වන්දනාකාරියකගේ ඉදිරිමග
සුපිරි නිරූපිකාවක වන රේචල් හව්ටර් අභ්‍යන්තර පැවැත්ම සමග සම්බන්ධවීමට ඇයට උපකාර කොට ඇති රටක් වන ඉන්දියාව සමග ආදරයෙන් බැඳී සිටින්නීය. ඇගේ වඩාත්ම ප්‍රියතම ආධ්‍යාත්මික ගමනාන්ත වන වරණාසි සහ රිෂිකේශ් වෙත මාර්ගෝපදේශිත චාරිකාවකින් ඇය අපව රැගෙන යන්නීය
2015 වර්ෂයේ දී රේචල් හන්ටර්ගේ විචිත්රත්වයේ චාරිකාව (ඔදමර දෙ ඊැ්මඑහ* නම් රූපවාහිනී කතා මාලාව රූගත කරන අවස්ථාවේ දී, එක් මැදියමට ආසන්න වූ රැුයක දී මම නව දිල්ලි නුවරට ගොඩ බැස්සෙමි. මා ගුවන් තොටුපළින් පිටතට පැමිණෙනවාත් සමඟ ම, මගේ මනස උද්යෝගයෙන් පිරී තිබුණි; මා නොදන්නා දෙය ගවේෂණය කරන තුරු බලා සිටීමට මට නොහැකි වුවත්, එය මට වඩා හුරු බවක් දැන වීය. අසල පිහිටි හෝටල්වලින් එකක නවාතැන් ගැනීමට ගිය මා, පසු දින උදෑසන වරණාසියට පියාසර කළෙමි. මගේ තේරීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළ අතර, පසුව මට වැටහී ගියේ එය මෙතෙක් කල් මා ලබා ගත් හොඳම තීරණය බවයි. එය අදහා ගත නොහැකි තරමේ තීව්ර, ඉන්ද්‍රජාලික හා පරිවර්තනීය නගරයකි. ලෝකයේ පුරාණතම හා ශුද්ධතම නගරවලින් එකක් වන එම නගරයේ ශිව දෙවියන් වැඩ සිටි බැව් පැවසේ. ඇතැම් පුද්ගලයන් හට ප්‍රථම වරට වරණාසියේ විචිත්‍රවත් සංස්කෘතිය මඳක් විශාල බව හැඟුණ ද, මෙම පුරාණ නගරය පිළිබඳ අවබෝධ කර ගැනීමට පුද්ගලයෙකු හට ඉවසීම අවශ්‍ය වේ. වරක දී එක් වසඟ කරවන ස්ථරයක් බැඟින්, වරණාසියේ ජීවමාන උරුමය එය විසින් ම නිරාවරණය කරනු ලබන තුරු අයෙකු ඉවසා සිටිය යුතු වේ. දිව්‍යමය සහ භක්තිමත් උණුසුමක් සමඟ විශිෂ්ට ආධ්‍යාත්මික වටිනාකමකින් අනූන වරණාසි නගරය, ලොව වටා විශ්වාසී ජනයා ආකර්ෂණය නිසා ඇදී යයි. බටහිර ලෝකය හඹා යන දෑ ට විරුද්ධ වූ ජීවන රටාවක් සොයා ගොස් මගේ ආත්මය යළි පුබුදුවාලීමට, විශ්වාසය සොයා යමින් මා ද මෙහි පැමිණ ඇත.යාබද කෝවිලකින් නැෙ`ගන සජ්ඣායනා හඬ සමඟ වරණාසියේ මාගේ ප්‍රථම උදෑසන ඇරඹිණි. මගේ හෝටල් කාමරයෙන් පිටත අහස තවමත් අඳුරෙහි ගිලි තිබුණ ද, දෙවියන් වහන්සේගේ දෛනික වැඩ චර්යාව සඳහා නගරය දැනටමත් අවදි වෙමින් සූදානම් වන බවක් පෙනී යයි. ඉන්දියාවේ ශුද්ධතම ගංඟා අතුරින් එකක් වන, ගැන්ගීස් නදියේ අතු ගංඟාවක් ඔස්සේ මා ඇවිද යන විට, උදෑසන විශේෂ බවකට හරවන්නේ දර්ශනීය හිරු උදාවෙන් පමණක් ම නොවන වග බව මට පසක් වුණි. මෙම අත්දැකීම සුවිශේෂී කරන ලද්දේ නගරයේ සිටින මිනිසුන් සහ එහි පවත්නා දැහැමි වාතාවරණය විසිනි.

