ඉවුම් පිහුම්

සම්ප්රදදායෙන් සපිරි බන්දේසියක්

නිකුතුව 01, 2020

සම්ප්රදදායෙන් සපිරි බන්දේසියක්

පෙළ මුනාෆ් කපාඩියා ගෙන |කර්තෘ

නිකුතුව 01, 2020


ඕනෑම නියම ආහාර වේලක් මෙන් නොව, චාරිත්රාසනුකූල බෝරි තැවරුම ඇරඹෙනුයේ අතුරුපසක් සමඟනි. ගුජරාටයේ සහ මැද පෙරදිග ආහාර හුරුපුරුදු සහ රසයන්, රසගන්වනයන්වලින් බලපෑම්ලත් බෝරි සූප ශාස්ත්රේය විසින් අවසානයේ දී ඉන්දියානු ස්වාදුභක්ෂක දර්ශනයේ පහත සඳහන් දෑ ජනනය කිරීමට පටන් ගෙන තිබේ.

මට වයස අවුරුදු 10ක් පමණ වන විට, මා කුමන ආගමට අයත් වන්නේ දැයි මගෙන් පාසල් සඟයෙකු විමසුවේය. මම බෝරි මුස්ලිම්වරයෙකු වන බව කියමින් ඔහුට ප්රඅතිචාර දැක්වූයේ ය. මගේ පාසල් සඟයා වැඩිදුර කරුණු විමසූ අතර, ඉන් අදහස් කරන්නේ කුමක්දැයි ඇසුව ද, මට ඊට එක් කිරීමට කරුණු නොවී ය. එදින සන්ධ්යාුවේ මා නිවස කරා පැමිණි විට, අපගේ සමාජයේ මූලාරම්භයන් පිළිබඳ මගේ දෙමව්පියන්ගෙන් වඩාත් පැහැදිලි ප්රමශ්න ඇසීමට මා පුරුදු පුහුණු වූ බොහෝ වාර ගණනාවකින් පළමුවැන්න බවට එම සැඳෑව පත් වුණි.

අපගේ අනන්යඅතාව, සංස්කෘතිය සහ සූප ශාස්ත්ර‍ය බොහෝදෙනෙකුට අභිරහසක් ව පවතින්නේ ඇයි දැයි යන්න පිළිබඳ මගේ වැඩිහිටිවිය මුළුල්ලෙහි ම මා තුළ කුතුහලයක් තිබිණි. විශේෂයෙන් ම අපේ මුතුන් මිත්තන් දිවිගෙවූ ප්රමථම වාසස්ථානය වන ගුජරාටයේ ආහාර සමඟ බොහෝ සමානකම් දක්වන අපගේ ආහාරවලට ඉන්දියාවේ වෙනත් මුස්ලිම් ප්රරජාව ජනප්රිජය ආහාර බඳුන් අයත් වුව ද, අපගේ ආහාරවලට ඊටම ආවේණික වූ අනන්යවතාවක් තිබුණි.

ප්රශණීතවත් ලගාන් නි සීකාහ් නම් ලුණු ඇඹුල් දමා පදම් කරන ලද, සිහින් ව කැබලිවලට කැපූ, ප්රණකට බෝරි බඳුන
බෝරි නිවසකින් පිටත සොයා ගැනීමට කලාතුරකින් හැකි වන අසමසම දබ්බා ගෝෂ් නම් දුර්ලභ, රසවත්, මාංශමය ප්රිණීත ආහාරය සමකාලීන ලෙස සලකා බැලීම.

බෝරි ජන සමාජයේ ආහාර වේල් අතුරුපසකින් ඇරඹෙන අතර, අනතුරුව කුඩා කට ගැස්මකින් සහ ඉන්පසු ප්රාධාන ආහාර වේලෙන් ඇරඹේ. තාල් යනුවෙන් හැඳින්වෙන අඟල් 3.5ක් පළලැති වානේ පිඟානක් වටා ආහාර ගනු ලබන පුද්ගලයන් (හත් අට දෙනෙකු පමණ) පොළොව මත හිඳ, උරට උර සිටිමින් ආහාර ගැනීම බොරිස්වරුන්ගේ සිරිතකි. අපි තාල් ආහාරය (සංකේතාත්මකව) පීසා කැබලි මෙන් කැබලිවලට කඩා, පිඟාන මධ්යසයේ තිබෙන දීසියෙන් අප සැමට ආහාර පිළිගැන්වීම අතිශය සුන්දර අත්දැකීමකි. ආහාර වේල පටන් ගැනීමට ප්රාථම, පරිමිතියෙහි රසකැවිලි කට්ටලයක් තිබෙන කුඩා තාල් බඳුනක් සහ මධ්යේයේ නමක් ඩානි (කුඩා ලුණු බඳුනක්) තබා අප වෙත පිළිගැන්විණි.

