හවුල්කාඟත්වය

නව සාමාන්යචයක් යන සන්නාමය

නිකුතුව 03, 2020

නව සාමාන්යචයක් යන සන්නාමය

ආක්ශාත් ජායින් |කර්තෘ

නිකුතුව 03, 2020


නව කොරෝනා වෛරස ගෝලීය වසංගත තත්ත්වය හමුවේ, දේශය තුළ සහ ඉන් පිටත ඩිජිටල් සමුළුවල පෙරමුණ ගත් රාජ්යෝය බවට ඉන්දියාව පත්ව තිබේ. අගමැති නරේන්ද්රජ මෝඩිගේ නායකත්වය යටතේ, අහිතකර තත්ත්වය අවස්ථාවකට පෙරළමින්, ඉන්දියාව විසින් මිනිසුන් වෙත ළඟා වීමේ නව ක්රඩමවේදයට අනුවර්තනය වෙමින්, එහි නායකත්වය ගෙන ක්රිවයා කරමින් සිටී.

අප අවට ලෝකය ඉතා වේගයෙන් වෙනස් වීමත් සමඟ, රාජ්‍යතාන්ත්‍රිකත්වය එහි ඉහළතම කෙළවරෙහි දී මෙන්ම, එය සිදු කළ යුතු ආකාරයෙන් පවා පරිණාමය වෙමින් පවතී. නව කොරෝනා (කොවිඩ් – 19) වසංගතය හා සටන් කිරීමට රටවල් විසින් ක්‍රියාත්මක කොට ඇති දේශයන් වසා දැමීම සහ කාල තීරයන් නොතකමින්, සෑම මිනිත්තුවකදීම ලොව වටා සිදුවීම් දිග හැරෙන අතර, තොරතුරු ගලා යාම අඛණ්ඩව සිදු වේ. විශේෂයෙන්ම මෙවැනි අසීරු කාල අතරතුර, ගෝලීය රාජ්‍යතාන්ත්‍රිකත්වයේ යුහුසුලු, සඵලදායී සහ තිරසාරාත්මක සන්නිවේදන නාලිකා ලෝකය තුළ තහවුරු කිරීම වඩාත් වැදගත් කරුණක් බවට පත් වේ.ලොව පුරා රටවල් වසා දැමීමේ තත්ත්වයන් යටතේ අඛණ්ඩව සිටිමින්, සමාජ දුරස්ථභාවය තබා ගැනීම නව නීතිය බවට පත් වෙමින් තිබෙන කලක, රාජ්‍යතාන්ත්‍රික සංචාරයන් පවා අඩපණ වී ඇත. වසංගතයේ පෙර නොදුටු විරූ ව්‍යාප්තියට සඵලදායී ගෝලීය ප්‍රතිචාරයක් ක්‍රියාත්මක කරවීම සඳහා, විශේෂයෙන්ම මෙම තත්ත්වය මඟින් ලෝක නායකයන් අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක් කඩිනමින් ඉල්ලා සිටින බැවින්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ අනුග්‍රහය යටතේ, රාජ්‍යතාන්ත්‍රික නියමිත කටයුතු මාර්ගගත කරමින් පවත්වා ගෙන යාම සහ දේශයන් සහ නායකයන් වෙත ඒ ඔස්සේ සම්බන්ධ වීම තුළින්, ඉන්දියාව විසින් මෙම අහිතකර තත්ත්වය අවස්ථාවක් බවට පෙරළමින් සිටියි.

ප්‍රායෝගික රාජ්‍යතාන්ත්‍රිකත්වය, සැබෑ ප්‍රතිඵල

පසුගිය මාස දෙක තුළ දී, එම අසීරු කාලයේ දී ඉන්දීය රජය විසින් ප්‍රායෝගික වූ ද මාර්ගගත සම්මන්ත්‍රණ සහ සමුළු ගණනාවක් මෙහෙයවා ඇති අතර, ඒවායෙහි කොටස්කරුවෙකු ද වූයේය. කොරෝනා වෛරස අර්බුදය හා සටන් වැදීමේ දී සහ සාක් (කලාපීය සහයෝගීතාව සඳහා දකුණු ආසියාතික සංගමය) සාමාජික රටවල් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට මහත් සේ උනන්දු කරවීමට අවශ්‍ය එම සහයෝගීතාව ගවේෂණය කිරීම සඳහා වීඩියෝ සම්මන්ත්‍රණ ඔස්සේ දකුණු ආසියාතික නායකයන් එකිනෙකා හමුවට ගෙන ඒමේ දී ඉන්දියාව පෙරමුණ ගෙන ක්‍රියා කළේය. නව දිල්ලිය ද මාර්තු 26 වන දින කැඳවන ලද ජී 20 වීඩියෝ හමුවක් සඳහා මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ය. එතැන් පටන්, යූ එන් එස් සී, යුරෝපානු සංගමය සහ නේටෝ සංවිධානය යන සියල්ල වීඩියෝ සම්මන්ත්‍රණවලට අනුවර්තනය වී, ඒවා ඔස්සේ සම්බන්ධ වී ඇත.

