උරුමය

මෙක්සිකෝවෙහි ගාන්ධිතුමන්ගෙන් බිඳක්

නිකුතුව 06, 2020

මෙක්සිකෝවෙහි ගාන්ධිතුමන්ගෙන් බිඳක්

මාක් බ්‍රවුන් |කර්තෘ

නිකුතුව 06, 2020


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ගුවන් විදුලියෙන් ජාතිය ආමන්ත්‍රණය කළ වරක, මහත්මා ගාන්ධිතුමන්ගේ නිදහස් අරගලයේ සංකේතය සහ ඉන්දියාවේ දේශීය ඇගලුම් වර්ගයක් වන කාදි ව්‍යාප්ත කරනා, මෙක්සිකෝවෙහි දේශීය සපෝටෙක් ප්‍රජාවෙහි කාර්යය වර්ණනා කළේය. මෙම උතුරු ඇමරිකානු දේශයේ රෙදිපිළිවල පුනර්ජීවය පිටුපස සිටින මාර්ක් බ්‍රවුන් නමැති මිනිසා ඔහුගේ ගමන්මඟ පිළිබඳ විස්තර කරන අතර, මහත්මා ගාන්ධිතුමන්ගේ ස්වයං - විශ්වාසයේ දර්ශනය ඉදිරියට ගෙන යාමට තමාව දිරිපත් කළේ කුමක්ද යන්න පහදයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 2014 වර්ෂයේ දී එම ධුරයට පත් වූ දා පටන්, කාදි නම් රෙදිපිළි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙහිලා පෙරමුණ ගෙන ක්‍රියා කොට ඇත. මෙම අතින් වියනු ලබන ඇඟළුම් වර්ගය, ජාත්‍යාලය, ස්වකීයවිශ්වාසය සහ සමානාත්මතාවේ සංකේතයක් ලෙස එය යළි ප්‍රාණවත් කරනු ලැබූ ගාන්ධිතුමන් හා සමාන විය. ඉන්දියානුවන් හට නිදහස් අරගලය අතරතුර දී ස්වකීයවිශ්වාසයෙන් ක්‍රියා කිරීමට සහය දුන් ගාන්ධිතුමන්ගේ මූලාරම්භක කාදි ව්‍යාපාරයෙන් සියවසකට අනතුරුව, මෙක්සිකෝවේ දේශීය සපෝටෙක් ප්‍රජාවන් අතර මෙම ව්‍යාපාරය පුනර්ජීවනයක් ලබමින් සිටී. බොහෝදෙනෙකු නොදන්නා මෙම කාරණය 2020 නොවැම්බර් මස මාන් කී බාත් හිදී ජාතිය ප්‍රමුදිත කළේය. කාදි ඔසාකා ව්‍යාපෘතිය මෙක්සිකෝවෙහි ඉටු කරනා අපූර්ව කාර්යය මෙන්ම, ඒ සියල්ල පිටුපස සිටින මිනිසා වන මාර්ක් බ්‍රවුන් පිළිබඳවත් ඔහු මහා ඉහළින් කතා කළේය.

රෙදිපිළි ඇතුළු මෙක්සිකෝවේ ඔසාකාහි වියනු ලබන කාදි නිෂ්පාදන බොහෝ විට සාම්ප්‍රදායික මෙක්සිකානු රටා සමඟ සරසනු ලැබේ