බෝරි මුළුතැන්ගෙයෙහි ආහාර වේලක් රස විඳින බොලිවුඩ් නළු රිෂි කපූර්; මුනාෆ් කපාඩියා ඇගේ මව නෆීසා සමඟ

ආහාර වේල ඇරඹීමට ප්ර්ථම, තාල් හි හිඳ සිටින ළාබාලතම පුද්ගලයා හට නමාක් දානි නම් කුඩා බඳුන ගෙන සෙසු පිරිසට ලුණු ලබා දීමට පෙළඹවීමක් සිදු කෙරේ. ලුණු රස බලා ආහාර වේලක් ඇරඹීමේ අදහස එම ආහාර වේලෙහි බැක්ටීරියා විරෝධී ගුණවලට ආරෝපිත නමුත්, එහි වඩාත් වැදගත් කරුණ වන්නේ සැබෑ ආහාර වේල ඇරඹීමට ප්රරථම අපගේ රස නහර ක්රිගයාත්මක කිරීමට එය සතු හැකියාවයි!
ලුණු රස බැලීමෙන් අනතුරුව, සොදන්නු (බත් ග්රෑ‍ම් 100ක්) යනුවෙන් හැඳින්වෙන පැණි රසැති බත් සමඟ ආහාර වේල ඇරඹීම සුබදායක බව අපි සලකන්නෙමු. ගිතෙල් සමඟ පිස ඇති (පිරිපහදු කළ දුන්තෙල්) මෙම සුවඳවත් ආහාර බඳුන කාරාස්-මීතාස් හි බෝරි සම්ප්රිදාය නියෝජනය කරන අතර, මෙහිදී අපි රසකාරක ශාකය පැණි රස සමඟ මාරු කරන්නෙමු. (මෙම තාල් බඳුන යළි පැවති තත්ත්වයට පත් කිරීම පිණිස සහ සෑම ආහාර වේලක් ම රසකාරකයන්ගෙන් සමන්විත බව තහවුරු කිරීම නොකඩවා සිදු කෙරේ.)

වඩා අභිලාෂී බෝරි තාල් ආහාර බඳුන්වල සෝදන්නු වෙනුවට වෙනත් ආහාරයක් තැබීම හෝ එය අයිස්ක්රීෂම් හෝ සුෆ්ලේ (පුඩින් වර්ගයක්) සමඟ ආහාරයට ගැනීම සිදු කෙරේ. ඉන්පසු සාමාන්යතයෙන්, දුමෙහි තබන ලද එළුමස් කීමා පැටී සමෝසා බඳුනක් (දෑතින් ඔතන ලද ෆිලෝ පේස්ට්රිුයක් තුළ රස ගන්වන ලද සහ දුමේ තැබූ කුඩා කෑලිවලට කැපූ මස්) වූ ආරම්භක ආහාර වටයකින් (කටගැස්මට ගනු ලබන ආහාර) (නැතහොත් කාරාස්) ආහාර අනුභව කෙරේ. සමෝසාවක් (කුළුබඩු දමන ලද එළවළු හෝ මස් පුරවා, ගැඹුරු තෙලේ බදින ලද රසවත් ත්රි කෝණාකාර පේස්ට්රි(යක්) ආහාරයට ගැනීමට ප්රසථම, පළපුරුදු බෝරි ප්රතජාවේ සාමාජිකයෙකු එයට ලෙමන් ගෙඩියක් පොඩි කර එහි සාරයෙන් බිංදු කිහිපයක් දමන අයුරු ඔබ දකින විට, අපි අපගේ ආහාර ඉතා බැරෑරුම් ලෙස සලකන බවට එය සාධකයක් වනු ඇත. මෙහි ඇති තර්කය වන්නේ ලෙමන් ගෙඩිය සතු ආම්ලික ගුණය මාංශවලට ලබා දී ඇති දුම් ප්ර තිකාරය ක්රි යා කරවනු ලැබීම යි.කාරාස් ආහාරය අවසන් වූ විගස, මීතාස් (පැණි රස ආහාර) ආහාර වේල පිළිගන්වනු ලැබේ.

