වර්ණවත් සමෘද්ධිය
ඉන්දීය දින දර්ශනයේ දීප්තිමත්ම උත්සව අතරින් එකක් වන හෝලි උත්සවය රට පුරා විවිධ ආකාරයෙන් සමරනු ලැබේ. දේශය පුරා පවත්වන මෙම උත්සවයේ ක්ෂණික දසුන් සහ මෙම උත්සව අවස්ථාව අතරතුර අනුගමනය කරන සම්ප්‍රදායයන් ඇතුළු විශේෂාංග අපි ගෙන එන්නෙමු
හෝලි (2021, මැයි 29) රට පුරා සමරනු ලබන අතර, උත්සවශ්‍රීය සමඟ එක් වීමට විදේශීය ජාතිකයන් හට ඇරයුම් කෙරේ. මෙහිදී, ජාත්‍යන්තර සංචාරකයෙකු රාජස්තානයේ පුෂ්කාර්හි දී සම්ප්‍රදායික රාජස්තානි ඇඳුමෙන් පැළඳුමෙන් සැරසී සිටින මිනිසෙකුට ජාත්‍යන්තර සංචාරකයෙකු වර්ණ ගන්වයි.

හෝලි බටහිර බෙංගාලයේ දී ඩොල් ජාට්‍රා නමින් හැඳින්වේ. මෙම ප්‍රාන්තයේ පවත්වන මෙම උත්සවයේ වඩාත් අද්විතීය අනුරූප අතරින් එකක් සන්තිනිකේතන් හි දී දැක බලා ගත හැකි වන අතර, එය බොසොන්ටො උට්සොබ් ලෙස හැඳින්වේ. නොබෙල් ත්‍යාගලාභී රබින්ද්‍රනාත් තාගෝර් ඔහු විසින් පිහිටුවන ලද විශ්ව විද්‍යාලයක ආරම්භ කරන ලද සම්ප්‍රදායක් වන මෙය, සම්ප්‍රදායික ඇඳුම්, සංස්කෘතික අවස්ථා සහ රොන් කේලා නම් පාට කුඩුවලින් කෙළි සෙල්ලම් කිරීමකින් මෙම හෝලි යන්න සමන්විත වේ.

: රාජස්තානයේ නගරයක බීවෝ හි වර්ණ ගන්වන ලද ජලයේ ඇඳුම් ගිල්වා ගෙන සිටින කතුන් කෙළිලොල් ආකාරයෙන් පිරිමින් හට පහර දෙන අයුරු.මෙම ප්‍රාන්තයේ මෙම ප්‍රදේශයේ ක්‍රීඩා කරන මෙම උත්සව ස්වරූපයේ දී හට ගන්නා සරදම්සහගත සටන නෑනලා සහ මස්සිනාලා අතර හට ගනී.

රටේ බොහෝ ප්‍රදේශවල හෝලි උත්සවයට පෙර දින රාත්‍රියේ හෝලිකා දහාන් සැමරුමේ දී ගින්නට හසු නොවන වරප්‍රසාදයකින් ආශිර්වාද ලත් යැයි සැලකෙන ඉන්දීය පුරාකථාගත චරිතයක් වන, හෝලිකා දේව ප්‍රතිමාව දර සෑයක දැවීමෙන්, හෝලි උත්සවය සනිටුහන් කෙරේ. පුරාවෘතයකට අනුව, හෝලිකාගේ සහෝදරයා වන හිරන්‍යකාශ්‍යප්ට (යක්ෂ රජෙකු) ඔහුගේ පුත්‍රයා වන ප්‍රහ්ලාද් ඔහුට නමස්කාර කිරීම අවශ්‍ය විය. එනමුත්, මෙම තරුණ පුත්‍රයා විෂ්ණු දෙවිඳුන්ගේ බැතිමතෙකු විය. හිරන්‍යකාශ්‍යප ප්‍රාහ්ලාද් ව බිලිපූජා කිරීමට හෝලිකා සමඟ කුමන්ත්‍රණ කළ නමුත්, ප්‍රාහ්ලාද්ගේ බලවත් ඇදහීම ඔහුව ඉන් රැක ගත් අතර, කෘරත්වයට වන්දි ගෙවමින් හෝලිකා හට ගින්නෙන් පිළිස්සී මිය යන්නට විය. එබැවින්, හෝලිකා දහාන් ද අයහපත මතින් යහපතෙහි ජයග්‍රහණය සංකේතවත් කරයි.

බිහාරයේ පගුවා නැතහොත් පග්වාශ් නමින් හැඳින්වෙන සම්ප්‍රදායක් හෝලි උත්සව කාලයේ දී අනුගමනය කෙරේ. එය ජන සංගීතයෙන් හා නැටුමෙන් විදහා දැක්වේ. පැට්නා කාන්තා විද්‍යාලයෙහි හෝලි උත්සව අවස්ථාවක දී දස්කම් දක්වන සිසුවියන් මෙහි දැකිය හැකිය.

විදේශ ජාතිකයෝ උත්තරාකන්ද් රිෂිකේෂ්හි හෝලි උත්සවයේ ජීවයෙහි මනස්කාන්තව කුල්මත්ව සිටින අයුරු. මෙම ප්‍රාන්තයේ දී හෝලි උත්සවය විවිධ සම්ප්‍රදායයන් ඔස්සේ සමරනු ලැබේ. ඒවායෙන් එකක් වන්නේ පිරිමි පුද්ගලයන් බිම හිඳ ගෙන, මෙම ඍතුව සහ උත්සවය පිළිබඳ ගී ගයන, භයිතිකි හෝලි යන උත්සව සම්ප්‍රදායයි.