ගිනි රත් පැහැයෙන් ගැන්ගිස් නදිය මතින් හිරු නැඟී එන අතර, උඩ පහළ යන බෝට්ටුවල ඡුායාවත් සමඟ, යාතිකාවලින් දෙවියන් සහ දේවතාවන් වන්දනාමාන කිරීමට සහ නැහැවීමට සිදු කරන පූර්ව චාරිත්‍රවලට නගරය ඇරයුම් කළේය. ශ්‍රමණ භවතෙකු විස්තර කළ පරිදි, දෙවියන් අවදි කිරීම පිණිස මිනිසුන් විසින් සිදු කරන යාතිකා, කෝවිලකින් නැෙ`ගන සජ්ඣායනා සහ ඝණ්ඨාර නාදවලින් වාතය පිරී ගොස් ඇත. නගරය ජීවයට පැමිණීමත් සමඟ, ගංඟා ද ජීවයට පැමිනුණි. බැතිමත්හු නදියට සහ හිරු දෙවියන්ට යාච්ඤා කළහ.දරුවෝ ප්‍රීතිමත් ලෙස ශබ්ද නගමින් ජලයට පැන කිමිදී, දිය කැළඹූහ. යෝග පුහුණුකරුවෝ ගංඟාවේ ශාඛාව මත පියවර ඔස්සේ ආසන පුහුණු කරන අතරතුර, බෝට්ටුකරුවෝ සිත්ළඟන්නා හිමිදිරි උදෑසන චාරිකා සඳහා ඔවුන්ගේ බෝට්ටු සූදානම් කළහ. මා බෝට්ටුවක හිඳ ගත් වනම, එහි සිත්ළඟන්නා සෙලවීම මගේ ඉන්ද්රියයන් මත ක්රියාකරන්නට විණි. ඒත් සමඟම, දෘෂ්ටියක් සහ සිහිනයක් ලෙස නදියේ සිට වරණාසි නගරය නැඟී සිටින අයුරු මෙන් මට දිස් විය. ගගෙහි තවත් පඩිපෙළක් වූ මණිකර්නිකයට යාමට ද පසුව එදින මා හට අවස්ථාව ලැබුණි. මිය ගිය අය හට තම ආදරණීයයන් විසින් ගරු බුහුමන් පුදන අයුරු සහ මෝක්ෂය පතන අයුරු මම නිරීක්ෂණය කළෙමි. ජීවිතය මෙම නගරයේ දී එහි චක්‍රය සම්පූර්ණ කරනවාක් මෙන් විය.අවසාන වශයෙන්, වරණාසියේ ගවේෂණය මා, හනුමාන් දෙවියන් උදෙසා කැප කොට තිබෙන සන්කත් මෝචන් විහාරයට රැුගෙන ගියේ ය. ඔහුගේ චමත්කාර විහාරය නිසල මං තීරුවකට සම්බන්ධ කොට තිබුණේ එහි වූ අසමසම සරලබව විඳහාපාමිනි. තේජාන්විත හනුමාන චාලිසා (යාතිකා* ගැයෙන අතරතුර, දෙවියන්ගේ ප්‍රියතමයන් වන වඳුරෝ මිදුල පුරා නිදහසේ සැරිසරති.බිම හිඳිමින් මා පසු කර ගෙන යන මිනිසුන් දෙස බැලීම ප්‍රිය උපදවන්නකි.

අවසාන වශයෙන්, වරණාසියේ ගවේෂණය මා, හනුමාන් දෙවියන් උදෙසා කැප කොට තිබෙන සන්කත් මෝචන් විහාරයට රැුගෙන ගියේ ය. ඔහුගේ චමත්කාර විහාරය නිසල මං තීරුවකට සම්බන්ධ කොට තිබුණේ එහි වූ අසමසම සරලබව විඳහාපාමිනි. තේජාන්විත හනුමාන චාලිසා (යාතිකා* ගැයෙන අතරතුර, දෙවියන්ගේ ප්‍රියතමයන් වන වඳුරෝ මිදුල පුරා නිදහසේ සැරිසරති.බිම හිඳිමින් මා පසු කර ගෙන යන මිනිසුන් දෙස බැලීම ප්‍රිය උපදවන්නකි.පුද්ගලයෙකු හට වරණාසියේ භක්තිය දැනෙන්නට නම්, ඔහුට එම නගරය ගවේෂණය කිරීමට සිදු වේ. එක් රැුයක් මා පසු ගිය වසරේ දී ආපසු වරණාසිය බලා යන විට, සජ්ඣායනා හඬට සවන් දෙමින් මා විශ්වනාත් විහාරයේ පියගැට පල්ලෙහි හිඳ සිට අයුරු මගේ මතකයට නැගෙයි. මා එහි හිඳ සිටින විට, රිද්මයානුකල සජ්ඣායනය ගැඹුරින් අනුනාද වීම තුළින් මට හැඟුණේ මා නැවත ඉපදී ඇති බවය! පුදුමයට පත් වූ දරුවෙකුගේ දෑස්වලින් ඔබේ ජීවිතය දකින්නට සලස්වමින්, ඔබේ අභ්‍යන්තර අරුමය විවිර කිරීමට ඉඩකඩ සපයමින්, චින්තනයේ නව ආකාරයක් සඳහා වරණාසිය උපත ලබා දෙයි. ඇස්බැන්දුම ඇරඹීමට ආශ්වාස ප්‍රශ්වාස කරන්න.
අනිවාර්යයෙන්ම කළ යුතු දෑ