පැණි රසැති ආහාරවලින් මුඛයේ තල්ල යළි යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, දින දෙකකට අධික කාලයක් පුරා කුළුබඩුවල ලුණු ඇඹුල් සමඟ දමා පදම් කරන ලද එළුවෙකුගේ ගාතයක් සමඟ රත් පැහැ මාසාලා ලෙස පැමිණෙන්නේ ප්රුණීත රාන් නම් වූ ආහාරය යි. මෙම ආහාරය සෙමින්, ඉවසිලිවන්ත ආකාරයෙන් පිසිනු ලබන බවට බෝරි සූප ශාස්ත්රූයේ විශ්වාස කෙරෙන සුලභ ආහාරයකි. මෙම රාන් නමැති ආහාරය දානියා (කොත්තමල්ලි), ජීරා (සූදුරු), කහ සහ මිරිස් කුඩු ස්වල්පයක් සමඟ ඉඟුරු සහ සුදුළූණු තලපයෙන් පදම් කරනු ලැබේ. මෙය සකස් කිරීමට ප්රකථම, එය මීකිරිවල දමා පැය කිහිපයක් පදම් කිරීමට ලක් කරන අතර, ඉන් පසු එළුමස් මුඛයේ දියවෙන තරම් මෘදු වන තෙක් වැඩි ගින්දර යොදා, පැය දෙක තුනක කාලයක් පිස ගනු ලැබේ. මෙය සැලි වේෆර් (අර්තාපල් කූරු) සමඟ කොත්තමල්ලි කොළවලින් සරසා පිළිගනුවනු ලැබේ.

අවසානයේ දී, පැණි රසැති ආහාර බඳුන් දෙක තුනකට පසුව, ජමාන් හෝ ප්රපධාන ආහාර වේල පිළිගන්වනු ලැබේ. එය සාමාන්ය යෙන්අර්තාපල් සමඟ පිසිනු ලබන සාම්ප්ර,දායික ඩම් බිරියානි (බත් සහ මස් වෑංජනයක්) බතක් වේ. ඉන්දියාව වැනි පුළුල් සහ විවිධත්වයෙන් අනූන රටක එකකට වඩා අනෙක සුවිශේෂී සහ සිත්ගන්නා, ගණනය කළ නොහැකි පමණ ආහාර පිසීමේ ක්රනම ගණනාවක් ඇත. කෙසේවෙතත්, ඒවා පිළිගන්වනු ලබන සාම්ප්රළදායික ක්රරම මඟින් සංස්කෘතික ඒකාග්රාතාවේ හැඟීම පිළිබිඹු කෙරේ. අපගේ විවිධ වෙනස්කම් එකට සහ අද්විතීය ආකාරයකින් සැමරීමට ඉඩහසර සලසා දෙන්නේ මෙවැනි හිතමිතුරන්, පවුල සහ දන්නා හඳුනන අය සමඟ ආහාර බඳුනක් බෙදා ගැනීමෙන් හට ගන්නා එකමුතුබවේ සහ සමීපත්වයේ හැඟීමෙනි.

පෙළ මුනාෆ් කපාඩියා ගෙන

රස නහර පිනා යන ආහාර වේල් හයක් පුද්ගලයන් 14කුට පිළිගන්වන, නිවාස ශෛලියේ ආහාරපානවලින් සමන්විත බෝරි මුළුතැන්ගෙහි ප්ර ධාන විධායක නිලධාරීවරයා (ඉවුම් පිහුම් නිලධාරී) වන්නේ මුනාෆ් කපාඩියා ය. මුනාෆ් ඔහුගේ වසර හතර හමාරක අන්තර්ජාල ප්රකචාරණ වෘත්තිය සූප ශාස්ත්ර ය උදෙසා තමා සතු ඇල්ම උදෙසා කැප කළේය.
error: Content is protected !!