මෙම අතින් වියනු ලබන රෙදිපිළි එහි නිෂ්පාදකයන් හට ගරුත්වය ප්‍රතිස්ථාපනය කරන, ගොවිපළෙන් ඇඟලුම්හලට යන සදාචාරය පිහිටුවා ඇත්තේ කෙසේද යන්න පිළිබඳ තම චින්තනය මාර්ක් බ්‍රවුන් විශිෂ්ට ලිපියක සඳහන් කොට ඇත. දකුණු මෙක්සිකෝවෙහි ඕසාකා ප්‍රාන්තයේ සැන් සෙබස්තියන් රියෝ හොන්ඩෝ හි සාම්ප්‍රදායික දේශීය සපෝටෙක් ගම්මානයට මූලාරම්භක වශයෙන් සංචාරය කළ තුරුණු, වෘත්තීමය ඉන්ද්‍රජාලිකයෙකු වන, මා ගෙන් මෙම කතාව ඇරඹෙයි. 1974 වර්ෂයේ දී ය. එකල්හි මගේ වයස අවුරුදු 14කි. සැන් සෙබස්තියන් රියෝ හොන්ඩෝ හි මංමාවත්, විදුලිය, පාසල් හෝ නවීන පහසුකම් යනාදිය කිසිවක් නොතිබුණි.  නවීන කාර්මික සංකීර්ණයෙන් බාහිරය පිහිටි ස්වයං යැපුම් ගම්මානයක් සශ්‍රීක වන්නේ කෙලෙස ද යන්න මම දුටිමි. මෙම අත්දැකීම ලෝකය කෙරෙහි මා තුළ වූ දෘෂ්ටිය වෙනස් කළේය; එකමුතුකමින් යුත් ජීවිතයක් සහ සොබාදහමින් තිරසාරාත්මක දිවියක් යනු සිදු කළ හැකි යමක් බව මම වටහා ගත්තෙමි. එය සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ නවමු ස්වරූපයක් විය. වසර කිහිපයකට පසුව, දර්ශනවාදය සහ ආධ්‍යාත්මිකතාව සොයා මම ඉන්දියාවට සංචාරය කළෙමි. එහි දී මම සාම්ප්‍රදායික යෝග සහ වේදාන්ත (උපනිශාද් ධර්මය මත පදනම් වූ හින්දු දර්ශනවාදය, විශේෂයෙන්ම එහි අද්වෛතවාදී ස්වරූපයෙන්) උගතිමි. මා ගාන්ධි නම් වූ චිත්‍රපටය (1982) දුටු විට, මගේ ජීවිතය 1984 දී වෙනස් වුණි. මහත්මා ගාන්ධිතුමන්ගේ ජීවිතය සහ දර්ශනවේදයන්ගෙන් මා කෙතරම් දිරිමත් වූයේ දැයි පවසතොත්, නිහතමානී, නුවණැති සහ බලපෑම් එල්ල කළ හැකි චරිතයක් සතු වූ ගාන්ධියානු ක්‍රියාකාරී පුද්ගලයෙකු වන, ඩිල්කුෂ් දිවාන්ජි හමු වීමට මම ගුජරාටයේ සබ්‍රමතී ආශ්‍රමයට සංචාරය කළෙමි. ඔහු සමඟ දිවි ගෙවමින්, අධ්‍යනන කටයුතු සිදු කරමින් සහ ප්‍රාන්තය මුළුල්ලේ සංචාරයේ යෙදෙමින්, ගාන්ධියානු ආර්ථික විද්‍යාව සෞඛ්‍යදායී ගැමි දිවියකට සහය ලබා දීමට ක්‍රියා කළේ කෙසේද යන්න මම ගවේෂණය කළෙමි. මා මාගේ රෙදිපිළි ද නූල් කටිමින් වියූ අතර, ඒත් සමඟම ඒ පිටුපස ඇති දර්ශනවාදය අවබෝධ කර ගත්තෙමි.

2017 වර්ෂයේ ජූනි 29 වන දින, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අහමදාබාද්හි පිහිටි මහත්මා ගාන්ධිතුමන්ගේ සබර්මතී ආශ්‍රමය කරා පැමිණි ඔහුගේ සංචාරය අතරවාරයේ දී චර්කයක් මත නූල් කටිමින්

