හවුල්කාඟත්වය

අනාගතයට මං පෙතක්

නිකුතුව 01, 2020

අනාගතයට මං පෙතක්

අනිල් වාද්වා |කර්තෘ

නිකුතුව 01, 2020


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්ර ම්ප් පෙබරවාරි 24-25 දෙදින තුළ ඉන්දියාවට සිදු කළ සංචාරය, දෙරට අතර පවතින උසස් මට්ටමේ අඛණ්ඩ ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කිරීමක් විය. මෙම සංචාරය දැඩි සෙයින් වැදගත් වන්නේ ඇයි දැයි යන්න පිළිබඳ හිටපු තානාපති අනිල් වාද්වා විසින් මතු කොට පෙන්වා දෙන ලදී.

2020 පෙබරවාරි 24 සිට 25 දක්වා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවෙහි තම ප්‍රථම සංචාරය උසස් අයුරින්, සාර්ථක ලෙස සම්පූර්ණ කොට ඇත. ජනපතිවරයා සමඟ ඇමරිකානු ජනපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්, ජනපතිගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සහ බෑණනුවන් වන ජෙරාඩ් කුෂ්නර් ජනපතිවරයා කැටුව පැමිණි අතර, අහමදාබාද්, අග්‍රා සහ නව දිල්ලිය යන නගර මෙම සංචාරයෙන් ආවරණය කළහ. අහමදාබාද්හි මොටෙරා ක්‍රීඩාංගණයේ පැවති දැවැන්ත වූ ද, සාර්ථක මහජන හමුවක් මීට ඇතුළත් වූ අතර, විශාල ජනකායක් අගමැති මෝඩි සහ ජනපති ට්‍රම්ප් හට ප්‍රීතිඝෝෂා කිරීමට එක්රැස් ව සිටියහ. ගුවන් තොටුපළෙහි සිට ක්‍රීඩාංගණය දක්වා මාර්ගය දෙපස පේළි සෑදී සිටි විශාල සංඛ්‍යාවක් වූ ජනතාවගෙන් තමන් ලද සාදර පිළිගැනීමෙන් ඇමරිකානු ජනපතිවරයා ප්‍රීති ප්‍රමෝදයට පත් වූ අතර, ඉන්දියාව සහ පැහැදිලි සුහදශීලීත්වයක් සතු අගමැති මෝඩි සඳහා ට්‍රම්ප් ජනපතිවරයා කළ ගුණ වැයීමෙන් සියල්ල පරිපූර්ණබවක් පෙන්නුම් කෙරිණි.   ජනපති ට්‍රම්ප් සහ අගමැති මෝඩි පසුගිය මාස අට පුරා බොහෝ වාර ගණනක් බැහැදැක තිබූ අතර, ට්‍රම්ප් ජනපතිවරයා විසින් අගමැති මෝඩි “සුවිශේෂී” සහ “දැවැන්ත සාර්ථකවත් නායකයෙක්” යනුවෙන් ඇමතීම සඳහා පෙළඹවීමට තරම් මිත්‍රත්වයක් සහ සම්බන්ධතාවයක් දෙදෙනා අතර වර්ධනය වී තිබුණි. වෙළෙඳාම, ආයෝජන, ආරක්ෂාව, ප්‍රතිත්‍රස්තවාදය, බලශක්තිය, කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳ සම්බන්ධීකරණය මෙන්ම, මිනිසුන් අතර හුවමාරුව ද ඇතුළු ඉන්දීය – ඇමරිකානු සබඳතා පසුගිය වර්ෂ කිහිපය මුළුල්ලේ සමස්තයක් ලෙස ඉහළ ගොස් ඇත. තාක්ෂණ හුවමාරුව හා ඉතා වැදගත් තාක්ෂණයන්හි අනු නිෂ්පාදනය සඳහා ආරක්ෂණ තාක්ෂණය සහ වෙළෙඳ මූලිකත්වය යටතේ ගිවිසුම් තුනක් සහ කාර්මික ආරක්ෂණ ඇමුණුම සඳහා 2019 දෙසැම්බර් මස 2+2 අමාත්‍යාංශ සංවාදයේ දෙවන මුහුණුවර සඳහා ඉන්දීය විදේශ සහ ආරක්ෂණ අමාත්‍යවරුන් විසින් ඇමරිකාව වෙත සිදු කළ සංචාරයේ දී අත්සන් තැබිණි.

අගමැති නරේන්ද්රප මෝඩි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්ර ම්ප් සහ ජනපති ආර්යාව වන මෙලනියා ට්රඩම්ප් සමඟ අහමදාබාද් හි ගාන්ධි ආශ්රරම් ලෙස ද හැඳින්වෙන සබරමතී ආශ්ර්මයට සිදු කරන සංචාරය අතරතුර දී.