රිශිකේෂ් වරණාසියෙන් පසු, ඉන්දියාවේ මගේ ප්‍රියතම නගරය වන්නේ, හිමාලය කඳුවැටියට සම්බන්ධ වී ඇති, ආධ්‍යාත්මිකත්වයේ සහ යෝග ක්ෂේත්රයේ නගරය වන උත්තරාකන්ද් හි රිශිකේෂ් නගරයයි. සෑම සන්ධ්‍යාවකම විචිත්‍රවත් ආර්ති (ගං ඉවුරේ පවත්වන ලාම්පු චාරිත්‍රයක්* චාරිත්‍රය වෙත වේගයෙන් ඇඳී යන ගැන්ගිස් නදිය සහ ජන සේනා දැකිය හැක. වරණාසියේ ශක්තිමත් වූ ද, සන්සුන් හා අද්විතීය දසුන ගැන්ගිස් වන අතර, රිශිකේෂ්හි එය කඳුවැටිය පහළට ගලා බසී. රාත්‍රිය උදාවෙත්ම, එම රාත්‍රිය සමඟම සැඟව යන පරිදි, මිනිසුන් විසින් නදියේ පා කර හරින ලද, බැබළෙන ලාම්පු දෙස බලා සිටීම පරිණාමනීය වෙනසකි.

කුන්ජාපූරි දේවි කෝවිල මනරම් දසුනකි. හිරු නැඟ එන විට ඒ මත්තෙන් දිස්වන කෝවිල්වල විශ්මය අත්දැකීමට සංචාරක මාර්ගෝපදේශකයෙකු කුලියට ගන්න. හිමාලය කඳුවැටිය මතින් හිරු පිබිදෙන විට, නිහඬව ඒ දෙස බලා සිටින්න. නැතහොත් සජ්ඣායනා කරන්න. කෝවිලෙන් එහි ද්වාර විවර කරන විට, හිමි නම පැමිණ බැතිමතුන් හට ආශිර්වාද කරයි.

රෝස රසැති ලැස්සි, රසවත් වීදි ආහාර, හඳුන්කූරුවල ඉමිහිරි සුවඳ, කසුකුසු ගානා හඬ ඇසෙන සංවාද සහ කිසියම් ආහාරයක් ලැබෙන තුරු කඩ සාප්පු අසල බලා සිටින හරකුන් පවා සුසංයෝග වූ අත්දැකීමක් ලෙස මෙම නගරය දැක්විය හැකිය. මා හට සැනසීම ලැබුණු එක් කෝවිල් හඩක් ලෙස මෙම නගරයේ නම් කළ නොහැක. එනම්, මේ සියල්ල ආධ්‍යාත්මික චාරිකාවක කොටස්ය. මෙය මාගේ පමණක් නොව, අභ්‍යන්තරිකව සරලබවින් යුත් වීමත්, මිනිසුන්ගේ මමත්වය ගිළිහී ගොස් පුද්ගලයෙකු හට ඔහුගේ දිවිය සම්පූර්ණයෙන් ගවේෂණය කිරීමට ඉඩ සලසා දීමත් හේතුවෙන් ඉන්දියාවේ විශිෂ්ට වන්දනා චාරිකාව බොහෝ දෙනෙකුගේ ජීවිතවල මූලික කොටසක් බවට පත් ව ඇත.” ”ලෝකයේ සෙසු සියල්ලන් බාහිරව සංචාරය කරන විට, ඉන්දියාව අභ්‍යන්තරිකව සංචාරය කළේය” යැයි කියමනක් ඇත. මෙය ආත්මයට ඉන්දියාව ලබා දෙන පොරොන්දුව යි. එම පොරොන්දුව සියවස් ගණනාවක සිට ඉටු කෙරෙමින් පවතී. දේශය වැළඳ ගන්න. ඉන්දියාව සැම විටම ඔබට ආදරය කරනු ඇත.
අනිවාර්යයෙන් ම කළ යුතු දෑ