1990 වර්ෂයේ යම් කාලයක දී, මම යළි ඔසාකා වෙත පැමිණ, චර්කයක් (නූල් කටින යන්ත්‍රයක්) මිල දී ගත්තෙමි. දේශීය නේවාසියකයන්ට ඒ මත කපු කටින්නේ කෙසේද යන්න ඉගැන්වීමට මම ඇරඹුවෙමි. කාදි සඳහා ඇති දැඩි ඇල්ම සහ ආදරයත් සමඟ, මාගේ බිරිඳ වන කලින්දි අත්තර් හා දේශීය පවුල් සමඟ මම කණ්ඩායම් ගත වුණෙමි. කොයුචි කපු නම් වූ, පූර්ව මෙක්සිකන් බස කතා කරන රටවලට අයත්ව තිබූ සහ ආසන්න වශයෙන් අත් හැර දමා තිබූ මෙම දේශීය භෝගය තිරසාරාත්මකව වගා කිරීමේ ගමන්මඟ අපි එක්ව ඇරඹුවෙමුවර්තමානයේ දී, අපගේ ව්‍යාපෘතිය වන කාදි ඔසාකා සමඟ සැන් සෙබස්තියන් රියෝ හොන්ඩෝ හි සේවය කරන කර්මාන්තකරුවන් 400කට අධික පිරිසක් සිටින අතර, දේශීය වශයෙන් වැඩසටහන කළමනාකරණය කරන පුද්ගලයන් නව දෙනෙකුගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් ද වෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ, රෙදි කටින්නෝ අලංකාර රෙදිපිළි, කොට්ට සහ කුෂන් සඳහා උර/කවර මෙන්ම, රෙදිපිළි කළඹ නිර්මාණය කරති.

කාදි ඔසාකා ව්‍යාපෘතිය සමඟ සම්බන්ධව සිටින රෙදි වියන්නන් සහ කර්මාන්තකරුවන්

මහත්මා ගාන්ධිතුමා ප්‍රබුද්ධ දෘෂ්ටියක් සතු පුද්ගලයෙකු වූයේය. අප වර්තමානයේ මුහුණ දෙන අපගේ වේදනාත්මක ගැටලුවල ප්‍රධාන ප්‍රභවයන් සහ මූලයන්වලින් එකක් වන, පෘථිවි මාතාව නොසලකා හැරීම කරා අප යළි අවධානය යොමු කළ යුතු බව ප්‍රත්‍යක්ෂය. අප අපගේ අනාගත පරම්පරාවන්ට ප්‍රචණ්ඩ වීමකින් තොරව, ඇය වෙත ප්‍රචණ්ඩකාරීත්වයක් දැක්වීමට අපට නොහැකිය. අප අපගේ දරුවන් රැකබලා ගන්නාක් මෙන් අපගේ ග්‍රහලෝකය ද රැක බලා ගැනීම යළි සිදු කළ යුතුමය. අපගේ ගම්මාන සහ ඉදිරියට පැමිණෙන්නට සිටින අපගේ පරම්පරා උදෙසා අනාගතයක් තිබෙන ජීවන මාර්ගයක ඉදිරිමඟ කාදි කර්මාන්තය අපට පෙන්වයි. අපගේ විධික්‍රම තුළ ජීවත්වීම පිළිබඳ එය කතාබහ කරයි. විචිත්‍රවත්, පරිපූර්ණ සහ තිරසාරාත්මක ජීවන මඟකයට සහය දක්වන, සැබෑ සහ යහපත් දෑ භාවිත කරමින් අපගේ පුරාණ මුතුන් මිත්තන් හට අපි ගෞරව කරමු. අපට එක් වී වෙනස සිදු කළ හැකියි.

මාක් බ්‍රවුන්

මාක් බ්‍රවුන් යනු ඔසාකා නම් වන මෙක්සිකානු ජනපදයෙහි ඉන්දීය උරුමය වන කාදි රෙදිපිළි වර්ගය යළි පණගැන්වූ ව්‍යවසායකයෙකි. ඔහු මෙම කර්මාන්තයෙහි නිෂ්පාදකයන්ගේ ගෞරවය ප්‍රතිස්ථාපනය කරන, ගොවිපළෙන් ඇඟලුම්හලට යන සදාචාරය පිහිටුවා ඇති අතර, එමෙන්ම, දේශීය මෙක්සිකානු කොයුචි කපු වගාව ප්‍රවර්ධනය කරයි
error: Content is protected !!