ලෙමෝවා නම් සුරක්ෂිත සන්නිවේදනය සහ හුවමාරු අවබෝධතා ගිවිසුම් වැනි යුධමය කාර්ය සම්පාදන බෙදා ගැනීම, සන්නිවේදන අනුකූලතාව සහ ආරක්ෂණ ගිවිසුම, එනම් ටකොම්කාසා  ආදී ප්‍රධාන ගිවිසුම් අත්සන් කිරීමට මෙම රටවල් ද්විත්ත්වය යොමු වී ඇත. භූගෝලීය සහයෝගීතාව සඳහා මූලික හුවමාරු සහ සහයෝගීතා ගිවිසුම හෙවත් බෙකා ගිවිසුම අත්සන් කිරීම කෙරෙහි කඩිනමින් යොමු වීමට සංචාරයේ දී එකඟ වුණි. මෙම ගිවිසුම් මඟින් අනාගතයේ දී සිදු කළ හැකි ඒකාබද්ධ මෙහෙයුම් සඳහා ඇති හැකියාවට මඟ සැලසෙයි. කෙසේවෙතත්, ඉන්දියාව දැවැන්ත ආරක්ෂණ හවුල්කරුවෙකු ලෙස, ඇමරිකානු උපකරණ සඳහා ඉන්දියාව කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණින් තාක්ෂණය හුවමාරු කිරීමට සහ අනු නිෂ්පාදනය සිදු කර ගෙන යාමට ක්‍රියා කරනු ඇත. න්‍යාය පත්‍රයේ තිබූ තවත් වැදගත් අයිතමයක් වූයේ වෙළෙඳාම යි. 2018 වර්ෂයේ දී, ඇමරිකාව විසින් ඉන්දියාවට ද බලපෑම් ඇති කරමින්, වානේ සහ ඇලුමිනියම් මත ගෝලීය තීරුබදු සියයට 25ක් සහ සියයට10ක් ලෙස අය කරගන්නා ලදී.  2019, ජූනි 5 වන දින ඇමරිකාව විසින් ඉන්දියානු භාණ්ඩවලට මින් පෙර පිරිනමා තිබූ ජීඑස්පී (සාමාන්‍යකරණය කළ මනාප ක්‍රමය) ඉවත් කර ගත් අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක් වටිනා ඉන්දීය අපනයනවලට බලපෑම් ඇති විණි.  2019 ජූනි මස 16 වන දින, ඉන්දියාව විසින් ඇමරිකානු නිෂ්පාදිත 28 මත අතිරේක බදු අය කරන ලදී. අඩු බදු සහ වෛද්‍ය උපාංග, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ භාණ්ඩ සඳහා වෙළෙඳපොළ පිවිසුම ලබා ගැනීමට ඇමරිකාව වෙර දරමින් සිටියේ ය.  ඉන්දියාව ස්වකීය ජීඑස්පී වරප්‍රසාදාත්මක තත්ත්වය යළි ලබා ගැනීමට, වානේ සහ ඇලුමිනියම් මත පනවා ඇති අතිරේක බදු ඉවත් කර ගැනීමටත් සහ තම රටේ මිදි සහ අඹ වැනි පළතුරු සඳහා වෙළෙඳපොළ පිවිසුම ලබා ගැනීමටත් අභිලාෂයෙන් පසු වේ.

ඉන්දියාවේ ජනපති රාම් නාත් ගෝවින්ද් නව දිල්ලියේ රාෂ්ට්රාපති භවන් හිදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්ර්ම්ප් හමුවෙයි.

එච් 1 බී වීසා යටතේ සේවා නියුක්තියේ නිර්වචනය සහ විශේෂ රැකියා මෙන්ම, ඉන්දී‍ය තොරතුරු තාක්ෂණ කර්මාන්තය කෙරෙහි ඉන් ඇති වන බලපෑම තවමත් විසඳුමක් ලැබෙන තෙක් පවතින  ගැටලුවක් වන අතර, ඉහළ කුසලතාවලින් හෙබි ඉන්දීය වෘත්තිකයන් විසින් ඇමරිකානු ආර්ථිකයේ අභිවෘද්ධිය සහ සංවර්ධනය උදෙසා දක්වන දායකත්වයේ වැදැගත්කම පිළිබඳ අවධාරණය ඉන්දියාව නොකඩවා තබයි.  එක්සත් ජනපද සංචාරය අතරතුර දී, අගමැති මෝඩි විසින් ඇමරිකාවේ සේවය කරන ඉන්දීය වෘත්තිකයන් විසින් ඉදිරියේ දී වරප්‍රසාද ලබන සම්පුර්ණ කිරීමේ ගිවිසුමක් අවසන් කිරීමේ ගැටලුව ද මතු කළේය. ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති සහයෝගීතා සමාගම සහ වෙනත් විභව ගණුදෙනුකරුවන් හට ඇමරිකානු නිෂ්පාදිත සහ සේවා ප්‍රවර්ධනය කිරීමට අමතරව, ඉන්දියාවට ඇමරිකානු න්‍යෂ්ටික අපනයන යැවීමට ප්‍රතිපත්තිමය සහය ලබා දීම පිළිබඳ සාකච්ඡා කිරීමට, ඇමරිකානු න්‍යෂ්ටික බලශක්ති ආයතනයෙන් නියෝජිත පිරිසක් ජනපති ට්‍රම්ප්ගේ සංචාරයට ප්‍රථම ඉන්දියාවේ සංචාරය කොට ඇත. ඇමරිකා – ඉන්දීය බලශක්ති වෙළෙඳාම පසුගිය සිව් වසරේ දී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 20කට තනිව ළඟා වී ඇති අතර, දෙරට අතර වාණිජ සබඳතාවන්හි නව මං පාදන්නෙකු වනු ඇත. ඇමරිකා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සහයෝගිතාව විසින් නිත්‍ය නියෝජනයක් ස්ථාපනය කිරීමට තීරණය කොට ඇති අතර, ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600ක මුදලක් වෙන් කොට ඇති බව නිවේදනය කර ඇත. ආරක්ෂිත 5 ජී රැහැන් රහිත ජාලයක වැදගත්කම දෙපාර්ශ්වයම සාකච්ඡා කළ බව ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවක් අමතන අතරතුර සඳහන් කළ අතර,  “මෙම නැඟී එන තාක්ෂණය නිදහස, ප්‍රගතිය සහ සශ්‍රීකත්වය සඳහා උපකරණයක් වීමට, මර්දනය හා වාරණය සඳහා පවා නාලිකාවක් ලෙස එයට කටයුතු කළ හැකිවීමේ අවශ්‍යතාව” පිළිබඳව අවධාරණය කළේය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්රරම්ප් සහ ජනපති ආර්යාව වන මෙලනියා ට්ර)ම්ප් අග්රාැහි ටාජ් මහල් අසල