විවිධ රටවල්වල ඉහළ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් වීඩියෝ සම්මන්ත්ර ණය ඔස්සේ ඔවුන්ගේ අක්තපත්ර ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් වෙත ඉදිරිපත් කරමින්

මැයි 4වන දින, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ – ජෙනරාල් සහ එක්සත් ජාතීන්ගේ සභාපති ඇතුළු වෙනත් ප්‍රාන්ත සහ රාජ්‍යයන් 30ක ප්‍රධානීන් සමඟ, නොබැඳි බලවේගයේ මාර්ගගත සමුළුවට අගමැති මෝඩි සහභාගී වූයේය. අගමැති මෝඩි 2014 වර්ෂයේ දී එම ධූරයේ වැඩ බාර ගත් පසු, ඔහු සමූහයට ඇමතූ ප්‍රථම අවස්ථාවේ දී, කොවිඩ් – 19 ගෝලීය වසංගතයට එරෙහිව එක්සත් පෙරමුණක් පිහිටුවීමේ අවශ්‍යතාව මෙන්ම, ආවරණශීලී ගෝලීය ගිවිසුම් අරමුණු කර ගත් ප්‍රතිසංස්කරණවල වැදගත්කම පුනා පුනා පැවසුවේය. ජුනි 4වන දින, අගමැති මෝඩි ඔහුගේ ඉතිහාසයේ ප්‍රථම වරට ද්විපාර්ශ්වික “මාර්ගගත වූ ප්‍රායෝගික සමුළුවක්” පැවැත් වූ අතර, එහි දී එම වීඩියෝ සම්මන්ත්‍රණය ඔස්සේ ඔහුගේ ඕස්ට්‍රේලියානු සගයා වන ස්කොට් මොරිසන් හමු වූයේය. එමෙන්ම, එය පසු ගිය මාස දහ අටක කාලයක් තුළ ඔවුන් දෙපළ අතර පවත්වන ලද සිව්වන හමුව විය. දෙරට අතර ඉහළ නංවන ලද සමුද්‍රාශිත ආරක්ෂාව සඳහා කටයුතු පිළියෙල කිරීම, හමුවේ තවත් වැදගත් පැතිකඩක් විය.  කලාපයේ එකමුතුකම සහ සශ්‍රීකත්වය තහවුරු කිරීම සඳහා ඉන්දියාවට තිබෙන වර්ධනය වෙමින් පවතින කාර්යභාරය පිළිගනිමින්, ලෝක ව්‍යාප්ත වශයෙන් අවධාරණය කිරීමේ කාරණයක් ලෙස ඉන්දු – පැසිෆික් කලාපයේ සුරක්ෂිතභාවයේ වැදගත්කම අගමැති මොරිසන් හමුවේ අගමැති මෝඩි විසින් අවධාරණය කරන ලදී.

බෙංගලාරුහි රජීව් ගාන්ධි සෞඛ්යන විද්යා- විශ්වවිද්යායලයේ 25වන නිර්මාතෘ දිනය ප්රාේයෝගීක ලෙස විද්යුආත් මාර්ගගතව අමතන, ඉන්දීය අග්රායමාත්යෙ නරේන්ද්රර මෝඩි

