුල්කුල්ස් නම් පැණිරස ආහාර හැරුණු කොට, එලෙස සුලබ නොවන බොහෝ ආහාර වට්ටෝරු ගණනක් එහි තිබේ. දකුණු ගෝව ප්‍රදේශයේ නොස්ටැල්ජියා නම් සුප්‍රකට ගෝවපෘතුගීසි අවන්හලෙහි හිමිකාරීත්වය දරන මාර්ගරිඩා තවෝරා, 1950 වර්ෂයේ දී පෘතුගීසි බලපෑම්ලත් ගෝව නිවාසවල පිළියෙල කෙරුණු පැණි රසැති ආහාර යළි සිහියට නංවයි.

මෝර මාළු සහ අල, පිටි යොදා සාදන ක්‍රොකට්ටි නමැති ආහාරය නැතහොත් පැස්ටෙයිස් ඩි බැකැල්හව්

ඩි නොසස් ඉ තමාරා යනුවෙන් හැඳින්වෙන රටඉඳි සහ රටකජුවලින් සාදන නත්තල් පයි ආහාරයේ ගෝව ස්වරූපයට හකුරු සහ තලවලට අමතරව, පෘතුගාලයේ භාවිත කෙරෙන වියළි පළතුරු සහ කජු ද එක් කෙරේ. තියාස් ඩි අරන්හා යනු මුතු ඇට මෙන් සුදු පැහැති, සීනිවල පිසින ලද ළපටි පොල් තීරු, තරු හැඩයට කපන ලද කඩදාසි මත පිළිගැන්වීමකටය. පැපෝස් ඩි ඇන්ජොස් නැතහොත් සුරදූතියගේ නිකට යනු ඉතුරු වූ බිත්තර කහමද සමඟ සීනි යොදා ඇඹරීමෙන් සාදන ලද, පෘතුගීසි සම්භවයක් සහිත තවත් අතුරුපසකි. එමෙන්ම, බොලින්හොස් ඩි ලිමාවෝ නැතහොත් ලෙමන් කප් කේක් සහ කිව්යිජාඩින්හාස් නැතහොත් පොල් සහ කිරි, සීනි ආශ්‍රිතව සාදන ටාර්ට් නම් වූ අතුරුපස ද වේ. ගෝවෙහි නත්තල් ආහාරයට පෙර හෝ අවසානයේ දී ලබා දෙන ආහාර වර්ගවලට අඩුවැඩිය සැපයෙන්නේ පැස්ටෙයිස් ඩි බැකල්හවු නැතහොත් මෝර මාළු සහ අල, පිටි යොදා සාදන ක්‍රොකට්ස් නමැති ආහාරයක්, රිසොයිස් ඩි කමාරෝ නැතහොත් ඉස්සෝ කුඩා කැබලිවලට කඩා හරවමින් සාදන ලද ආහාරයක්, බෙල්ලන් යොදා සැකසූ පයි ආහාරයන් සහ උඳුනේ බදින ලද මස් ඇතුළත් වේ. නහොවුම් සහ පුත්‍රයෝ නමැති කොල්කටා හි ඓතිහාසික නිව් මාකට් ප්‍රදේශයේ පිහිටි අද්විතීය බේකරිය, ඊශ්‍රායල් නහොවුම් 1902 වර්ෂයේ දී බැග්ඩෑඩ් සිට පැමිණ එම ව්‍යාපාරය ආරම්භ කළ දා පටන් ඔවුන්ගේ රසයෙන් අනූන පළතුරු කේක් නිෂ්පාදනය කරමින් සිටී. මෙම යුදෙව් ජාතික බේකරියෙහි එහි අවිආයුධ ගබඩාවෙහි තිබෙන 140කට අධික නිෂ්පාදිත තිබෙන නමුත්, විශේෂයෙන්ම නත්තල් සමයේ දී වඩාත් ප්‍රකට නිෂ්පාදිතය වන්නේ නිසැකයෙන්ම රසයෙන් අනූන පළතුරු කේක් සහ මිදි කේක් වේ. එම ව්‍යාපාරයේ සිව්වන පරම්පරාවේ හිමිකරුවා වන ඉසාක් නහොවුම් ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වයේ රහස බෙදා ගන්නේය. ”අසමසම වූ ශිල්පක්‍රම සමඟ ඉහළ ගුණත්වයකින් යුත් අඩංගු ද්‍රව්‍ය උදෙසා තබන ස්ථීර අවධානය යොමු කිරීම මඟින් අපගේ ආසන්නතම තරඟකරුවන්ට වඩා බොහෝ අඩු මිලකට මිලගණන් තබා ගැනීමට අපට හැකි වී ඇත,” යැයි ඔහු පවසයි.

ඉන්දියාවට අසමසම වූ නත්තල් ආහාර පිසීමේ සම්ප්‍රදායයන් මෑතක වර්ෂවල දී එහි දීප්තිය අහිමි කර ගෙන යන සේයාවක් පෙනෙන්නට තිබුණ ද, හොඳ ආහාරවලට මතින් පවුලේ උදවිය සහ ආදරණීයයන් සමඟ එකට එක් වීම යන හැඟීම තවමත් තිබූ ලෙසම පවතී. මගේ ම පවුලේ, මගේ අත්තම්මා මීට වසර කිහිපයකට පෙර මිය යාමත් සමඟ, ඇය සිදු කළාක් මෙන් නත්තලෙහි පැතිරෙන අසිරිය විචිත්‍රවත් හෝ අධිකතර නොවනු ඇත. එනමුත්, ඇගේ පුලුස්සා පිසින ලද කුකුළු මස් සහ තාරා මස් වෑංජනය අනිවාර්යයෙන්ම ආහාර වට්ටෝරුව මත තිබීම නොකඩවා සිදු වේ.

තෝමස් සකරියස්

තෝමස් සකරියස් යනු මුම්බායි පදනම් කොට ගත් ආපනශාලාවක් වන බොම්බේ ආපනශාලාවේ මුළුතැන්ගෙයෙහි හිටපු ප්‍රධාන සූපවේදියා මෙන්ම, සුප්‍රකට අරක්කැමියෙකි. එමෙන්ම, මෙම අවන්හල 2018 දී කොන්ඩේ නාස්ට් සංචාරකයා විසින් ඉන්දියාවේ පිහිටි අධිමිලැති ආහාර ගැනීමේ ස්ථාන අතර සිටින මුල්ම ව්‍යාපාර ස්ථාන 50 අතර පළමු ස්ථානයට හිමි සම්මාන පුද කළේය
error: Content is protected !!