“පරිපූර්ණ ගෝලීය උපක්‍රමික හවුල්කාරීත්වය”ක තත්ත්වයට ඔවුන්ගේ සබඳතාව ඉහළ නැංවීමට දෙපාර්ශ්වය ම එකඟ වූහ. ඒකාබද්ධ ප්‍රකාශයේ දී, “ත්‍රස්තවාදී නියෝජිතයන් භාවිතය” කෙරෙහි නායකයන් දෙපළ විසින් විවේචනය කරනු ලැබූ අතර, “සියලු ආකාරයේ හරස් දේශ සීමා ත්‍රස්තවාදය දැඩිව හෙළා දක්වන ලදී.”  “11/26 දින සිදු වූ මුම්බායි සහ පතන්කෝට් ඇතුළු, එවැනි ප්‍රහාරවල අපරාධකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවාලීමට, “පාකිස්ථානය යටතේ ඇති කිසිදු දේශසීමාවක් ත්‍රස්ත ප්‍රහාර සඳහා යොදා නොගන්නා වග තහවුරු කිරීමට” ඔවුහු පාකිස්ථානය කැඳවූහ. “භෞමික අඛණ්ඩතාව, දේශයන් අතර ස්වෛරීත්වය, යහ පාලනය, විනිවිදභාවය සහ වගවීම”සඳහා සම්බන්ධ කළ යුතු අදාළ සබඳතාවයේ වැදගත්කම දෙරට විසින් හඳුනා ගන්නා ලදී.. ඉන්දියාව ආරක්ෂාව මෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ සංවර්ධනාත්මක සහ මානුෂික සහය ලබා දෙන ශුද්ධ සැපයුම්කරුවෙකු ලෙස මෙම ප්‍රකාශයෙන් හඳුනා ගැනේ.   තෙවන රටවල සහයෝගීතාව සඳහා ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරීත්ව පරිපාලනය මෙන්ම, ඉන්දු – පැසිෆික් සබඳතාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් නිවේදනය කර ඇති යූඑස්ඒඩ් අතර නව හවුල්කාරීත්වයක් ඇති කර ගැනීමට දෙපාර්ශ්වය ම එකඟ වූහ. ප්‍රතිසංස්කරණය කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකත්වය සහ න්‍යෂ්ටික සැපයුම්කරුවන්ගේ කණ්ඩායමට ඇතුළත් වීම වෙනුවෙන්, ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාවට දක්වන සහය යළි යළිත් අවධාරණය කරන ලදී. එය අනාගතයේ දී ඇමරිකාව සහ ඉන්දියාව අතර වඩාත් පරිපූර්ණ සබඳතාවක් සඳහා මං සලසා තිබෙන, දෘෂ්ටියෙන් ඉහළ වුවත්, සාරයෙන් ද අනූන වූ සංචාරයක් වූ බැවින්, දෙපාර්ශ්වයට ම සංචාරය දෙස  ආපසු හැරී බලන විට ඉන් තෘප්තිමත් විය හැකිය.

අනිල් වාද්වා

අනිල් වාද්වා ඉතාලිය, පෝලන්තය, ඕමානය සහ තායිලන්තය යන ඉන්දියානු තානාපති ලෙස සේවය කර ඇත. 1979 ජූලි 1 සිට 2017 මැයි 31 දක්වා ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන වාද්වා හොංකොං, බීජිං, ජිනීවා, වෝර්සෝ, මස්කට්, බැංකොක් සහ රෝමයේ ඉන්දියානු දූත මණ්ඩලවල සේවය කර ඇත. ඔහු දැනට නවදිල්ලියේ විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ජ්‍යෙෂ් F සාමාජික සහ පොකුරු නායකයෙකි.
error: Content is protected !!