අගමැතිවරයා පමණක් නොව, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශන්කර් ද බ්‍රික්ස් සඳහා මාර්ගගත විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකට මෙන්ම, වීඩියෝ සම්මන්ත්‍රණයක් ඔස්සේ එස් සී ඕ (ශැන්හයි සයෝගීතා සංවිධානය) විදෙස් අමාත්‍යවරුන්ගේ මාර්ගගත හා ප්‍රායෝගික හමුවකට ද සහභාගී වූයේය. උසස් මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට අමතරව, ලොව පුරා ඉන්දීය මෙහෙයුම් සමඟ සන්නිවේදනය කිරීම ද ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සිදු කෙරේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෑතක දී විවිධ කලාප සහ උපකලාපවල ඉන්දීය තානාපතිවරුන් සමඟ නිතිපතා සම්බන්ධ වී කටයුතු සිදු කරමින් සිට ඇත. 2020, අප්‍රේල් 23, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශන්කර් “කොරෝනා යුගයේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ වෙනස්වන ලෝකය” යැයි තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවේය. ඔහු විදේශයන්හි සිටින ඉන්දීය තානාපතිවරුන් සමඟ මෙන්ම, ලෝක ගෝලය මුළුල්ලේ සිටින වෙනත් විදේශ අමාත්‍යවරුන් සමඟ ඔහු නිතිපතා පවත්වනු ලබන මාර්ගගත සංවාද පිළිබඳ මතක් කරමින්, ශක්තිමත් මිතුදම් විද්‍යුත් මාර්ගගතව පවා දියුණු වනවා”, යයි ඔහු එම සටහනට එක් කොට තිබුණේ ය. විදෙස් කටයුතු අමාත්‍යවරයා විවිධ රටවල සිටින ඔහුගේ සඟයන් සමඟ ද විස්තරාත්මක මාර්ගගත හා ප්‍රායෝගික සාකච්ඡා පවත්වා තිබුණේය. ඔහු මෑතක දී ඔහුගේ දකුණු ආසියාතික සඟයා වන කන් ක්යුන් – වා සහ එක්සත් රාජධානියේ විදෙස් ඇමති, ඩොමිනික් රාබ් සමඟ ද සාකච්ඡා පැවැත් වූයේය.

ඩිජිටල් යුගය

ඉන්දියාව ව්‍යාපාර සිදු කිරීම තාත්ත්වික නොවූව ද, ප්‍රායෝගික අවකාශය වෙත ගෙන යාමත් සමඟ, නිල රාජ්‍ය ආණ්ඩු සහ රාජ්‍ය අංශයේ ගණුදෙනු සලකා බැලීමේ දී පමණක් නොව, පෞද්ගලික පුරවැසියන් සඳහා ද ඉන්දීය රජය විසින් ශක්තිමත් සයිබර් ආරක්ෂණ පියවර ගනු ලබමින් සිටී.  ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් සම්මත මෙහෙයුම් පරිචයන් මෙන්ම, දත්ත සුරක්ෂිතතාවේ අභියෝග පිළිබඳව සහ විවිධ සම්මන්ත්‍රණ ජංගම යෙදවුම් භාවිත කරන පුරවැසියන් සඳහා විස්තරාත්මක උපදෙස් සකස් කොට ඇත.

වමේ සිට දකුණට: කොරියානු ජනරජයේ විදේශ කටයුතු අමාත්යඉ, කන්ග්, ක්යුන්ග් – වා සමඟ ප්රාවයෝගික හමුවක් පවත්වන ඉන්දීය විදේශ කටයුුතු අමාත්යි ආචාර්ය එස්. ජයිශන්කර් සහ ලේකම් (නැගෙනහිර) විජේ තකූර් සින්ග් (දකුණ)

මෙම ඉක්මනින් වෙනස්වීමට ලක් වන වත්මන් තත්ත්වයේ දී, ජාත්‍යන්තර මාර්ගගත වූ ද ප්‍රායෝගික සමුළු සහ සම්මන්ත්‍රණ මඟින් රටවල් අතර සන්නිවේදන හිඬැස සාර්ථක ලෙස පුරවා ඇත.පෙර නොවූ විරූ අභියෝගයක් වන කොවිඩ් – 19 වසංගතය සමඟ ලොව වටා පිහිටි දේශයන් පොරබදන අතරතුර, අඛණ්ඩව පවතින ලෝක ව්‍යාප්ත සංචාරක සීමා කිරීම් ද සමඟ, රාජ්‍යතාන්ත්‍රිකත්වය විශාල වශයෙන් ප්‍රායෝගික හා මාර්ගගත ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය වනු ඇති අතර, මෙය රාජ්‍යතාන්ත්‍රිකත්වය ඉදිරියට ගෙන යාමේ නව ක්‍රමවේදය බවට පත් වනු ඇත.

ආක්ශාත් ජායින්

ආක්ශාත් ජායින් යනු දිල්ලියෙහි ලේඛකයෙකු, තීරුලිපි රචකයෙකු, බ්ලොග් රචකයෙකු සහ පර්යේෂණ විද්වතෙකු වේ. විවිධ අදහස් සහ ප්රිභේද පිළිබඳව ඔහු විසින් ග්රලන්ථ, ලිපි ගණනාවක් සහ තොරතුරු වාර්තා සහ යෝජනා රචනා කොට ඇත. ඔහු වඩාත් මෑතක දී නිර්මාණය කළ ග්රවන්ථය වන ‘මයි ඉලූෂන් ඔන් මයි මිස්ටේක්’ (මගේ අත්වැරැද්ද පිළිබඳ මගේ මුළාව) යන්න පුලුවම ප්රොහාරයේ පවුල් හතළිහ සඳහා පුද කොට ඇත
error: Content is protected !!